සල්ලි මත දුවන දේශපාලනය…


මුලින්ම එක ප්‍රශ්නයක්…
රටේ සාමාන්‍ය පුද්ගලයෙක්ට දේශපාලකයෙක් විය හැකිද?

හිතල බැලුවොත්, “සල්ලි නැත්නම් දේශපාලනය කරනවා බොරු” යන එක ඇත්තකි. මේ දිනවල පාරට බැහැල බැලුවොත් මේ පෝස්ටර් වලට වියදම් කරපු සල්ලි වලින් අර නිරපරාදෙ මැරිල ගිය අමිල දරුවා වගේ දරුවන් කී දාහකට කන්න දෙන්න තිබ්බද කියල හිතෙනවා ඇති. පෝස්ටර් ගහන්න, මීටින් තියන්න, කැන්වසින් යන්න, පත්‍රිකා අච්චු ගහන්න කීයක් නම් වියදම් වෙනවා ඇත්ද? මේ සල්ලි කොහෙන්ද? ගොඩක් වෙලාවට ඡන්දෙ කරන උදවියට මේ සල්ලි දෙන්නෙ ව්‍යාපාරිකයො, තැබෑරුම් කරුවන්, සහ නොයෙකුත් ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් ඉන්න උදවියයි… එහෙව් උදව් ලබපු උදවිය බලයට ආවම කරන්නේ අර උදව් කරපු අය පෝෂණය කරන එක විතරයි. පසුගිය ඡන්ද දිහා බැලුවම තේරෙන එක දෙයක් තමයි වැඩියෙන් සල්ලි වියදම් කරපු කෙනා දිනන බවයි. හොරෙක්, මංකොල්ල කාරයෙක්, බුකී කරුවෙක්, කොටි හිතවාදියෙක් උනාට සල්ලි වැඩියෙන් වියදම් කරලා ගහක් ගලක් නෑර දැන්වීම් ගැහුවනම් කිසිම කරදරයක් නැතුව පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්.

මෙහෙම් බැලුවම හෙට දවසක අර ඒකොන් ගොයියත් ඇවිල්ල රට පිරෙන්න පෝස්ටර් ටිකක් ගැහුවනම්, කෙලින්ම පා.ම. කෙනෙක් වෙන්න තිබ්බා…

ඡන්ද ක්‍රමයේ වැරැද්දක් තිබෙන බව ඇත්ත… නමුත් ක්‍රමයට බැන බැන ඉන්න අපි ඡන්දෙ දීල පත්කරල යවන්නෙ කියල අපි කවුරුත් හිතන්නේ නැහැ. සාර්ථක ව්‍යාපාරිකයෙක්, ක්‍රීඩකයෙක්, නලුවෙක්, නිලියක්, හමුදා නිලධාරියෙක් වෙච්ච පලියට රටේ නීති හදන, ව්‍යවස්ථා හදන කෙනෙක් වෙන්න පුලුවන් කියල හිතන එක බොරු වැඩක්. එසේ දක්ෂ පුද්ගලයක් සිටිය හැකියි. එහෙම නම් ඒ අය කළ යුත්තේ මුලින්ම ප්‍රාදේශීය සබාවකට ඡන්දෙ ඉල්ලා එහි වැඩ කර තමන් සාර්ථක දේශපාලකයෙක් බවට ජනතාවට පෙන්වීමයි. එහෙව් නොවන අයට “ටෙස්ට් රන් එකක්” දීල බලන්න පාර්ලිමේන්තු යවන එක ලොකු අවදානම් දෙයක් කියලයි මට හිතෙන්නෙ…  එහෙම අයට ඡ්න්දෙ දෙන එක ගැන දෙපාරක් හිතල බැලිය යුතුයි…

කොච්චර තෙවන ලෝකෙ රටක් උනත් මොන දේ අඩුව තිබුනත් නිදහස ලැබුන දා ඉඳල අපිට ඡන්ද වලින් නම් කිසිම අඩුවක් තිබුනෙ නැහැ. ඒ ඡන්ද වලට වියදම් කරපු සල්ලි ටික එකතු කරල තිබ්බ නම් අද මීට වඩා වෙනස් රටක් දැකිය හැකිව තිබුනා…

ඊළඟට තියෙන ප්‍රශ්නය කොච්චර දක්ෂ උනත් සල්ලි නැති මිනිහෙක්ට යමක් කල හැකිද කියන එකයි. මගේ අදහස නම් “ඔව්” කියන එකයි. සරල උදාහරනයක් විදියට අප අතරින් සමුගෙන ගිය ගරුතර සෝම හිමියන් ව ගන්න. උන්වහන්සේ අපේ රටේ ජනතාවගේ ආකල්ප සහ ආඩ්‍යාත්මය වෙනස් කලේ මහ ලොකු සල්ලියක් තිබිල නෙවෙයි…

අපි හැමෝම දුක් වෙනවා ලංකාව දියුනු වෙන්නෙ නැහැකියල… අර රටවල් වල මෙහෙමයි ඒ වුනාට අපේ රටේ මෙහෙමයි කිය කිය ඉන්නේ නැතුව, රට දියුණු කරන්න අපි අපේ යුතුකම්- වගකීම් ටික කරල ඉන්න ඕන. සිංහල බ්ලොග් කියවන්න එන උගත්, ඒ වගෙම නැණවත් මිතුරන් ගෙන මම ඉල්ලන්නේ මේ ක්‍රමය අපි වෙනස් කරමු කියලයි… වැඩියෙන්ම පෝස්ටර් ගහල තියෙන, වැඩි වැඩියෙන් අනුන්ගේ හෝ තමන්ගේ සල්ලි වියදම් කරලා රජ වෙන්න හදන අයට ඡන්දෙ නොදී ඉන්න… සුදුසු අයට පමණක් මනාපය දෙන්න…

සල්ලි මත දුවන දේශපාලනය බුද්ධියෙන් දියකර හරින්න…

Advertisements

3 responses to “සල්ලි මත දුවන දේශපාලනය…

  1. මොනව කරන්නද බං ක්‍රමයෙ වැරැද්දක් කියල කියන මේ පක්ෂ වල නායකයොම නේද මේ අපතයන්ව ලිස්ට් එකට දාන්නෙ. පරණ ආසන ක්‍රමය ආයෙ ගෙනාවත් ඒව බෙදල දෙන්නෙත් මේ අපතයන්ටම නේද? වෙනස් වෙන්න ඕනි මේ මැතිවරණ ක්‍රමයද? නැත්නම් මේ දේශපාලන සදාචාරයද?
    ඒක කරන්නෙ කොහොමද? කරන්නම් කියල එන කවුරුත් අන්තිමට තමන්ව වෙනස්කර ගන්නව කොකා පෙන්නල. අනේ මන්ද.
    මිනිස්සුන්ගෙත් වැරැද්දක් තියෙනව. තමාගෙ කතිරය ගහන්නෙ සුදුස්සෙක්ටද කියල හිතල බලන්නෙ නෑ.

  2. හොද කෙනෙක් යැව්වට වැඩක් නෑ එයා ඉන්නෙ රටට අහිතකර ප්‍රතිපත්ති තියන පක්ෂයක නම්

  3. සුදුසු අයට පමණක් මනාපය දෙන්න

    kohomada api kiyannea meka sudusuyi kiyalaa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )