මවු පිය සෙනෙහස කොහෙත් එකයි…


සිග්නල් එකේ කොළ ලයිට් එක වැටෙනකන් මම නවත්තගෙන හිටියා…

මගේ එහා පැත්තෙන් ඇවිත් නැවැත්තුවේ අලුත්ම සුදු පාට එස්-ක්ලාස් බෙන්ස් එකක්…. ඇතුලෙ හිටියෙ අරාබි ලෝගුව ඇඳගත්තු කටාර් ජාතිකයෙක් සහ ඔහුගේ දරුවා යැයි සිතෙන අවුරුදු 12ක වගේ ඉස්කොල ඇන්දුමක් ඇඳපු කොලු ගැටයෙක්.

කොළ ලයිට් එක පත්තු වෙනකන් කරන්න ඇති දෙයක් නැති නිසා මමත් රබර් ඇහැ දාගෙන දෙන්න දිහා බලන් හිටියා… ඇත්තතම මට බලන්න ඕනි උනේ කාර් එක දිහායි.. නමුත් ඇතුලෙ ඉන්න අය දිහාත් බැලුනා..

දෙන්නා මොකද්දෝ ලොකු කතාවක.. මොකක් හරි පුතාට කියපු ඒ තාත්තා ආදරෙන් කොල්ලගෙ ඔලුව අතගෑවා… එතන තිබ්බ සෙනෙහස, එ මුහුනේ ඉරියව් වලින් පෙනුනා…

මේක දැකපු මගේ හිත ඉක්මනටම ගොඩාක් ඈතට ඇදිලා ගියා…

පොඩි කාලෙ උදේ පාන්දර ඉස්කොලේ යන්න ඉස්සෙල්ල තාත්තා බත් කවන හැටි… ඔලුවෙ තෙල් ගාල ඔලුව පීරන හැටි… ඇඳුම් අන්දවලා ඉස්කොලේ යවන හැටි…

එහෙම මම හෙමිහිට මගේ අතීතයට ගියා…

අර පොඩි එකා දැකලා පුංචි පහේ ඉරිසියාවකුත් හිතට ආවා…

කොච්චර උස්මහත් උනත්, මොන ලොකු ලොකු උපාධි දැරුවත්, ලොකේ මොන කොනක හිටියත් තාත්තට කියල ඔලුව අතගා ගන්න තාමත් හරි ආසයි…

Advertisements

2 responses to “මවු පිය සෙනෙහස කොහෙත් එකයි…

  1. ඇත්ත… සමනලීටත් තියෙන්නේ එහෙම අතීතයක්…. උදේම අහරවලා…. කිරි එක පොවලා…. මූණ සෝදවලා….. නොයෙක් ආලවට්ටම් දාලා බත් ටිකකුත් කවලා….ගවුම් පොඩියක් අන්දලා….. ඔලුවේ මුදුනේ චූටි පොල් ගහක් ‍වගේ හිටින්න කොණ්ඩේ පීරලා සමනලීගේ තාත්තාත් සමනලීව පාසල් එක්කන් ගිය හැ‍‍ටි අදටත් සමනලී සිහිපත් කරන්නේ ආසාවෙන්………

  2. බහුතරයක් දෙනාට එහෙම අතීතයක් තියනවා.අපි වෙනුවෙන් අම්මලා අප්පච්චිලා කරපු කැපවීම හොඳටම තේරෙන්නේ ඒ ගොල්ල නැතිව ගිය කාලෙකටයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )