හිතන්න යමක් : ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානිය? !!!


ඔබේ ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානියක් ගැන නිකමට වත් හිතුනද? එහෙම දෙයක් ගැන අපි විහිලුවට වත් හිතන්නේ නැති බව ඇත්ත. මේක ඇහුවම හිතෙනවා ඇති “මළ කෙලියයි… ඔය කියන්න යන්නේ ගුගල් පාවිච්ච්කරන්නත් එපා කියලද” කියලා.

පරිසර හානිය කෙසේ වෙතත්, ගුගල් සෙවුමක් නිසාම මට ලැබුන මේ තොරතුර බෙදාගන්න ඕන කියල හිතුනා.

එක්සත් රාජධානියේ The Times පුවත් පතේ තිබ්බ ලිපියකින් ගුගල් කිරීම ඇතුලු සාමාන්‍ය පරිගනක භාවිතය පරිසර හිතකාමී නැහැ කියල දැඩි ලෙස විවෙචනය කර තිබුනා. Havard විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක් ගුගල් කිරීම නිසා වන පරිසර හානිය ගැන කරපු පරීක්ශනයක ( වෙන වැඩක් නැති කමට කරපු එකක්ද කොහෙද )ප්‍රතිඵලයක් විදියට සොයාගෙන තිබෙන්නේ සාමාන්‍ය ගුගල් සෙවුමක් නිසා කාබන් ග්‍රෑම් 7 පමන පරිසරයට නිකුත්වෙනවා කියලයි. මේ දළ අගයට ඔවුන් පැමිණ තිබෙන්නෙ ගුගල් සෙවුම පටන්ගන්නා තැන සිට එතුලින් තමන්ට අවශ්‍ය දෙය සොයාගැනීම දක්වා පරිසරයට නිකුත්කරන ග්‍රෑම් 1 සිට ග්‍රෑම් 10 දක්වා වන අගය සලකා බලලයි. ඔවුන් කියන විදියට මේ අගය වතුර කේතලයක් උණුකිරීමෙන් නිකුත්වන කාබන් ප්‍රමාණය වගේ දෙගුනයක් කියලයි! මෙයට ගොඩාක්ම වගකිව යුත්තේ ගුගල් ආයතනය බවයි ඔවුන් කියන්නේ. ඒ වගේම ගුගල් ආයතනයේ පරිසර හිතකාමීබව ප්‍රශ්නකෙරුන පළවෙනිවතාවත් මෙය නෙවෙයි.

මේ ගැන ගුගල් බ්ලොග් එකෙන් උත්තර බඳින ගුගල් සමාගම නම් කියන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ගුගල් සෙවුමක් සඳහා වැයවන්නේ කිලෝජූල් 1 (කිලෝවොට් පැය 0.0003) පමන ශක්තියක් කියලයි. මේ අගය කාබන් ග්‍රෑම් 0.2 වෙනවා. සාමාන්‍ය පුවත්පතක් සඳහා වැය වෙන කාබන් ප්‍රමානය ගුගල් සෙවුම් 850කට සමාන බවයි ගුගල් නම් කියන්නේ.

කොහොම උනත් තමන්ගෙන් වෙන පරිසර හානිය අඩු කරන්න විවිධ විදියට ගුගල් උත්සාහ කරන ගමන් විදුලි ශක්ති වෙළදාමටත් අතගහලා…

ළඟදී අමෙරිකාවෙ විදුලි ශක්ති වෙළදාම් කරන්න බලපත්‍රයත් ගුගල් වලට ලැබුනා. ඒ වෙළදාමට සමගාමීව Google PowerMeter කියලා විදුලිය ශක්තිය නිරීක්ශන මෘදුකාංගයක් (Energry Usage Monitoring Software) ගුගල් එළිදැක්වුවා…

Advertisements

10 responses to “හිතන්න යමක් : ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානිය? !!!

  1. එල, bing හරි yahoo හරි පාවිච්වි කරන්න පුරුදු වෙමු 😉 නැත්තං google කරන එක අඩු කරලා බස් එකේහරි, කෝච්චියෙ හරි, drive කරං හරි library යන්න පුරුදු වෙන්න තියෙන්නෙ. 😛

  2. එළ ලිපියක්! හැබැයි මටනම් එච්චරම තේරුණේ නෑ. කරුණාකරලා කියන්න පුළුවන්ද එක් ගූගල් සෙවුමකින් කොහොමද කාබන් පිටවෙන්නේ කියලා? පිටවන ආකාරය පිළිබදව මං අහන්නේ

  3. ඒත් ගුගල් නැති ඉන්ටර්නෙට් එකක් ගැන හිතන්නත් බයයි නේද? අනික් සර්ච් එන්ජින් වලට මේක බලපාන්නෙ නැත්තෙ ඈයි?

  4. කෙයිං කොහෙම හරි ගූගල් ලෝකෙම අල්ලන්න වගෙයි හදන්නෙ.

    ඔහොම ගනන් හදලා බැලුවොත් එහෙම මේ ලිපිය බලලා කමෙන්ට් එක ගහන කාලයටක් වතුර කේතල් කීපයක ශක්තියක් යනවා ඇති 😉

    නමුත් මේක අවදානයට ලක්විය යුතු මාතෘකාවක්!!

  5. @ Shiroshan >
    I will try to explain it in a simple way.. It takes in to account all the energy consumed by the equipments used to generate that search at users place and google’s place. Also the energy used to produce those machines, like servers. Transport them to the Google, and the amount of energy it consumes to generate the search.

    To generate all those energy and production of those servers and buildings of google, fossil fuels are burnt somewhere some time, releasing carbon. Your search has some fraction of responsibility to that carbon impact on earth.

    I hope it is clear, at least a bit 🙂

  6. @ Buddhi>
    Probably, number of equipments( Severs, firewalls, networks) used by google, amount of facilities ( buildings, offices, technology, investment on research and development in to search engine) are higher than other search engines like Bing or Yahoo, making it having higher carbon impact per average search.
    But i am sure other search engines too has high carbon impact.

  7. සමාවෙන්න ඕන ඉංගිරිසියෙන් උත්තර දුන්නට….
    ඔය ටික මම සිංහලෙන් ලියන්න ගියා නම් මාර අමාරුවක වැටෙන්නේ translate කරන්න. 🙂

  8. ඕක google වලින් විතරද වෙන්නෙ . අනිත් ඒවයිනුත් වෙන්න එපැයි. search කරන කොට විතරක් නෙමෙ අනිත් හැම ඩෙයක් නිසාම ඕක් වෙන්න එපැයි. උදා මේල් බලනකොට, virus scan කරන කොට වගෙ.

  9. ඇත්ත තමයි, වෙබ් එක ඇතුළෙ, අපේම පරිගණකය තුළ කරන ඕනෙම වැඩක් නිසා මේ කියන විදිහට පරිසර දූෂණයක් වෙනව. විශේෂයෙන්ම විදුලියට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )