දරුවන්ට සිංහල උගන්වමු : සිංහලෙන් කතා කරමු


මේ ලිපිය ලියන්න හිතුනෙ මැද පෙරදිග දහම් පාසල ගැන මම කලින් ලියපු පෝස්ට් එකට ලැබිල තිබ්බ ප්‍රතිචාර නිසයි. කලින් කියවලා නැත්නම් ඒ ලිපිය මෙතන කොටලා බලල එන්න.

පිටරටවල් වල ඉන්න ගොඩාක් ශ්‍රී ලාංකිකයන්ගේ ළමයි හරි හැටි සිංහල දන්නේ නැහැ. පොඩි කාලෙ ඉඳලම ඉංග්‍රීසි හෝ වෙනත් බසකින් ඉගෙනගන්න වෙන නිසා එක සිද්ධ වෙනවා ඇති. එය කොහොමත්ම ඒ දරුවන්ගේ වරද නෙවෙයි. නමුත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංහල යනු අපේ ජාතියේ අනන්‍යතාවයි. ශ්‍රී ලාංකිකයන් විදියට මොන බාසාව දැන සිටියත් සිංහල දන්නේ නැත්නම් එතන ලාංකිකත්වය නැති බව මගේ පුද්ගලික හැඟීමයි…

පොඩි දරුවන් සිංහල දන්නේ නැති එකට මොකද කරන්නේ? කොහොමද උන්ට සිංහල උගන්වන්නේ?

කාලෙක ඉඳල මගෙ හිතේ තිබ්බ අදහසක් මේ ළඟදි කටාර් වල තිබ්බ සංගීත සංදර්ශනයකදි චරිතා ප්‍රියදර්ශනී මහත්මිය කිව්වා…
 
ඇය කිව්වේ “ඉස්කොලේ, මඟ තොටේ මොන බාසාව කතා කරත්, ගෙදරදි තමන්ගේ දූ දරුවන් එක්ක සිංහලෙන් කතා කරන්න” කියලා.

මම හිතන්නෙත් දරුවන් සමඟ ගෙදරදි සිංහලෙන් විතරක් කතා කරනවා නම් දරුවන්ට සිංහල අමතක වීම වෙන්නෙ නැහැ කියල. මම දැකලා තියෙන විදියට ගෙදර සිංහලෙන් කතා කරන අයගෙ දරුවන් හොදට සිංහල කතා කරනවා. ගොඩක් අපේ දෙමාපියන් විලාසිතාවකට වගේ ලෝකෙට පේන්න දරුවන් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා. මෙතන ලොකු වැරදීමක් තියෙන්නේ…

දෙමාපිය – දූ දරු සම්බන්ධය වගේ දෙයක් සිංහලෙන් ගොඩනැඟෙනවා කියන්නෙ එක දරුවෙක්ට භාශාව හා කෙරෙන බන්ධනයක් වගේ. ජීවිතයේ කවදා හරි දවසක දෙමාපියන් මතක්වුන වෙලාවට එයාලගේ හැඟීම් ගලා එන්නේ එතකොට සිංහලෙන්…

මේක කියවන දරුවන් ඉන්න දෙමාපියන්ගෙන් මගේ නිහතමානී පුංචි ඉල්ලීම තමයි ඔබ මොන රටේ හිටියත් කමක් නැහැ තමන්ගෙ දරුවන් එක්ක හැකි හැම විටම සිංහලෙන් කතා කරන්න කියලයි…

Advertisements

9 responses to “දරුවන්ට සිංහල උගන්වමු : සිංහලෙන් කතා කරමු

  1. කතාව ඇත්ත. අපේ කොළුවටත් සිංහල පළමුව දෙවනුව ඕන එකක් කියල තමා උගන්නන්නෙ.

  2. තමන්ගෙ දරුවන් හරි සිංහල නොදැනීම ගැන දෙමව්පියන්ට වද වෙනවා වෙනවා වාගේම, අනාගේතේදී ඒ දරුවන්ගේ දෙමාපියන් ඉංගිරිසි නොදැනීම ගැන දරුවන්ට වද වෙන්න වෙයීද? පහුගිය දවසක පිටරටකදි ඉංදියාවේ කඩේකින් කෑම ගන්න ගිය වෙලාවක, අයීතිකාරයා “ඉංදියානු ඉංගිරිසියෙන්” බඩු විකිනුවා. ඒ උන්නැහැගෙ කිරි දත්වත් හැලිච්ච නැති පොඩි දැරිවි, බොහෝම පැහිදිලි ඉංගිරිසියෙන් මාත් එක්ක කතා කරනකොට මට හිතුනේ, තාත්තා ඉංගිරිසියත් එක්ක කරන හරබය ගැන පුන්චි ඇස් දෙකේ අනුකම්පාවක් තියෙනවා කියලා.

    කොහොම උනත් “ඉංගිරිසිය පලමුව” කියලා තමාගේ ලමුන්ට හරියට හෝ වැරදියට හෝ ඉංගිරිසි උගන්න්න දෙමව්පියන් දඟ දාන්නේ සිංහලට නිගරු කරන්නවත්, අනිත් අයට වඩා වෙනස් වෙන්නවත් ඕනෑ නිසා නොවෙයී (හැබැයී එහෙම අයත් නෑ කියන්නෙ නැහැ.) දෙමව්පියන් එහෙම කරන්නේ තමන්ගේ දරුවන් ගැන ප්‍රාර්තනා දහසක් හිතේ දරාගෙනයී. අනුන්ගේ ලමයි හදන හැටි කියන්න අපි කවුද?

  3. සිංහලෙන් කථා කරන්නවත් පුළුවන් නම් මදෑ.

    • පිට රට ළමයි හදන අය කරන එකක් තමයි ළමය පොඩි කාළෙදි සිංහලෙන් කතා කරන එකට තහංචි දාලා, ඔක්කොම ඒ රටේ විදියට හදනවා. ළමයත් හැදෙනව රටේ විදියට. ඉතින් පොඩි කාලෙදි දෙමව්පියන්ට හරි ඉහළයි. හැබැයි ළමය ටික ටික ලොකු වෙලා තරුණ කාළෙදි, කසාද බඳින වයසට ආවාම ඔන්න දෙමාපියන්ට ලංකාවෙ කුල සිරිත් මතක් වෙනවා. ඒත් එතකොට ප්‍රමාද වැඩියි. සිංහල කතා කරගන්න වත් බැරි ළමයි හැදිල තියෙන්නෙ ඒ රටේ සංස්කෘතිය අනුවයි. ඉතින් ළමයි ගෙදර ඉන්න කැමති නෑ. රෑ වෙනකොට ගෙදර එන්නෙත් නෑ. නොබී ඉන්නෙත් නෑ.
      අඩු ගානෙ ළමය එක්ක හරියට කතා කරන්න වත් බෑ.

      එක්කො දෙමව්පියො මුල ඉඳන්ම ළමයට තමන්ගෙ සිරිතට, තමන්ගෙ භාෂාව කතා කරගන්න පුළුවන් විදියට හදන්න ඕන. නැත්නම් දේසේ හැටියට බාසේ කියල තමනුත් ළමයි වගේ ඒ රටේ විදියට හැඩ ගැහෙන්න ඕන.
      නමුත් වයසට ගියාම අනුවර්තනය වෙන්න අමාරුයිනෙ. ඉතින් වෙන්නෙ ළමයි එක්ක රණ්ඩු කර කර මහ අවුලක ජීවත් වෙන එකයි.

  4. මමත් මේ ගැන ගොඩක් දේවල් ලියුවා, හැබැයි අපි කොච්චර කිව්වත් මේවයින් වැඩක් වෙයිද කියන එකයි ප්‍රශ්නෙ?

    මේ ආත්මාර්ථකාමී ලෝකෙක මිනිස්සුන්ට තමන්ගෙ භාෂාව, සංස්කෘතිය, සාරධර්ම වගේ දේවල අගයක් නෑ. මේ ලෝකෙ අගයක් තියෙන්නෙ ධනයට, බලයට හා අනෙක් භෞතික (meterialistic) දේවලට. මේවා ලැබෙනවානම් ඉංග්‍රීසි නෙවෙයි, අපබ්‍රංශ උනත් කතාකරයි. දෙමව්පියොත් ළමයින්ට සිංහල නැතුව ඉංග්‍රීසි උගන්නන්න මෙච්චර දඟලන්නෙ ඇත්තටම මේ හින්දයි.

    මේකත් බලන්නකෝ: Attention please!!! අපේම වරදින් වලපල්ලට යන අපේ මව්බස – සිංහල!

  5. මේහේම යනකොට සිංහල කියලා ජාතියක් නැති වේවි.

  6. මම ඇත්තටම ලැජ්ජාවෙන් ඉන්නෙ සිංහල වීම ඉංග්‍රීසිහෝ වෙනත් භාෂාවක් බැරිවීම ගැනග මගේ දරුවට තියා බල්ලටවත් සිංහල උගන්නන්නෙ නෑ. බැරිම උතනාත් ප්‍රංශ හරි චීන හරි උගන්නනවා ..සිංහල ඇර.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )