අති ප්‍රබල වශී ගුරුකම්…!

අති ප්‍රබල වශී ගුරුකම්…!
xxxxගොඩ පරම්පරාවෙන් උගත් අති ප්‍රබල වශී ගුරුකම්,
දරු ඵල අහිමි අයට, විවාහ ප්‍රමාද වීම සඳහා ප්‍රතිකාර..
ජාත්‍යන්තර කීර්තියට පත් xxxxගොඩ හාමුදුරුවෝ…

ටීවී බලන, පත්තර කියවන අයට මේ වගේ සිවුර පොරවා ගත් චීවරධාරීන් පිරිසකගේ වශී ගුරුකම් නාඩගම අලුත් දෙයක් නෙවෙයි. නිකමට වාගේ පසුගිය ඉරිදා ලංකාදීපය [ 2011 මැයි 29 ]  පෙරලා බැලුවෙමි. බඩු ලොට් එකක්ම ඇත.

පහතින් එල්ලලා තියෙන්නේ ඒවාය. ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පතක පලවූ දැන්වීම්ක් නිසා නම් ගම් කැපීම අන්වශ්‍යයි කියා හිතමි.

මේ  චීවරයට මුවාවී හොරකම් කරන, බොරුවෙන් ලෝකය මුලා කරන එක කට්ටියක් විතරය. ඉස්සරද මේ වාගේ උත්තමයෝ වැඩ උන් බව මතකය.

 කාලයක් එක උන්නාන්සේ කෙනෙක් රජ රට වැව් වල වතුර ඔක්කෝම පිරිත් වතුර කරගෙන යන ගමන් අපි උන්නු ප්‍රදේශයටද වැඩම කර ඒ වෙලාවේ ප්‍රාදේශීය සබාවෙන් ගෙන්නා ගත් වතුර බවුසරයක් ද පිරිත් කර මහා ප්‍රාතිහාර්‍යයක් කළ සේක. දැන් උන්නාන්සේ පේන්න වත් නැත්තේ මුහුඳු වතුර පිරිත් කරන්නට සෙට් වෙලා විය යුතුය.

දැන් ඉස්සර වගේ මිනිස්සු පන්සල් වලට දානේ ගෙනත් දෙන්නේ නැති නිසා, බඩට මොනවා හරි දා ගැනීමේ චේතනාවෙන් පින්වතුන්ට පොඩි පහේ වංඥාවක් කලාට පවු සිද්ද වෙන්නේ නෑ කියලයි මේ උන්නාන්සේලා හිතං ඉන්නේ. ඇයි බුදු බණෙත් ඒකනේ කියලා තියෙන්නේ…

“චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි”  – “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි යි”

චේතනාව: කුසගින්නට දානය ටිකක් සපයා ගැනීම… 

කාලා වරෙන්කෝ…  ඉතිං කොහොමද ඒක පවක් වෙන්නේ?

ඇරත් උන්නාන්සේලා කොහෙද වංඥාවක් කරන්නේ.. කරන්නේ සේවයක් නොවැ. නිකම්ම නිකම් සේවයක් ද? පොඩි වශී ගුරුකමක් කරලා, දරු පල නැති අයට දරු පල ලබාදීලා කරන මහා සමාජ සේවාව.. ඔයින් එක දරුවෙක් හරි සාසනේට බාර උනොත් එහෙම!  සුලු පටු සේවාවක්ද ඒක…?

අනේ අම්මපා මේ වශී කරන උන්නාන්සේලාට බැරි උනානේ අපේ මහ රජතුමාව වශී කරවලා ගන්න. එහෙම කොරා නං එක වශී ගුරුකමින් මහා පංසලක් හදාගෙන ඉන්න තිබ්බා ෂපාන් එකේ බණක් බාවනාවක් කර ගෙන. රජතුමාවයි පොන්සේකා තුමාවයි වශී ගුරුකමක් කරලා එක්කාසූ කරනවා.. එතකොට බල අරගල ඉවරයි.

එහෙමත් නැත්නං අර ඒරොප්පෙට වෙලා අපට හූනියම් කරන බන් කී මූනා ව පොඩ්ඩක් වශී කරා නම්, අඩුම තරමේ ජාතික සේවාවක් විදියට? එහෙනම් දරුස්මාන් කාරයත් ලියන්නේ වෙන මොකුත් නෙවේ” ශ්‍රී ලංකා ටුවරිසම් ගයිඩ්” එකක්.

මොනවා නැතත් කමක් නෑ….  රනිල් මහත්තයාවයි සජී තුමාවයි පොඩ්ඩක් වශී ගුරුකමක්වත් කරලා එක්කාසූ කරලා දුන්නා නම් වල්මත් වෙලා ඉන්න යූ ඇන් පී කාරයන් අනුමෝදනා කරන පින් ටිකම ඇති මේ උන්නාන්සේලාට අරහත් මාර්ගඵලය ලබන්ඩ.

පස්සේ පුලුවන් සහනදායී ක්‍රමයට කියුබාවයි අමෙරිකාවයි වශී කරන්න UN එකට ප්‍රපෝසල් එකක් බාර දෙන්න.

 ඒ වගේ කොන්තරාත්තු නම් කීයක් කරන්න පුලුවන්ද අම්මපා..

මේ හාම්දුරුවන්ටත් මොලේ නැති හැටි…. අර ගමේ ඉන්න සිරිපාලට සිරියාවතී වශී කරලා දෙනවා වෙනුවට ඔබාමාවයි ගඩාෆිවයි වශී කරලා අන්තර්ජාතික වැඩක් කරා නම් විදේශ විනිමය උපයන්න තිබ්බා සට පට ගාලා… දියුණුව කාටද? අපේ රටටනේ දෙයියනේ.

ඔය ටික කරලා හමාර කරා නං.. අන්න ආශ්චර්‍යයට මූලික අඩිතාලම!

 දැං අපිට තේරෙනවා ආශ්චර්‍යය අත ළඟම තියෙද්දි ඒක නොවෙන්න ඇයි කියන එක… වැරැද්ද අතිපූජ්‍ය මහානායක හිමිවරුන්ගේ ය.

මං හිතන්නේ අපේ අතිපූජ්‍ය මහානායක හිමිවරුන් ඉරිදා ලංකාදීපය බලන්නේ නැතුව ඇති. එහෙම උනා නම් මේ උන්නාන්සේලාගේ හැකියාව දැකලා සංඝ ආඥාවක් නිකුත් කරනවා අර උඩින් කිව්ව වශී ගුරුකම් ටික වහාම කරන්නඩ කියාලා කාරිය.

අපේ අවාසනාව… මේක අපි ලබා උපන් හැටි තමයි. කර්මය වෙනස් කරන්න කාටවත් බෑ නොවැ.

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා… බුදු හාමුදුරුවනේ…!

11 Responses to අති ප්‍රබල වශී ගුරුකම්…!

  1. පත්තර තව හොඳයි ! ස්වර්ණවාහිනියේ නිවුස් යනවෙලාවේ, ස්ක්‍රීන් එක පල්ලහයින් යන වෙළඳ දැන්වීම් දැක්කහම ඇත්තටම ලංකාවේ තවත් මෙහෙම මෝඩ මිනිස්සු ඉන්නවද කියල හිතෙනවා.
    වශී ගුරුකම්,
    විභාග ඉතා ඉහළින සමත්කර දීම්
    නැතිවුවන් නැවත ගෙන්වදීම්,
    දරුපල නොමත්තන්ට , දරුපල ලබාදීම,
    විමතියට කරුණ මේවට බහුතරයක් සම්භන්ද වී තියෙන්නේ, පුජ්‍ය පක්ෂය වීමයි

  2. //අනේ අම්මපා මේ වශී කරන උන්නාන්සේලාට බැරි උනානේ අපේ මහ රජතුමාව වශී කරවලා ගන්න. එහෙම කොරා නං එක වශී ගුරුකමින් මහා පංසලක් හදාගෙන ඉන්න තිබ්බා ෂපාන් එකේ බණක් බාවනාවක් කර ගෙන. රජතුමාවයි පොන්සේකා තුමාවයි වශී ගුරුකමක් කරලා එක්කාසූ කරනවා.. එතකොට බල අරගල ඉවරයි.//
    හි හි හි

  3. මම දැකලා තියනවා ඔය රුවන්වැල්ලෙ ඉන්න ප්‍රසිද්ධ ගනින්නාන්සේගේ නිලියෙකුත් එක්කම වසන තුන්මහල් ප්‍රාසාදය.අප්පේ කී දාහක් ගොන් හැත්තගේ අමාරුවෙන් හොයාගත්තු සල්ලි කොල්ලකාගෙනද හදල තියෙන්නේ.දීපල්ලකො කහනවනම් ඔය සල්ලි මහරගම ඉස්පිරිතාලෙටවත්.කොහෙද ඉතින්.

  4. චීවරයට වදිනවා කියලා හිතාෙගනවත් වදින්න ඒකවත් හරියට ෙපාරවන්ෙන නැහැෙන.
    ෙකාෙහාම උනත් අප ෙලාව්තුරා අමා මෑණියන් වහන්ෙස් කියලා තිෙයන ෙද්වල් අපිට වඩා දන්ෙන් ඒ උත්තමයින් ඒත් ලංකර ගන්න ඒපා කියලා බුදුන් වහන්ෙස් ෙද්ශනා කල ෙද්වල් ලං කරගන්ෙන් ඒයාලමෙන්………….. ෙම්කට blog ඒකක් ෙනෙම් මහා වංශය ලියන්න පුලුවන්‍‍‍‍‍………….

  5. කාසව කණ්ඨකයින් බිහිවෙන කාලේ වැඩි ඈතක නෙමෙයි වගේ

  6. Pingback: සිවුර පොරෝගෙන ඉන්න මේ වගේ වලත්තයින්ට හෙනම ගහපිය. | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )