කාන්තාරෙට වැසි…


මම ඉන්නෙ කාන්තාරෙ…ශීත කාලේ ඉවර වෙලා කියල අපිට කියන්නද කොහෙද අද කාන්තාරෙට හොදටම වැස්සා. අද කාලෙ බසින් කියනව නම් මේ වගේ රටක ඉන්නකොට වහිනව දැක්කම මාර කික් එකක් එන්නෙ. ලංකාවේ අපිට වැස්ස ලොකු දෙයක් නොවුනට කොහොම හරි වැස්ස අපේ හිත් වලට, ජීවිතයට පුදුම විදියට සම්බන්ධ වෙලා. ලංකාවේ ඉද්දි නිතරම වැටෙන වැස්ස මෙහෙදි දැක්කම නිකන්ම හිතෙන්නෙ ලංකාවෙ ඉන්නව වගේ කියල.
ඒවුනාට දැන් වැස්ස නිසා මඩ වෙලා තියෙන කාර් එක හෝදන්න වෙනවා කියනකොට හොඳටම කම්මැලි හිතෙනවා. 😀 වැස්සෙ නැත්නම් කියල හිතෙනවා.
වහින්න පටන් අරගෙන ටික වෙලාවකට පස්සෙ තමයි හොඳ හොඳ නිව්ස් එන්න පටන් ගත්තෙ. අපේ කාර්යාලයේ ගොඩාක් තැන් තෙමෙනව ලු. පුදුමයකට වගේ ලොකු ලොක්කන්ගෙ තැන් වලට විතරයි වතුර ගලලා තියෙන්නෙ. ලෝක ධර්මතාවයත් වෙනස් වෙලා… දැන් වතුර ගලන්නෙත් උස් තැන් වලට!

Advertisements

7 responses to “කාන්තාරෙට වැසි…

  1. “ලෝක ධර්මතාවයත් වෙනස් වෙලා… දැන් වතුර ගලන්නෙත් උස් තැන් වලට!”

    he he he . . . oka madaperadiga wassa sambandawa vitarai ban. anit hama welawema “pahat tanin yai galaa jale” tamai . . . !

  2. අපි නම් ඉතින් පොදු මගී ප්‍රවාහන සේවාවල පිහිට ලබාගන්න උදවිය නොවැ 🙂 ඒ නිසාම වැස්සෙන් වෙන කරදරත් වැඩී‍. වැස්සට පාරවල් යටවෙලා නිසා මේ දවස් දෙක තුනේ අධික වාහන තදබදයක් තියෙන්නෙ. අදත් වැඩට එන්න පරක්කු වුනා. 🙂

  3. බාගෙට පීනගෙන තමයි අද ගෙදර ආවේ… ඒත් වැස්ස දැක්කම වගේම වහින සද්දේ ඇහුනත් සනීපයි නේ. ඒක තේරෙන්නත් කාන්තාරෙකටම එන්න උනා…. කොටින්ම මම මුලින්ම මෙහෙට ආපු කාලේ වහින සද්දේ තියෙන mp3 වගයක් හොයාගෙන අහ අහ හිටියා…. 😀

  4. වැස්ස කොච්චරද කියනව නම් උදේ බලද්දි මගේ කාමරේ වතුර එකයි….දොර යටින් වතුර ඇවිත්….අපේ බිල්ඩිමේ සැටලයිට් ඇන්ටනා සේරම පෙරලුනා හුළඟට…ඇයි ඉතින් සේරම හයි කරලා තියෙන්නේ බ්ලොක් ගල් දෙකක් ඩ්‍රිල් කරලනේ…අපිඅට නම් කාර් නෑ පයින් යන දුර තියෙන්නේ…ඒත් පයින් යන්න බෑ හැම තැනම පොකුණු පිරිලා…

  5. කාන්තාරෙට වහින වැස්ස විඳගන්න මගෙත් එක්ක ගොඩක් අය ඉන්න එක ගැන සතුටුයි. ඊයෙ මුළු රාත්‍රිය පුරාම මම නගරය වටේ රවුම්ගැහුවා වැස්ස විඳගන්න. 😀

  6. වැස්ස…………කොච්ච‍ර අදහස් වලට උල්පතක්ද,මටනම් වෙන කිසිම දෙයකින් මේ ගැන ත‍රම් සුන්ද‍ර අදහස් එන්නෙ නෑ.වැස්සකට පස්සෙ ප‍රිස‍රය කොච්ච‍ර අලුත් වෙනවද,මේ කාන්තාරෙට කලාතුරකින් හ‍රි වැටුන ඒ වැස්ස හිතට පුදුම සනීපයක්……………..

  7. පින්ග්කිරීම: කාන්තාරේට නැවතත් වැසි | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )