ඒ අරුම පුදුම දුරකතනය ….


මගේ ගාව තිබිච්ච හරිම අපූරු දුරකතනයක් ගැන තමයි මේ කතාව… මේක වෙලා දැන් ටිකක් කල්… දුරකතනයක් කිව්වට ඒක මොබයිල් එකක්… ඒ දවස් වල මොබයිල් එකක් කියන්නේ ඉතින් ලොකු දෙයක්… මේ කියන දුරකතනයත් ඒ දවස් වල මාර ගනන්… මේක ගත්තෙ ඉතින් සලිලි තියෙනවාට එහෙම නෙවෙයි… ලංකාවෙන් පිට විස්ව විද්යාලෙක ඉගෙනගත්තු මට ගෙදරට කතා කරන්න ඕන නිසා…

ඒ දවස් වල ඉතින් මේ මොබයිල් එක මට ලොකු දෙයක්…. ඔන්න ඉතින් මම මේ හා හා පුරා කියල ගත්තු මොබයිල් එකත් අරන් ගොඩවුනා විස්ව විද්යාලෙ පොදු වැසිකිලියකට… ඔය ගොල්ලො හිතනවා වගේ වෙන මගුලකට නෙවේයි ඒකත් අරං වැසිකිලියකට ගියෙ… ඒක අරං යන්නේ තටම තටම ඉන්න ගමන් ගේම් ගහන්න… ඉස්සර වොටර් ගේම්, විඩියො ගේම ගහපු අපිට මොබයිල් එකේ තිබ්බ “නයා” ගේම් එකත් රත්තරං වටිනවා…

අනේ දෙය්යනේ කියල ගොඩවෙලා, ස්කොටින් පෑඩ් එකේ වාඩිවුනා විතරයි…

සාක්කුවේ තිබ්බ මගේ රත්තරං මොබයිල් එක වැටුනා නේද කොමඩ් එකට !!!

මළ කෙළියයි.. දැං මොකද කරන්නේ??

ගන්න විදියකුත් නෑ…

අච්චර සල්ලි දීල අරගෙන නැතිකරගන්නත් බෑ… මොකද මම දන්නවා ආයේ එකක් ගන්න දෙන්න තරම් සල්ලි අපේ අම්මලා ගාව නැහැ කියලා…. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා…. ඕන මගුලක් වෙවා කියල හිතලා ගන්න තීරණය කළා…

ඒත් ඉතිං කොහොමද?… පොදු වැසිකිලියක් කියල බැලුවෙ නැහැ… ඇස් දෙක පියාගෙන අත දාලා ගත්ත ඉතිං…

දැං ඔයලාට ඉතිං හිතෙන්නෙ “ඊයා..” චිකේ..” “කක්කි..” “මල ජරාව…” කියලනේ… ඒත් ඉතිං මක් කොරන්නද… ගන්න උනා එහෙම…

ඉතින් ඔන්න මේ මොබයිල් එක වලෙන් ගොඩ ගත්තු ගමන් උත්සව ශ්‍රීයෙන් අරන් කක්කි කියල බලන්නෙ නැතුව බැටරිය ගැලෙව්වා… ඒක කෑලි කෑලි වලට නිරුවස්තර කරලා ගිහින් දැම්මා සින්ක් එකට… හොදට වතුරෙන් හෝදලා, ඩිටෝල් කුප්පියකුත් හැලුවා ඒකටම….ඔහොම හොඳට හෝදලා අරගෙන… වැලේ වැනුවා වේලෙන්න…

මම හොදටම දන්නවා ඒ හෝදපු විදියට දැන්නම් ඉතින් මේකට සොරි තමයි කියලා..

කොහොම හරි පහුවෙනිදා උදේ නිකමට වගේ වේලුනාට පස්සෙ අටවලා බැලුවා… මාව පස්වනක් ප්‍රීතියෙන් පිනාගියේ මේක කිරි ටොයියා වගේ වැඩකරන හැටි දැක්කම!!

මේ කතාව මට කියන්න මතක් උනේ අද නාන්න ගිය වෙලාවේ අලුත්ම අලුත් සබං කෑල්ලක් මගේ අතින් කොමඩ් එකට වැටුන නිසා… මොනව කරන්නද… ලස්සනට ෆ්ලෂ් කරලා යැව්වා…

ඒ අරුම පුදුම දුරකතනය මොකද්ද කියල දැන් කුතුහලය ඇති නේද? අච්චර බොග වලකට වැටිලත්, ෆුල් ලොන්ඩරි පාරක් දීලත් මුකුත් නොවුනා වගේ වැඩකරපු මොබයිල් එක මොකද්ද කියල කියන්නම්….

ගඩොල් බෑ දුරකතන යුගයට ගුඩ් බායි කියල හා හා පුරාම ආපු නොකියා 3310 ඔයාලට මතකයි නේ? මතක නැත්නම් මෙතන කොටල පින්තූරයක් බලා ගන්න…

හරී…. කතාව ඉවරයි…. අසා සිටි ඔබ සැමට ස්තූතියි… මේ වගේ සිද්දි වෙලා තියෙනවා නම් හරි වෙලා නැත්නම් හරි පහල කොටුවෙ කොමෙන්ට් එකක් දාලා යන්න…

Advertisements

15 responses to “ඒ අරුම පුදුම දුරකතනය ….

  1. මමත් ඔය වගේ වැඩක් කරල තියනවා පොඩි කාලෙ යතුරක් ගන්න. නොගත්තනම් තාමත් ගුටි කනවා මොටර් සයිකලේ යතුර හොරෙන් අරන් වැසිකිලා ගියා කියලා.

  2. honda welawata commad une wala kakkussiyak unanam nala merenawa…..

  3. මේකද භාණ්ඩෙ මම නොම්බරෙං කිව්වට පෝන් අඳුරන එකෙක් යැ. පට්ට භාණ්ඩයක් ඕක.

  4. නොකියා ෆෝන් ඒ අතින් අති විශිෂ්ඨයි. මටත් ඔය වගේ වැඩක් උනා. හබෛ කොමොඩ් එකට නෙමෙයි බාත් රූම් එකේ wash Basin එකට. මගෙ ෆෝන් එක Nokia 6600. සතියක් විතර යනකම් ස්ක්‍රීන් එක අස්සේ වතුර තිබ්බා.

  5. අහ්.. ඔව් ඔව් පෝන් විතරක් නෙමේ මම දවසක් ගියා කැමරාවක් ගන්න. ඒ කඩේ වතුර පුරවපු ෆේල් එකක් තියලා තිබුනා කැමරා තියන හරියෙ .කැමරා ගැන විස්තර කරලා දෙන්න ආපු වෙළද සේවකයා කැමරාවෙ තියනවනේ අර පුංචි නූලක් වගේ එකක් එක අතෙ දාගන කරකවමින් අපිට කැමරාව ගැන විස්තර කරලා දෙන අතරම මෙන්න කැමරාව විසිකරා අර වතුර බාල්දියට.
    හෆොයි මම හිතුවා අද නම් මෙයාගේ රස්සාවට තට්ටු තමා …හොද වැඩේ අපිට පණ්ඩිතකම පෙන්නන්න ගිහිං උන වැඩේට කියලා.
    ඔහු අහනවා ඇයි බය උනාද? කියලා.
    නොකිව්වට ඔව් ඉතින් අපරාදේනෙ කැමරාව අයිති කඩේ ට උනත්..හී හී
    ඒත් ඉතින් වැරදිලා තියන්නේ අපිට. ඒ වතුර බාල්දිය එතන තියලා තියන්නේ පාරිභෝගිකයාට කැමරාව වතුරෙ දැම්මත් වැඩ කියලා පෙන්නන්නලු..ඒක කෝක උනත් ඒ කැමරා වර්ගය අපි ගත්තෙ නැහැ කියලත් මට මතකයි හේතුවත් කැමරාවෙ වර්ගයත් නම් අමතකයි..
    හා අනික මේ ලංකාවේ නෙවේ යුරෝපයේ එක්තරා රටකදී මේ සිද්දිය උනේ

  6. මමත් ඕක පාවිච්චි කල හුඟාක් කල්. ගලේ ගැහුවත් වැඩ නේද මචන්.

  7. patta phone eka machan mama oka poler gahalath eka parak set kalama wada machan.mage palawene phone eka bro.

  8. 3310 මරු එක දවසක් මගේ යලුවෙක් ඔක වෙන ප්‍රයෝජනයකට ගත්තා. එකෙක්ගේ ඔලුව පලන්න.

  9. හිහි… වෙලාවට ඕක පිටරටක වුනේ. ලංකාවේ පොදු වැසිකිලියක එහෙම වුනානං ෆෝන් එක නෙමෙයි, මැණික් ගලක් වුනත් ගන්න එක අමතක කරල දාන්න වෙනවා.

  10. මගේ ලගත් තිබුන ඔය ජාතියම එකක්, දවසක් ඕක උඩ සාක්කුවක දාගෙන මහරගම පොලේ යනකොට (වැසි දවසක) පොලේ කඩවල වහලට හයි කරපු ඉටි කොලයක් පුරවල තිබුන වතුර මගේ සාක්කුවෙන් එකයි, පෝන් එක දොයි, මොනව කරන්නද ගෙදර ඇවිල්ල කෑලි වලට ගලවල කරන්න දෙයක් බලනකොට මතක් උනා ශිතකරනෙ කොම්ප්‍රෙෂර් එක උඩ තිබ්බම හරි යයි කියල, උදේ බලනකොට බබා වගේ වැඩ,

  11. පින්ග්කිරීම: විභාග වඥ්ඥා තාක්ෂණය… « සීත සමීරෙන්…

  12. ඒ දවස් වලත් මොබයිල් එක අරන් වැසිකිලි යන්නෙ නයි පටවන්නද? O_o

  13. මටත් ඔය කෙළිය වුනා ළඟතදී. හැබැයි Nokia 5320 එකකට. මගේ බෝඩිමේ ඉන්න එකා, මේසේ උඩින් ඇදලා තියෙන රෙදි වැලට තෙත රෙද්දක් දාලා මම phone එක අතට ගන්නකොට වතුර ඇතුළට ගිහින් ඕෆ් වෙලා.

    ඒ වෙලාවෙම ගලවලා laptop ‍fan එක ගාවින් තිබ්බා. පහුවදා උදේ බබා වගේ වැඩ!!!

  14. පින්ග්කිරීම: කක්කුස්සි ටෙක්නොලොජි | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )