Monthly Archives: අප්‍රේල් 2010

එක එක නමින් ගන්නට ඇති “සිලෝන් ටී” ..


ශ්‍රී ලංකාව තේ නිශ්පාදනයට ප්‍රචලිත රටක්. තේ යනු ලංකාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යක් වගේම ප්‍රමුඛ ආදායම් මාර්ගයක්. දශක ගනනාවක අනර්ඝත්වයේ ප්‍රතිඵලක් ලෙස ශ්‍රී ලාංකීය තේ විවිධ රටවල් වල ඉතා ජනප්‍රියයි… මේ නිසාම ” සිලෝන් ටී” [Ceylon Tea] යන වෙළඳ නාමය දසත පැතිරී ගිය එකක්.. මෑතක සිටන් ලංකාවේ තේ කර්මාන්තය පසුබෑමකට ලක්වී ඇති බව නොරහසක්.. කෙන්යාව වැනි රටවල් ලංකාව අභිබවා තේ අපනයනය කරන්නට සමත් වෙලා.. ඒ පසුබෑම ගැන කතාකිරීම් වෙනම මාතෘකාවක්.. මොකද තේ සඳහා වෙනම පර්යේෂණාගාර සහ අනෙකුත් සියලුම පහසුකම් තිබියදී අංක එකෙන් බිමට වැටුනේ කියන එක ලොකු ප්‍රහේලිකාවක්…

මම කියන්න යන්නේ අද කටාර් වල එක්තරා වෙළඳසැලකට මම ගිය වෙලාවෙ දැක්ක දෙයක්…

ගෙදර තේ ඉවරවෙලා නිසා මම ගියා තේ තියෙන රාක්ක පෙදෙසට…

එක පාරටම මට පුරුදු සිංහයෙක් ගේ සංකේතයක් ඇහැ ගැටුනා.. බැලින්නං ” සිලෝන් ටී” !!

ඩිල්මා වගේ තේ වර්ග දැකල තිබුනට මේ තේ වර්ගය පුරුදු එකක් නොවෙන නිසා හොදින් විපරම් කරල බැලුවා…

එක රාක්කයක් පුරවලාම “සිලෝන් ටී”…. !!!!

එක එක වර්ගයෙන් සිලෝන් ටී… කවදාවත් අහල නැති නම් වලින්…

ඉතාම බාල තත්ත්වයේ ඇසුරුම් වලින්…රාක්ක පුරෝලා…

මම එකින් එක අතට අරන් බැලුවා…

ලෙබනනයේ, ජොර්දානයේ, වගේ තැන්වලින් තමයි පැක් කරලා තියෙන්නේ.. නමුත් ලේබලය ” සිලෝන් ටී” ….

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි අංකයක් හෝ “සිලෝන් ටී” ප්‍රමිති සහතිකයක අංකයක් හෝ ගහලා නැහැ…

ඒ රාක්ක පුරෝලා තිබ්බ ” සිලෝන් ටී” වල පින්තූර ටිකක් පහත අමුනලා තියෙනවා…

[සැ/යුතු: එක් පිතූරයක කොනකින් දැක්වෙන Stassen තේ වර්ගය නම් ලංකාවේ ප්‍රචලිත ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ  Stassen ව්‍යාපාරයට අයත් එකකි. ඒ පිළිබඳ ගැටලුවක් නැත. ]

” සිලෝන් ටී” සිංහ ලකුණ ගහන්න අවශ්‍ය කරන කරුණු මෙතන ලියලා තියෙනවා…එතන කියන විදියට පිටරටවල් වල සිටින ආනයන කරුවන්ට සිංහ ලකුණ යොදන්න බැහැ ඒවා ලංකාවේ දී පැක් කරලා නැත්නම්…

මේ නානාප්‍රකාර තේ වර්ග නිසා දැන් එම වෙළඳ සැල් වලට Mlesna, Dilmah වැනි නමගත් තේ වර්ග ගේන්නේ නැහැ…මට නම් හිතෙන විදියට මේක අපේ “සිලෝන් ටී” කීර්ති නාමය නම විකුනලා කරන කූට ව්‍යාපාරයක්…

තේ අපනයනය පහත වැටෙන්න මේ වගේ හේතුත් බලපාන්න ඇති කියල හිතෙනවා….

වගකිවයුත්තෝ මේ ගැන හොයලා බලත්වා කියල විතරයි කියන්න තියෙන්නේ…

ආදරයට බාධක!


ආදරවන්තයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ ආදරයට බාධා එල්ල වීම. ජාති බේධ, කුල බේධ, පන්ති බේධ, ආගම්, මුදල්, වගේ මෙකී නොකී හැම දේම ආදර සම්බන්ධතා වලට අකුල් හෙලනවා…

වාසනාවකට වගේ මට නම් තවම ඕවා එකක් වත් බලපෑවෙ නැහැ. ඉස්කෝල යන කාලේ, සාමාන්‍ය පෙළ කරන්නත් ඉස්සෙල්ල, ආදරය කරන්න ගත්තු මට බාධා එල්ල උනේ නැත්තේ, ගෙවල් වලින් ඒවා ගැන දැන ගන්නකොට ආදරත් නැති වෙලා ගිහින් තිබ්බ නිසා…

උසස් පෙළ කරන කාලේ වෙනකොට ඔක්කොම හබක්…

ඊට පස්සෙත් කෙනෙක්ට හිත ගියාට ඒවා හරි ගියේ නැහැ…

ඒවා ගැන රස කතා තියෙනවා, ඉඩක් ලැබුන වෙලාවට කියන්නම්…

හැම දේම වෙන්නෙ හොඳටනේ කියන එක ඒ දවස් වල තේරුනේ නැති උනාට එතනින් අවුරුදු 8 -9 කට පස්සෙ දැන් හැරිල බලනකොට හැමදේම වෙලාතියෙන්නෙ හොඳටයි…

උසස් පෙළත් තව පොඩ්ඩෙන් කෙළ වෙනවා.. කොහොම හරි මගේ අවසාන කාලේ උත්සාහය නිසා උසස් පෙළත් ගොඩ… උසස් පෙළින් පස්සේ ඔය හැම එකකම හැබෑ ස්වරූපය තේරුම් අරගෙන මට කල්පනාවුනේ අධ්‍යාපනයෙන් තොර මෙයින් ගොඩවීමක් නැහැ කියලයි… ෆුල් ගට දාලා පාඩම් කරලා ඉහලින්ම උපාධිය ගොඩදාගන්න පුළුවන් උනා..

ඔය ඔක්කොම කරලා රස්සාවකුත් කරන ස්ථාවර මනුස්ස්යෙක් උනාට පස්සේ ඔන්න ආයෙත් මල්සරා හොයාගෙන ඇවිත් විද්දා විදිල්ලක්… දැන් ඉතින් ඒකෙන් ගැලවීමක් නැහැ… මොකද මම බලාපොරොත්තු උනාට වඩා ඉතා හොඳ කෙනෙක් ලැබුනම කොහොම අතාරින්නද? ඉතින් ඒ ආදරයටත් බාධක නම් නැහැ… දෙපැත්තේම දෙමාපියන් එකඟයි…

මාතෘකාවෙ තියෙන, මට කියන්න ඕන කතන්දරේ පටන් ගන්නේ ඒතනින් පස්සේ… ඊට ඉස්සරින් ඔය පත හෑල්ලක් පුළුවන්-කෙටියෙන් ලියන්න හිතුනේ, තමන්ගේ සැබෑ අරමුණ තේරුම් අරගෙන වැඩකරන්න කියන එක සා/පෙළ, උ/පෙළ කරන, ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට කියන්නයි…. මම කරගත්තා වගේ අධ්‍යාපනයයි ආදරයයි අච්චාරු දාගන්න එපා.. ඉගෙන ගෙන ඉවර උනාම ඒවා නිකන්ම ලැබෙනවා…

හරි… බණ ඉවරයි..

කතාව තමයි, දැන් දැන් මගේ ආදරයටත් නිතරම බාධක… මේක කියවන මාව දන්න කියන උදවිය බලනවා ඇති මොකද මේ ළඟදි බඳින්න ඉන්න මනුස්සයාට උනේ කියලා…

කතාව ඇත්ත..බාධක නම් බෝමැයි.. ඒත් අර උඩින්ම ලියලා තියෙනවා වගේ ඒවා නම් නෙවෙයි…

දැන් ටික කලක ඉඳලා ඉස්සර ෆුල් සපො’ට් එකෙන් හිටපු ස්කයිප් එකත් මගේ ආදර‍යට බාධකයක් වී ඇත…

ස්කයිප් නිතරම ඩ්‍රොප් වෙයි….

යාහූ වලින් හරිහැටි ඇහෙන්නේ නැත….

ගුගල් ටෝක් එකට මැසේජ් එකක් වත් හරිහැටි යවාගන්න බැරි‍ය…

මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් පණ අදින්නා සේය…

දෙපැත්තේ මොබයිල් බිල් ගොඩගැහිලාය…

බලාගෙන ගියාම, “බාධක නැති ආදර නෑ” කියන්නේ ඇත්තය…

අයි.පී.එල් වලින් අප ගතයුතු පාඩම්


තුන්වන අයි.පී.එල් තරඟාවලියේ අවසානයත් ලඟාවෙලා.

කවුරු කෙසේ කීවත්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට අයි.පී.එල් වලින් ලබාදී තියෙන්නේ විශාල සේවයක්… ඉතාම දූරදර්ශී විදියට ඔවුන් ඉන්දීය ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රීඩකයක් එක්ක මුහු කරලා ඔවුන්ට සරිලන හොඳ පුහුනුවක් ලබා දී තිබෙනවා… දැන් ඉන්දීය ක්‍රිකට් සංචිතය ඉස්සරට වඩා ශක්තිමත්… Bench Strength එක ඉතාම ඉහලයි… මුරලි විජේ, උත්තප්පා, මනිෂ් පාන්ඩේ, වැනි නවක තරු බිහි වී තිබේනවා…

ශක්තිමත් දෙවන පෙළක්, මේක ඉන්දියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට කෙසේවෙතත්, එක්දින ක්‍රීඩාවටනම් ඉතාම රුකුලක්. මොකද අවසානයේ ක්‍රිකට් කිරුළ රඳාපවතින්නේ එක්දින ලෝක කුසලානය මත නිසා…

මෙහිදී ඔවුන් කරපු එකම දේ, කණ්ඩායම් ටිකට පාට ඇඳුම් අන්දවලා, ලස්සන පිට කවරයක් දාල, විශාල මාධ්‍ය ආවරණයක් දීල, ගැණුම් කරුවන් ඇද ගත්තු එකයි… ප්‍රතිඵලය, විශාල මුදල් කන්දරාවක් ගලා ඒම… මෙහි තියෙන ආකර්ශනීය පිට කවරය සහ විදේශීය ක්‍රීඩකයන් නිසාම ලෝක‍ය පුරාම ප්‍රචලිත වුනා…

ඒ සියල්ල අපි දන්න දේවල්… හිතන්න මේ සියලුම මුදල් හුවමාරු වෙන්නේ ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය හරහා… මේ තුලින් ලබන ලාබයෙන් ක්‍රීඩාවෙ උන්නතියට ඔවුන් ගොඩක් දේ සැළසුම් කර අවසන්…

කුඩා රටක් වෙලත්, දක්ශතා අතින් පසුගිය දශක දෙක තුළ ශ්‍රි ලංකාව කෙසේ හෝ ඉන්දියාව ආසන්නයෙන්ම හෝ ඊට වඩා ඉහලින් සිටියත්, දැන් දැන් අප ආක්‍රමණය කරමින් ඔවුන් දැවැන්ත කණ්ඩායමක් බවට පත් වී තිබෙනවා…

ලංකාවේ ශක්තිමත් දෙවන පෙළක් හදාගන්න විධිමත් වැඩක් තාම වෙලා නහැ… අන්තර්-පළාත් තරඟාවලිය වත් ප්‍රේක්ෂකයන් ඇදගන්න විදියට කරන්න අසමත් වෙලා… ඒ තරඟ වලට හරිහැටි මාධ්‍ය ආවරණයක් නැති තරම්… බස්නාහිර, වයඹ. උතුරු මැද කියලා කණ්ඩායම් තිබ්බට අයි.පී.එල් එකෑ කරල තියෙනවා වගේ පිට කවරයක් හදා ගත්තනම් පොඩ්ඩක් හරි මේක ප්‍රචලිත කරගන්න තිබ්බා කියලයි මට හිතෙන්නේ. අයි.පී.එල් වලත් මුම්බායි, දිල්ලි, චෙන්නායි කියල විතරක් තිබ්බ නම් ඒකටත් වෙන්නේ ඒ ටිකමයි…දකුනු අප්‍රිකාවේ සහ කොදෙව් දූපත් වලත් මේ ක්‍රමය අනුගමනය කරල තිබෙනවා…උදාහරනයක් විදියට කේප් කෝබ්‍රා වගේ කණ්ඩායම් ගන්න..

මෙතන තියෙන මූලික අඩුව තියෙන්නේ Marketing හෙවත් අලෙවිකරණයේ කියලයි මට හිතෙන්නේ… අපේ ක්‍රිකට් ක්‍රීඩාව අලෙවිකරන්න බැහැ කියන එකනම් පිළිගත හැකි දෙයක් නෙවෙයි… ඉන්දියාවෙ තරම් කරන්න බැරි උනත්, ලාංකීය ප්‍රේක්ෂකයෝ ටිකවත් ගෙන්න ගන්න අපි අසමත් වෙලා… ළඟදි සමුගෙන ගිය මාවන්, අරවින්ද, කලූ, වාස් වගේ අපේ ප්‍රවීන ක්‍රීඩකයොන්ටත් සෙල්ලම් කරන්න දීලා හොඳ තරඟාවලියක් සංවිධානය කරා නම් අපේ දෙවෙනි පෙළ මීට වඩා හොඳට හදාගන්න තිබ්බා…

දැන් තියෙන විදියට මහේල, සංගා, දිල්ෂාන්, මුරලි ගියාට පස්සේ අර කලින් අරවින්ද අර්ජුන ගියාම තිබ්බා වගේ තැනකටම වැටෙන පාටයි… ඒ අතින් ඉන්දියාවේ ගම්භීර් සහ ෂෙවාග් ගෙ ආරම්භක තැන ගන්න අයි.පී.එල් වලට පින් සිද්ද වෙන්න දැන් 10ක් විතර පෝළිමේ ඉන්නවා…

අයි.පී.එල් වලින් ඉන්දියාවට කරගන්න බැරි උන එකම දේ ඔවුන්ගේ පන්දු යවන්නන් හදාගන්න එක පමණයි… 20යි 20 තරඟාවලියකදි ඒක කොහොමටවත් කරන්න බැහැ… නමුත් ඔවුන් ඒකටත් විසදුමක් හොයා ගනීවි..

අයි.පී.එල් වලින් අපිට ගන්න පුළුවන් පාඩම් ගොඩයි… අයි.පී.එල් වගේ තරඟාවලියක් පටන් ගන්න කියල නෙවේ මේ කියන්නේ… ලංකාවේ දැනට තියෙන අන්තර්-සමාජ තරඟ, පළාත් තරඟ ජාත්‍යන්තර තළයකට ගෙන එන්න වැඩ පිළිවෙලක් අවශ්‍යය බවයි මෙයින් කියන්නේ… අයි.පී.එල් මේක කරේ විදේශීය ක්‍රීඩකයින් වෙන්දේසි කරලා කණ්ඩායම් වලට බෙදාදීලා… මේ ක්‍රීඩකයින් එක්ක සෙල්ලම් කරද්දි නවකයින්ට ලැබෙන අත්දැකීම් සහ නිරාවරණය ඉතා වටිනවා…

මගේ අදහසේ හැටියට ඉන්දියාවට වඩා දක්ෂ සහ අපටම ආවේනික ක්‍රීඩකයන් අපට සිටිනවා.. මේ අයට අත්දැකීම් ලබාදෙන්න අඩිතාලමක් අවශ්‍යයි…

සම්පත් වලින් අඩුවක් නැත, ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් වලින්ද අඩුවක් තිබිය නොහැක. අඩුව ඇත්තේ නිවැරදි දැක්මක් සහ සැළසුමක් ඇති පාලකයන් ය. අඩුව ඇත්තේ ලලිත් මෝඩි වැනි දක්ෂ චින්තකයන්ය…

ගෙදර ඉඳන් New York වටේ රවුමක් යමු…


New York බලන්න යන්න කවුරුත් කැමතියි නේ, සල්ලි නැති නිසා ගොඩක් අය ඉතින් Grand Theft Auto: Vice City ගේම් එකවත් ගහල New York බලාගන්නවා..

ඒත් ගුගල් පෘතුවියෙන් [Google Earth] දැන් New York නුවර ත්‍රිමාණව බලන්න පුළුවන්… අපි කාටත් සුප’ර් මෑන් කෙනෙක් වගේ New York වල පාරවල් දිගේ පියඹාගෙන යන්න පුළුවන්..

වැඩි බයිලා ඕන නැහැ.. පහතින් අමුනලා තියෙන වීඩියො එක බලලා ඉන්න.

වැඩි විස්තර ඕන අය මෙතනට ගිහින් කියවන්න….

අපේ වැඳීමේ කලාව


මේක ලියන්න හිතුනේ “තනතුරට වැඳීම” කියලා Beyond Frame බ්ලොග් අඩවියේ තිබුන ලියුමක් කියවලා… ඒ ලියුම් කරුගෙ ප්‍රවේශය මම අගය කරනවා…

ලංකාවේ අපි පුරුදුවෙලා ඉන්නේ හැමෝටම වඳින්න… දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් ට වඳින්න කියල තමයි අපට පොඩි කාලෙ ඉඳල කියල දීල තියෙන්නේ…

ඒක ඉතාම හොඳ ආචාර ධර්මයක්… ඒ ගැන කතාදෙකක් නැහැ…

මෙතන වැදගත්ම දෙය කියල දෙන්න අමතක වෙලා තියෙන්න… පිදිය යුත්තන්ට පමණක් පුදන්න කියල අපිට කියල දීල තිබ්බට, ඉස්කොලෙ සහතික දෙන්න ගෙන්නන එක එක දේශපාලුවන්ට වඳින්න කියල කියන්නේ අපේ ගුරුවරුන්මයි… පාසැල් වල උත්සව වලට දේශපාලුවෝ ගෙන්න ගන්න එක තරම් අපරාධයක් තවත් නැහැ… අපි ඉගෙන ගන්න කාලෙ සහතික ගන්න වැඳලා තියෙන්න පාසල් අධ්‍යාපනයක් වත් නැති එවුන්ට නේද කියල දැන් බැලුවම හිතෙනවා…

මම ලඟදි පත්තරේක දැක්ක ඉස්කොලේකට එක්තරා දේශපාලුවෙක් ගිහින් තියෙනවා පොඩි ළමයින්ට තෑගි බෙදන්න… මේ පුද්ගලයා ස්ත්‍රී දූෂන චෝදනාවකට ලක් වුන කෙනෙක්… චෝදනාවෙන් වැරදි කරුවෙක් උනේ නැති උනේත් දේශපාලන බලය නිසාලු… මේ වගේ මිනිස්සු ගෙන්නලා පොඩි උන් ලවා වැඳවීම හෙන ගහන අපරාධයක් කියලයි මට නම් හිතෙන්නෙ…

ඒ වගේම වැඩිමනක් අපේ දෙමාපියනුත් ගොඩක් වෙලාවට අහවල් පුද්ගලයාට වඳින්න කියල කියනවා… පොඩි කාලෙ නම් දන්නේ නැති නිසා කියල දෙනවා කියල හිතන්න පුළුවන්, ඒත් ලොකු උනාමත් එහෙමයි ගොඩක් වෙලාවට,

පුතේ මේ අහවල් මාමා ය, අහවල් නැන්දා ය, කියල ඉන්ට්‍රොඩියුස් කරලා කියන අනිත් එක තමයි වඳින්න පුතේ කියල කියන එක… ගොඩක් වෙලාවට ඒක නොකිව්වත් ඒක බලාපොරොත්තු වෙනවා… සමහර වෙලාවට මේ පුද්ගලයා කසිප්පු කාරයෙක්, හොරෙක් වෙන්නත් පුළුවන්… වැඩිමහල් උන පළියට “පිදිය යුත්තෙක්” වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ…

ඉස්කෝලෙ යන කාලෙ තෑගි ප්‍රධානොත්සවයක් බලන්න අපේ අම්මයි තාත්තයි දෙන්නම ඇවිත් හිටියා… මතක තියෙන විදියට 6 වසරෙද කොහෙද… මට කීප වතාවක් විතර ස්ටේජ් එක උඩට යන්න උනේ විෂය තෑගි කීපයක් තිබුන නිසා… දණ ගහලා වඳින්නේ නැතුව අපිට කියල දුන්න විදියට නැමිලා ආචාර කරලා තෑග්ග සහ සහතිකේ අරන් එන්නයි තිබුනේ… තෑගි ප්‍රධානොත්සවය ඉවර වෙලා අපේ තාත්තා මට එක දෙයක් කිව්වා…

පුතේ, වැන්ඳට ආචාර කළාට කමක් නැහැ.. ඒත් ඔය කාටවත් ඔලුව නමන්න නම් එපා කියල…

පස්සෙ ෆොටෝ දැක්කම තමයි තේරුනේ මම ඔලුවත් නමාගෙන ආචාර කරන හැටි… එදායින් පස්සේ තෑගි අනන්තවත් හම්බුනා.. වඳින්නත් උනා, ඒත් ඔලුව නැමුවේ නම් නැහැ…

අපි වඳින්නේ කාටද, අපේ දරුවන්ට වඳින්න කියන්නේ කාටද කියන එක අපේ පරම්පරාව වත් හරිහැටි තේරුම්ගත්තේ නැතිවුනොත්, ඉස්සරහටත් අපිට ලැබෙන්නෙ දේශපාලුවන්ට සහ සුද්දන්ට වැඳ වැඳ යන නිවටුන් ටිකක් විතරයි…

ව(ර්)ඩ් ලියවිල්ලක් PDF වලට Convert කරන්න ගුගල් යොදාගන්න


කාර්‍යලයේ වැඩ වලදි වගේම අධ්‍යාපන සහ එදිනෙදා වැඩ වලදි අපට නිතරම ඕනෑ වෙන දෙයක් තමයි අපේ ව(ර්)ඩ් ලියවිලි PDF වලට Convert කිරීම.

ඕක කරගන්න මමත් අනේකවිධ මෘදුකාඃග අද වෙනකන් ස්ථාපනය කරල තියෙනව, ෆ්‍රී ඒවා, ක්‍රැක් කරපු ඒවා වගේ එක එක ජාති…

දැන් නම් ඉතින් එච්චර වද වෙන්න ඕන නැහැ ඒක කරගන්න… මොකද අපේ අන්තර්ජාලයේ ගෝඩ් ෆාද(ර්) වන ගුගල් වලින් ඒක ලේසියෙන්ම කරගන්න පුලුවන් නිසා…

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි..

යන්න ගුගල් docs වලට,

ඔබේ ව(ර්)ඩ් ලියවිල්ල “upload” කරන්න ගුගල් docs වලට

ඉන්පසු කරන්න තියෙන්නෙ “File > Print ” එක select කරන්න විතරයි..

කරලා බලන්න…

අවුරුදු කාලෙට මම පෝසතෙක් වුන හැටි…


දන්නෙම නැතුව අවුරුද්දත් ඇවිල්ලා…

මුලින්ම මේක කියවන-නොකියවන ශ්‍රී ලංකාවාසී හැමෝටම සියළු සුබ ප්‍රාර්ථනා ඉටුවන කිරියෙන් පැණියෙන් උතුරන අළුත් අවුරුද්දක් වේවා…. ! කියල පටන් ගන්නවා…

ලංකාවෙ ඉන්න හැමෝටම අඩු වැඩි විදියට අවුරුදු තිබුනට අපට නම් ඉතින් වෙනදා වගේම වැඩට යන්න වෙනවා… අපට අවුරුදු එන්නේ ඉතින් පඩි දවසට තමයි… ඒකත් ටික වෙලාවයි… පඩිය හැරෙන තැපෑලෙන් ලංකාවට යැව්වම අවුරුදු ඉවරයි… ඊට පස්සෙ ඉතින් ලබන පඩිය වෙනකන් නොනගතය තමයි. ගනු-දෙනු කෙරිලි බොරු..

ගනු-දෙනු කිව්වම මතක් වෙන්නේ පොඩි කාලෙ අවුරුදු සමරපු හැටි තමයි. හැම අවුරුද්දටම කොච්චියේ ගමේ යනවා… මට නම් අවුරුදු කාලෙ වැදගත්ම දේ තමයි ගනු-දෙනු කරන එක…

ගනු-දෙනු කරන වෙලාව ආවම පොඩි එකා උනාට මමත් යනවා බුලත් කොළ ටිකක් අරන්… මගේ අතේ තියෙන්නෙ ඉතින් ශත පනහේ, රුපියලේ දෙකේ කාසි තමයි. ඕකක් බුලත් කොලේක ඔතලා මුලින්ම ගනුදෙනු කරන්න යන්නේ සීයා ගාවට.. පරම්පරාව ගෙනියන්න ඉන්න එකම මුණුපුරා නිසා උන්දෑ මට හරී ආදරෙයි.. ඉතින් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව මගෙත් එක්ක සීයක් දෙසීයක් විතර ගනුදෙනු කරනවා මම දෙන රුපියල අරගෙන.

අපේ නැන්දලා, එහෙම දෙන්නේ රුපියල් 20ක් නැත්නම් 50ක් තමයි.. මමත් ඉතින් ඒ අනුව එයාලට දීපු රුපියල් දෙක ආපහු ඉල්ලගෙන ආයෙත් ශත පනහක් වගෙ දෙනවා… ආදායම් අනුව වියදම් සමාන කොරන්ඩ එපැයි!

කොහොම හරි වැඩියෙන්ම ප්‍රොෆිට් එන්නේ තාත්තත් එක්ක ගනුදෙනු කරාම තමයි. ආදරේ වැඩි නිසාමද කොහෙද 500 නෝට්ටුත් දුන්න වෙලාවල් තිබුනා…

ඔහොම රුපියලේ, ශත පනහේ කාසි සුද්දා වගේ විසිකරලා මම හෙන පෝසතෙක් වෙනවා අවුරුදු කාලෙට…

අවුරුදු ඉවර උනාම මටම කියල වෝට(ර්) ගේම් එකක් එහෙමත් නැත්නම් කිරි ටොයියා වගේ බැට් එකක් හරි තව මොකක් හරි ගැජ-මැටික් එකක් මම ගන්නවා… කොහොම හරි අප්‍රේල් මාසෙ අන්තිමට අපේ අම්මාටත් ණයට සල්ලි දෙන්න තරම් මම මහා ධනවතෙක් වෙනවා…

ඉතින් අවුරුදු කාලෙ ජොලි කියන්නේ නිකන්යැ …