වඩන්න බැරි දරුවන් හදනු කිම?


මැතිවරණයක් අත ලඟ තියෙද්දි මේ දවස් ටිකේ ලංකාවෙ තිබ්බ ලොකු මාතෘකාවක් වුනේ කළුතර මවක් කළු ගඟට දරුවෙක් විසිකිරීම සහ අම්බලන්ගොඩ මවක් අලුත උපන් බිළිඳෙක් ගඟකට විසිකිරීම යි. සමහර මාධ්‍ය සහ කොටස් මේ සිදුවීම් දෙක අල්ලගෙන ලොකු ගානක් හොයගත්තා කියලත් ආරංචියි.

මේ සිදුවීම් දෙක ගැන ලියලා වැඩක් නැහැ…මොකද පසුගිය සති දෙකේ පත්තර වල වගේම අපේ  බ්ලොග් ලියන සහොදර සහොදරියනුත් මේ ගැන ගොඩක් අදහස් ලියල තිබ්බ නිසා…

මම කියන්න යන්නේ වෙනත් දෙයක් ගැන…

කලුතර දි ගඟට විසි කලේ පවුලේ 5 වැනි දරුවා කියල කිව්වාම මට නම් හිතුනෙ එකම දෙයයි…

වඩන්න බැරි දරුවන් හදන්නේ ඇයි?

ස්වීප් විකුනල ජීවත් වෙන කෙනෙක්ට දරුවන් 5 කට කන්න දෙන්න පුළුවන් ද?

මේක මේ සිද්දියට අදාල පවුලට විතරක් පොදු තත්ත්වයක් නෙවේ. මගේ නම් අදහස යම්කිසි පවුලක් තමන්ට නඩත්තු කළ හැකි පමනට ළමයින් හැදිය යුතුයි.

මීට වඩා ස්ථාවර පවුල් වල උනත් අපි ගොඩාක් දෙනා දකින දෙයක් තමයි  පළවෙනි දරුවාට රජ සැලකිලි……ඉල්ලපු ගමන් ඇපල් අරන් දෙනවා..

දෙවැන්නාට ටිකක් අඩුවෙන්…. මොකද ලොකු එකාටත් ඇපල් ගන්න වෙනව නේ…

ඊට පස්සෙ එන උන්ට සල්ලි තිබුනොත් විතරක් ඇපල්…මොකද එතකොට ලොකු එවුන්ව ඉස්කොලෙ යවන්නත් සල්ලි යන හින්දා…

දරුවන් කිහිප දෙනෙක් ඉන්න ගොඩාක් ගෙවල් වල මේක පොදු තත්ත්වයක්… ඔබත් සහොදර සහොදරියන් ගොඩාක් ඉන්න පවුලක කෙනෙක් නම් මේක තේරිල ඇති.

සෑම දරුවෙක්ටම එක විදියට සලකන්න බැරි නම් දුක් විඳින්න දරුවන් මේ ලෝකෙට බිහිකිරීම පාප කාරී වැඩක් කියලයි මට නම් හිතෙන්නෙ.

දෙවැනි ප්‍රශ්නය නම්, පවුල් සෞඛ්‍ය වරුන්ට මේ මිනිස්සුන්ව උපත් පාලනය ගැන දැනුවත් කරන්න බැරිවුනා ද?

පවුල් සෞඛ්‍ය වරුන් ගොඩාක් ඉන්න රටේ, උපත් පාලන කොපු ගැන බැරිනම්, ස්වාභාවික උපත් පාලනය ගැන වත් කියල දෙන්න කෙනෙක් නැතිවුනා ද? අඩුම තරමින් 3 වෙනි දරුව ලැබෙන්න ඉද්දි ඉස්පිරිතාලෙ දොස්තර මහත්වරුන් වත් කිව්වේ නැද්ද “දැන් ඇති” කියලා?

Advertisements

6 responses to “වඩන්න බැරි දරුවන් හදනු කිම?

  1. පිස්සුද මල්ලි, ඔහොම හිතුවොතින් බුද්දාගමට යන කල මොකද්ද. කාලෙකට ඉස්සෙල්ලා අපේ හාමුදුරුවරු ඉස්පිරිතාලවල උපත්පාලන සායන වලට ගිහිල්ල තඟ දාල කොච්චර අමාරුවෙන්ද ඕවා නැවත්තුවේ. සෝම හාමුදුරුවොත් කීවේ. ආගම වෙනුවෙන් දරුවන් වදන්න, නැත්තම් මුස්ලිම් ඇත්තෝ ප්‍රතිශතය වැඩි වෙයී කියලා. බටහිර විදිහට හිතන්න එපා. අපිට සංස්කුර්තියක් තියෙනවා නේද රැක ගන්න.

    • වඩන්න බැරි දරුවන් හදන්නාවාලේ හදල, කන්න අඳින්න නැතුව, ඉගෙනගන්නේ නැතුව රටට බරක් කරාම, සංස්කෘතිය රැකේවිද අයියා…

      සෝම හාමුදුරුවෝ කිව්වේ තමන්ට හැකි පමන හදන්න කියලා.. සල්ලි ගොඩාක් තියෙන එක දරුවෙක් විතරක් ඉන්න කට්ටිය කොච්චර ඉන්නවා ද? අන්න ඒ අයටයි ඒක වලංගු වෙන්නේ.

  2. සමාවෙන්න ගියපාර වැරදි කොමෙන්ටුවක් දැම්මට. ඒක වෙන බ්ලොග් පෝස්ට් 1ක දාන්න ඕනෙ වෙච්ච 1ක්. අන්තිමේදී හරි බ්ලොග් 1 දැම්මා.
    මේක මම ඔයාගෙන්මයි අහන්නේ.
    රද්දොලුගම එක්ක සම්බන්ධයක් තියෙනවද?

  3. වැලේ ගෙඩි වැලට බ‍රක්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )