අද ලෝක කාන්තා දිනය ලු


අද ලෝක කාන්තා දිනය ලු. අනේ මන්දා…කාන්තා විමුක්තිය වෙනුවෙන් අද ලෝකෙ වටේ ඉන්න කාන්තාවන් හඬනගනවා.

මේ කෙසේ වෙතත්, ලෝකෙ වැඩියෙන්ම හිංසනයට ලක් වෙන්නෙ පිරිමි කියලයි මට නම් හිතෙන්නෙ. ඒකත් වැඩියෙන්ම වෙන්නෙ අළුත බැන්ද පිරිමින්ටයි කියල ළඟදි බැන්ද මගේ යාලුවෝ දැක්කම මට පසක් වෙනවා…. පසක් වෙලා නැවතුනානම් මදෑ… අනේ අම්මේ…. මටත් මෙහෙම වෙයිදෝ කියල බයත් හිතෙනවා…

කවදාවත් වැරදිලාවත් ගෙදරක පොල් ගෙඩියක් වත් ගාපු නැති, බෝංච් වල නූල් තියෙනවද වත් නොදැන, ගහක් ගලක් වගේ මනා පෞර්ෂයකින් හිටපු කොල්ලො හැමදාම හවසට පොල් ගානවා, එළවලු කපනවා දැක්ක නම් කාන්තාවන්ට නෙවෙයි ගෘහස්ථ හිංසනයට ලක්වුන පිරිමින්ටයි දිනයක් ඕන කියල හිතෙනවා නොඅනුමානයි…. 😀

පොඩි ගුගල් පාරක් දාලා බැලුවම අපි අහලවත් නැති උනාට ලෝක පිරිමින්ගේ දිනයකුත් තියෙනවා. මචං ලා, මතක තියාගනිල්ලා “නොවැම්බර් 19” තමයි පිරිමින්ගේ දිනය. එහෙම එකක් තිබ්බ කියලත්, අපි කියල ඉතින් මොනව කරන්නද?

කොහොම හරි අද කාන්තා දිනය නිසා කාන්තාවන්ගෙ විමුක්තියට ජය වේවා කියල මමත් පතනවා!

ඉත සිතින් ම නෙවෙයි ද කොහෙද එහෙම පතන්නෙ, මොකද බැරි වෙලාවත් මෙයාලගෙ ඉල්ලීම් ටික ඉටු උනොත් එහෙම, පිරිමි අපි මේ ලෝකෙ ඉඳලා හමාර වෙන නිසා… 😀

ප.ලි: වීරයා වගේ මෙක ලිව්වට, අපේ පවුල මේක දැක්කම මට මොකද වෙන්නෙ කියල ඔයාල හිතන්න යන්න එපා…

Advertisements

3 responses to “අද ලෝක කාන්තා දිනය ලු

  1. කාන්තා දිනයට කාන්තාවන් හැසිරෙන විදියට හැමදාම කාන්තාවන් හැසිරෙන්න ගියෝතිං මොකද වෙන්නෙ. එතකොට එයාලම කියයි ලෝක කන්තා දිනයක් තියාගත්තෙත් එයාලත් එක්ක තියන තරහටයි කියල. කොහොම උනත් කාන්තා දිනයට ජය වේවා….

  2. APO Aiye Ehema Kiyannath Epa. Oyatath Good Girlsla ,Good Wifesla ,Honda Ammala Mungehila Athine………

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )