මැද පෙරදිග දහම්පාසල…


මෙහේ, ඒ කිව්වෙ මේ කාන්තාරෙ, තියෙනවා පුංචි දහම් පාසලක්. සිකුරාදා දවස් වල තානාපති කාර්යාලයේ තියෙන මේ දහම් පාසලේ ඔක්කොම ගුරුවරු උගන්වන්නෙ ස්වේච්චාවෙන්.
පුංචි පුංචි ළමයි 20ක් විතර එනව දහම්පාසලට. සිකුරාදා කියන්නෙ මෙහේ නිවාඩු දවස නේ. සතිය තිස්සෙම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න ගොඩක් අය සිකුරාදත් කලින් නැගිටින්න වෙන නිසා ළමයි දහම්පාසල් එවන්නේ නැහැ. ඒත් හැමදාම වාගේ එන අයත් ඉන්නවා..

ලංකාවෙන් පිට හිටියත් පොඩි උන්ට අපේ ආගම උගන්නන එක ඉතා අවශ්‍ය දෙයක්.

මේ කාන්තාරයක් මැද අපිට නුපුරුදු රටක ඉඳගෙන පොඩිඋන්ට ආගම දහම කියල දෙන්න තමන්ගේ නිවාඩු දවස කැප කරන ඒ ගුරු මහත්වරුන්ට පින් සිද්ධවෙන්න ඕන.

පහුගිය අවුරුද්දෙ දවසක මම ඔය දහම්පාසලට ගිය වෙලාවක වෙච්ච පොඩි දෙයක් මට තාම මතකයි…

දහම්පාලෙ උගන්වන ගුරුතුමිය අවුරුදු 5 ට අඩු බට්ටි පැටවු ටිකකට සිදුහත් කුමාරයාගෙ උපත ගැන කියල දෙනවා… ලංකාවෙන් ගෙන්න ගත්තු දහම්පාසල් පොත් වල තියෙන චිත්‍ර පෙන්න පෙන්න සිදුහත් කුමාරයා මෙලොව එළිය දුටු හැටි ඉංග්‍රීසි සිංහල මික්ස් කර කර කියල දෙන්නෙ පොඩි උන්ට හොඳින් තේරෙන්න… මේ චුටි ළමයින්ට වැඩිය සිංහල බැහැ… ඒක ඒ අහිංසක උන්ගෙ වරද නෙවේ…

පොඩි එවුන් කොහොමත් කැමතියි නේ චිත්‍ර අඳින්න. චිත්‍ර අඳින්න දුන්නෙ නැත්නම් පොඩි එවුන් ටික අනිත් දවසෙ දහම් පාසල් ගෙන්න ගන්නව බොරු. ඒ නිසා ගුරුතුමිය දුන්න පොඩි උන් සෙට් එකට සිදුහත් කුමාරයාගෙ උපත ගැන චිත්‍රයක් අඳින්න කියලා.

අපි කවුරුත් අහලා තියෙන කතාවක් නේ සිදුහත් කුමාරයා ඉපදිල නෙළුම් මල් හතක් උඩින් ඇවිදලා ” මම ලොවට අග ( අග්‍ර ) වෙමි” කියල කිව්වා කියලා…

ඒක ගැන පොඩි එකෙක් ලස්සන චිත්‍රයක් ඇඳල තිබ්බා….

සයිබර් යායේ බුද්ධි ට වගේ මට චිත්‍ර අඳින්න බැරි හින්දා මම ඒකෙ තිබ්බ දේ කියන්නම්.

ඒ පොඩි බට්ට තමන්ට පුළුවන් විදියට මල් ටිකක් පාගා ගෙන ඇඟිල්ලක් උස්සගෙන ඉන්න මනුස්සයෙක් ව ඇඳලා තිබ්බා….

චිත්‍රය විස්තර කරපු ඒ කොලු පැටිය කිව්වෙ මෙන්න මෙහෙම:

” බුද්ධ අංකල් කේම් ටු දිස් වර්ල්ඩ් ඉන් අ වෙසක් ඩේ. ඊට පස්සෙ බුද්ධ අංකල් සෙවන් ස්ටෙප්ස් තිබ්බා ෆ්ලවර්ස් උඩ…. ඊටත් පස්සේ…. බුද්ධ අංකල් සේඩ් හී ඉස් ග්‍රේට් කියලා….”

ඒ පුංචි පැටවුන්ගේ අහිංසක බවයි…

Advertisements

12 responses to “මැද පෙරදිග දහම්පාසල…

  1. දහම් පාසල් යන පොඩි එකෙක් බුඩ්ධා අංකල් කියනවනම් මචෝ එතන පොඩි ගැටලුවක් තියෙනවා ගුරුවරුයි, දෙමවුපියොයි ගැන.

  2. api den colombo gattot lamay sinhalen kathakaranawata akamethi demapiya aya koi tharam nam innawada???eta passe lamay english naraka dewal witharak gaththama baninawa mulu samajetama…….

  3. //api den colombo gattot lamay sinhalen kathakaranawata akamethi demapiya aya koi tharam nam innawada???//
    මටනම එහෙම එකෙක්වත් හමු වෙලා නැහැ. ඔහේට කීදෙනක් හමුවෙලා තියෙනවාද?

  4. කොලු, ගැටලුව මේකයි.
    ගෙදර බුදු හාමුදුරුවො කියල වචනේ පාවිච්චි වෙනවා නම් ඔය වගේ දෙයක් පොඩි එකක් කියන්නේ නෑ. ඉතින් එහම පාවිච්චි නොවෙන එක තමා මුලිකවම ගැටලුව.
    අනික කොහේ හරි වෙනවා කියන එක නිදහසට කාරනාවක් නෙවෙයි. අනුන් මොනව කරත් කිවුවත් දෙමවුපියො දැනගන්න ඔනේ ලමයට පොඩි කාලෙම හරි දේ උගන්වන්න. අම්මටයි තාත්තටයි, පුබ්බාචරිය කියල කියන්නේ ඒකයි.

  5. පොඩි එකා අංකල් කියන්නේ අවංක කමටයී. ඕන තරම් පොඩි පැට්ව් හාමුදුරුවන්ටත්, වෙනත් අයටත් මාමෙ, අංකල් කියනවා මම දැකල තියෙනවා. (ලොකු වෙනකොට පොලිස් මාමා, මහත්තයා වෙනවා, දිසාපත් අංකල්, තුමා වෙනවා.) ඒ කොහොම උනත් දෙමව්පියන් ලමුන්ට සරල ආමන්ත්‍රන උගන්වන්න ඕනෑනම් තමයී. ඒ ගැන කතා දෙකක් නැහැ. හැබැයී පොඩි ඒවුන්ට වැරදි කරන්න නිදහස තියෙන්න ඕනෑ. ඒක ලොකු ගැටලුවක් නොවෙයී. ගැටලුව තියෙන්නේ, බුද්ද අංකල් කියන පොඩි එකාද, අපේ මහා බුදුරජානන් කියන ලොකු එකාද වැඩීයෙන් දැන දැන වැරදි කරන්නේ කියන එක.

  6. අගේ ඇති දහම් පාසලක් තමයි ඩුබායි වල තියෙනනේ.. කටාර් වල නම් තවම එතරම් විශාල නැහැ

  7. පිට රටක ඉඳලා දහම් පාසලක් ඔය තරමට හරි කර ගන්න පුළුවන් වෙච්ච එකට අපි ආඩම්බර වෙන්න ඕනෑ. බුද්ධා අංකල් කියලා හරි ඒ ලමයා බුදු හාමුදුරුවෝ ගැන දන්නවා. අන්න ඒකයි මෙතන වැදගත් මං හිතන්නෙ.

  8. ඒ ළමයි ලොකු‍ වෙද්දි සියල්ල තේරුම් ගනියි. නොතේරුම් කමට කියන දේවල් වල වැරැද්දක් නෑ. දෙමව්පියොත් දරුවන්‍ට මේ දේවල කියා දිය යුතුයි තමයි හැකි පමණින්.

  9. පින්ග්කිරීම: දරුවන්ට සිංහල උගන්වමු : සිංහලෙන් කතා කරමු « සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )