ඛාන් ත්‍රස්තවාදියෙක් වීම


මේ ළඟදි මමත් ” My Name is Khan” චිත්‍රපටිය බැලුවා. ඛාන් යන මුස්ලිම් නම නිසා ත්‍රස්තවාදියෙක් ලෙසට හංවඩුගැහුන අහිංසක මිනිහෙක් ගැන කියවෙන කතාවක් තමයි ඒකෙ තියෙන්නෙ.

සියළුම මුස්ලිම්වරු ත්‍රස්තවාදීන්ද? සියළුම දමිලයින් ත්‍රස්තවාදීන් නොවන වග දන්න අමෙරිකාවට සියළුම මුස්ලිම්වරු ත්‍රස්තවාදීන් විදියට පෙනෙන්නෙ කුමක් නිසාද? මේ වර්ගබේදවාදය ද? නැත්නම් ත්‍රස්තවාදයද?

සියළුම මුස්ලිම්වරු ත්‍රස්තවාදීන්ද? නැත. නමුත් මුස්ලිම්වරුන්ගෙන් සමන්විත ත්‍රස්තවාදී සංවිධාන බොහොමයක් ලොව තිබෙන බව ඇත්තකි. එය එසේ වුවත් ඒ අගය ලොව මුස්ලිම් ජනගහනයෙන් ඉතා අඩු පිරිසකි. නමුත් එම ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය නිසා පාඩුව ව්ඳින්නේ තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක මුස්ලිම් මිනිසුන්ය. මේ තත්වය අපි ලංකාවේ තිබ්බ තත්වය එක්ක සසඳලා බලමු.

දෙමළ කොටි සංවිධානය ත්‍රස්තවාදීන්ය. ඒ ගැන විවාද අවශ්‍යනැත. නමුත් සියළුම දමිළයෝ ත්‍රස්තවාදීන් නොවෙති. ඒක එහෙම බව ලංකාවෙ අපි හොඳටම දැනගෙන හිටියත්, ඒ දවස් වල අපි ඔක්කොම දෙනා අපිත් එක්ක බස් එකේ යන දමිළ අයෙක් දෙස බැලුවෙ පොඩි සැකයකින්. දමිළකෙනෙක්ට ගෙදරක නවතින්න දුන්නෙ නැතිම තරම්. ඒ සියල්ල අපි කරේ සියළුම දමිළයෝ ත්‍රස්තවාදීන් නොවන වග හොඳටම දැනගෙන. නමුත් ප්‍රශ්නය තිබ්බෙ දමිළජාතිකයන් අතරින් කිසිම කෙනෙක් කොටින් විසින් කරන ලද ත්‍රස්තවාදයට විරුද්ධව කතා නොකිරීම. එහෙම කවුරුත් එයට විරුද්ධව හඬක් නගපු නැති නිසා හැම දමිළ පුද්ගලයෙක් දිහාම සැකසහිත ඇසින් බලන්න ලංකාවෙ මිනිස්සු පුරුදුවුනා.

මේ තත්වය ඒ අයුරින්ම මුස්ලිම්වරුන්ගෙ දැනට ඇතිවෙල තියෙන ප්‍රශ්නයට බලපානවා. සියළුම මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් නොවන බවකියන්න කවුරුත් උනන්දු වෙන්නෙ නැහැ. මුස්ලිම් සංවිධාන කිහිපයක් විසින් කරන ත්‍රස්තවාදී ක්‍රියා හෙලාදකින්න, එයට විරුද්ධව කතාකරන්න කිසිම මුස්ලිම් රටක් ඉදිරිපත්වෙන්නෙ නැහැ. මේක මම නම් දකින්නෙ ලොකු අඩුපාඩුවක් විදියට. අමෙරිකානු ජනමාධ්‍ය මගින් මේ තත්වය ඉතා හොඳින් ප්‍රයෝජනයට අරන් තියෙනවා ඔවුන්ගෙ මතවාදය ලෝකෙට පතුරවන්න. හෙට අනිද්දා අමෙරිකාව ගිහින් තවත් මුස්ලිම් රටක් එක්ක යුද්දකරොත් අපිට හිතෙන්නෙ නැතිවෙයි ඒක වැරදියි කියලා.

කොහොම නමුත් මට නම් හිතෙන විදියට මේකට බටහිර ජනමාධ්‍යත් ගොඩක් වගකියන්න ඕන කියල. ඒ සියලුම ජනමාධ්‍ය නිවුස් එක ලියනකොට ලියන්නෙ ” මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් අරක පුපුරවති” කියලා. මෙතන මුස්ලිම් කියන වචනය දාන්න ඔවුන් අමතක කරන්නෙම නැහැ. ලංකාවෙ ප්‍රශ්නෙදිත් අපි දැක්කා බටහිර මාධ්‍ය කතා කරපුහැටි.

ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන්ය. මුස්ලිම් ත්‍රස්තවාදීන් හෝ දෙමළ ත්‍රස්තවාදීන් කියා කවුරුත් නැත. නමින් ඛාන් වූ පමණින් අයෙක් ත්‍රස්තවාදියෙක් වන්නේ නැත.

කෙනෙක් ජන්මයෙන් හෝ ආගමින් වසලයෙක් වන්නේ නැත. වසලයෙක් වන්නේ ක්‍රියාවෙන් පමණි.

Advertisements

2 responses to “ඛාන් ත්‍රස්තවාදියෙක් වීම

  1. machan kiyana eka kathai machan galapen ne wage.Dapan hoda sinhala wachanayak galapenna.wage eth eka common.hoda wachanayak dapan
    ube skype id eka ewapan ban man gawa ne!

  2. මාද ඵය පිළිගන්නෙමි… වසලයෙක් වන්නේ ක්‍රියාවෙන් පමණි….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )