ඇන්ජලෝ මැතිව්ස් ඔබ තරුවකි…


අද දවසට ලියන්න කියල කිසිම දෙයක් නැතුව හිතපු මට ලියන්න දෙයක් හදලා දුන්නේ අයි.පී.එල් එකයි. මම අයි.පී.එල් එක බලන්නේ වැඩියෙන්ම අපේ ක්‍රීඩකයො කීප දෙනෙක්ම ඒකෙ සෙල්ලම් කරන නිසා… අද අයි.පී.එල් [IPL] තරඟාවලිය පටන්ගත්තෙ Deccan Chargers v Kolkata Knight Riders තරඟයෙන්.

තරඟාවලියෙ පළමු පන්දුවාරයෙන්ම කඩුලු 2ක් ගත්තු චමින්ද වාස් ව දැකලා ඇතිවුනෙ ලොකු සතුටක්. චමින්ද වාස්ට පින්සිද්ද වෙන්න මුල ඉඳලම Deccan Chargersලා හිටියෙ ඉහලින්. ලකුණු 33කට විකට් 4ක් ගිහිල්ල අමරුවෙ වැටිල හිටපු Kolkata Knight Riders කණ්ඩායමට පිහිටට හිටියෙ ඔවුන්ගෙ ලොකු ලොකු තරු නෙවේ. අපේ තරුණ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්.

ලොකු හයේ පහර 4ක් එක්ක නොදැවී ලකුණු 65 ගත්තු ඇන්ජලෝ මැතිව්ස් Kolkata Knight Riders කණ්ඩායම ගොඩ දැම්මා. ඇන්ජලෝගේ පුංච් ඉනිම දිහා බලන් හිටපු මට ලොකු සතුටක් දැනුනා.

සමහරවිට මේක කියන්න ගොඩාක් කල් වැඩි වෙන්න පුලුවන්. නමුත් මට හිතෙන විදියට නම්, ඔහු අපේ ක්‍රිකට් වල අනාගතයයි.

තරඟයේ ඉතිරි ඉනිම බලන්නෙත් නැතුව මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නේ හිතේ තියෙන පුංචි සතුට නිසයි.

අයි.පී.එල් තරඟාවලිය යූ නලය [YouTube] ඇතුලෙන් ඔබට සජීවීව බලන්න පුලුවන්…

Advertisements

9 responses to “ඇන්ජලෝ මැතිව්ස් ඔබ තරුවකි…

  1. අනිවා..එයාලට තමා අපි තැන දෙන්න ඕනේ….

  2. ඔව්… දිනේශ් චන්දිමාල් කියන්නෙත් ඒ වගේ අනාගත තරුවක්…

  3. අනිවාර්යයෙන්ම…..

    ඔහුගේ පිතිකරණ සහ පන්දු යැවීමේ දක්ෂතාවට අමතරව පිටියේදී-පන්දු රැකීමේදි ඔහුගේ සුවිශේෂ දායකත්වය (more than 100% commitment) කැපී පෙනෙනවා.

    ඔබ කිව්වා වගේම දිනේෂ් චන්දිමාල් අනාගත බලාපොරොත්තුවක්. ඒ වගේම මෙවර 19න් පහල ලෝක කුසලානයේ දක්ෂතා දැක්වූ භානුක රාජපක්ෂ සහ රුමේෂ් බුද්ධික වැන්නන් ගැනත් අපිට සුබවාදි බලපොරොත්තු තබාගන්න පුලුවන් වේ කියලා හිතනවා.

  4. IPL තරන්ගාවලිය පෙන්නන්නෙ මොන Channel එකේද ?

  5. හැබැයි මැ පාර provincial එකේ හදම පිතිකරු ජීවන්ත කුලතුංග සංචිතේ නෑ.කැපිල්ලද කොහෙද….චන්දිමාලුත් හොදයි…අලුත්ම ටේම් එකක් ම බැස්සුවානම් තමා හොද…ඒ වුනාට කොහෙද ඉතිං වැඩ බැරි ටාසන්ලනෙ බස්සන්නේ

  6. ඔව් අපේ කට්ටිය නියමයි හැමදාමත්…

  7. මොන කණ්ඩායමේ උනත්, ලාංකිකයන් විදියට උපරිමය දැක්වීමයි කළ යුත්තේ!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )