අළුත් කලාවක් …


මේ පුංචි සිද්දිය උනේ මම උසස් පෙළ කරන කාලෙ… ඒ කිව්වෙ ඒ-ලෙවල් කරන කාලෙ…

ඉස්කෝලෙ ඉවර වෙලා මම බොරැල්ල බස් නැවතුමට ආව ගෙදර යන්න බස් එකක් ගන්න…. ටිකක් වෙලා බස් එකක් එනකං ඉද්දි, මගේ එහා පැත්තෙ හිටිය තරුණයා මගේ ලඟට කිට්ටුවුනා මගෙත් එක්ක කතාකරන්න වගේ…

පිරිසිදු අත්දිග කමිසයක් ඇඳල, ඒකට ගැලපෙන්න ටයි එකක් එහෙම දාල, පොර හොඳට ඇඳ පැළඳගෙන හිටියා… අතේ තිබ්බේ ෆයිල් කවරයක්… බැලූ බැල්මටම කෙනෙක්ට හිතෙන්නේ ඉන්ටර්වීව් එකකට යන කෙනෙක් වෙන්න ඇති කියලා…

මගෙ ලඟට ආපු ඒ පුද්ගලයා මගෙත් එක්ක කතාකරන්න ගත්තා…

“මල්ලි…”

” මල්ලි, අනේ තරහවෙන්නෙ නැතුව පොඩි උදව්වක් කරනව ද?”

මමත් ඉතින් ඇහුවා, “මොකද්ද අයිය වෙන්න ඕන” කියල…

“මල්ලි මම මේ ඉන්ටර්වීව් එකකට ආපු ගමන්, බලන්නකො මල්ලි කවුද යකෙක් මගෙ පර්ස් එකට ගහල නේ… මල්ලිට කරදරයක් නැත්නම් මට ගෙදර යන්න රුපියල් 20ක් දෙන්න පුළුවන්ද?”

අනේ ඉතින් මටත් තව ටික දවසකින් මෙයා වගෙ ජොබ් කටු හොයාගෙන පාරක් පාරක් ගානෙ ඉන්ටර්වීව් යන්න වෙනවා නේද කියල හිතිලා, ඒයාගෙ තැන ඉඳගෙන බැලුවම මට මගේ ගැනම දුක හිතිලා…. මම මේ පුද්ගලයාට රුපියල් 20ක්ම දුන්නා මේ කරපු උතුම් පුන්‍යකර්මයේ පිහිටෙන් පස්සෙ කාලෙක මම යන යන ඉන්ටර්වීව් සාර්ථක වෙන්න කියල හිතාගෙන!

මේ පුද්ගලයත් ඉතින් බොහොම යටහත් පහත්ව මුව පුරා තැන්ක්යූ කිව්වා මට, කරපු උදව්වට.

ඒ පුද්ගලයාගෙ සතුටු මූන දැකල, මට දැන් ජොබ් එකක් ලැබුනා වගේ කියල හිතෙන තරම් කික් එකක් ආව…

කොහොමින් කොහොම හරි දවස් 3ක් ගියා කියමුකෝ…

ඊට පස්සෙ දවසකත් මම ගෙදර යන්න එනකොට අර පුද්ගලයා ඉන්නව බස් හෝල්ට් එකේ… අදත් ඉන්ටර්වීව් එකකට යන්න වගේ ඇඳලා…

මමත් ඉතින් ගිහින් පැත්තකින් හිට ගත්තා… මම හිතුවේ පොර මාව අඳුනගනීවි කියල…

ඒත් එහෙම නෑ.. පස්සෙ මට හිතුනා අර රුපියල් 20 දෙන්න වෙයි වත් කියල වෙන්න ඇති එහෙම ඉන්නෙ කියල…

ටික වෙලාවකින් පොර මගේ ගාවට ඇවිත් කියනවා….

” මල්ලි, කවුද එකෙක් මගේ පර්ස් එකට ගහල මල්ලි.. මට මේ ඉන්ටර්වීව් එක ඉවර වෙලා ගෙදර යන්න බැරුව ඉන්නේ මල්ලි… මට බස් එකේ යන්න රුපියල් 20ක් ගන්න පුළුවන් වෙයිද?”

මේක අහපු මම එකපාරටම ඩිම් උනා… මම ඉතින් කිව්වා,

“අයියෙ පෙරේදත් ඔයාගෙ පර්ස් එකට කවුද ගහල තිබ්බා නේද” කියලා….

මේක අහපු පොර, “ආ…එහෙමද” කියල අනිත් පැත්ත හැරිල යන්න ගියා…

ඊට පස්සෙත් දවස් කීපයක් මිනිහා එක එක බස් හෝල්ට් වල ඉන්නවා මම දැක්කා…

කොහොම හරි මට හිතුනේ ඔය පොඩි කතාවක් හදල මිනිහ දවසට සෑහෙන ගානක් හොයාගන්න ඇති කියල…

ඒත් කමක් නැහැ කියල හිතුනා මොකද පොර හිඟා කන්නෙත් කලාවකට නේ. ලෝකෙ දියුණු වෙද්දි හිඟන්නෝ උනත් ජීවිකාව හොයාගන්න අළුත් අළුත් ක්‍රම හොයාගන්න ඕන…

Advertisements

6 responses to “අළුත් කලාවක් …

  1. ඔය විදියෙ මිනිස්සු අනන්තවත් ඉන්නවා.
    මටත් පේරාදෙණිය ටවුන් එකේදි ඔහොම මනුස්සයෙක් මුණගැහුනා (යුද්දෙ දවස් වල)..
    මුලින්ම මගෙන් ඇහුවෙ “මල්ලි ආමි එකේද?” කියලා
    නෑ කීවාම කියනවා “මල්ලි මම මුහමලේ ඉඳලා එනිං ගමන්. බස් එකේදි මගේ පර්ස් එකයි බෑග් එකයි හොරකම් කරලා, කෑගල්ලට යන්න ඕනි. බස් එකකට සල්ලි දීලා ටිකට් එකක් අරන් දෙන්න” කියලා.
    මම ඉතින් ගන්නෝරුව කෑම්ප් එක ගැන විස්තර කීවා ගිහින් උදව්වක් ගන්න කියලා..
    ඊට පස්සෙ “සල්ලි නැත්නම් කමක් නෑ මල්ලි” කියලා මාරු වුනා.
    යුද්දෙට යන ආමි එකේ කොල්ලෙක් බස් එකේදි තමන්ගෙ බෑග් උස්සනකන් බලන් ඉඳියි ද? නුවරට ආවත් පේරාදෙණියට ආවෙ පයින්ද කියලයි මට ඒ වෙලාවෙ අහන්න හිතුනෙ..

  2. තව ඔය වගේ කතන්දරකාරයෝ ඕන තරම් ඉන්නවා.
    කාලයක් 138 බස්වල ගියා කොල්ලෙක්, ඉස්කෝලෙ සහතික මිටියක් අරන්. ඒවත් අරන් අතන, මෙතන ඉන්ටවිව් වලට ගියා කියලා එයාට වුනයි කියන අසාධාරණකම් ගැන කියලා සල්ලි ඉල්ලනවා. රස්සාවල් කරන මිනිස්සුන්ට වඩා මිනිහා හම්බු කරන්න ඇති, මොකද හැමෝම 10-20 ඒව දුන්නෙ (මීට අවුරුදු 6-7 කට කලින්).

  3. මටත් ඔය වගේ සිද්දියක් උනා බස් එකේදි වයසක පිරිමි කෙනෙක් බස් එකට නැගල අනෙ මටත් ටිකට් ගන්න කියල කිව්ව. ඒ මනුස්සය ලග සල්ලි තියාගන හැමදාම ඕක තමයිලු කරන්නෙ බස් එකේ කොන්දොස්තර උන්නැහේ තමයි විස්තරේ කිව්වෙ.

  4. මටත් ඔහොම වැඩක් නම් වෙලා තියෙනව… හැබැයි කොල්ලෙක් නෙවෙයි…. අවුරුදු 45ක විතර ගෑනු කෙනෙක්…. පන්ති ඇරිල පයින් ගෙදර යද්දි පාර අයිනෙ ඉදල දුවේ කියල කතා කරල ළඟට ආව…. ඇයි කියල ඇහුවම …… බෝධි පූජාවකට පන්සල් ආව…… පන්සලේදි බෑග් එක නැති වුනා ගෙදර යන්න බස් එකට සල්ලි නෑ උදවුවක් කරන්න පුළුවන්ද දරුවො කියල….

    අනෙ අම්මාගෙ වයසෙ ගෑණු කෙනෙක් එහෙම කියද්දි සැක හිතන්නෙ කොහොමද. අතේ එවලෙ තිබ්බෙත් රුපියල් 20යි…. එක දීල මම ගියා…. පින්සිද්ද වෙච්චාවෙත් කිවුව දුන්නහම…

    ඊට දවස් 4කට විතර පස්සෙ ඒ ගෑණු කෙනාම අර කලින් හිටි තැනම හිටිය…. එදා මම ගියේ යාළුවෙක් එක්ක… මගෙ යාළුව ෆෝන් එකෙ මලක් කඩ කඩ ආව නිසා මං ටිකක් ඉස්සර වෙලා ගියා…. මාව දැක්ක ගමන් මේ ගෑනු කෙනා අහක බලා ගත්තා…… මමත් ටිකක් එහාට ගිහින් නැවතිල බැලුව යාළුව එන දිහා….. මේ ගෑනු කෙනා මගෙ යාළුවටත් අර කතාවම කියනව ඇහුන… මම ළඟට ගිහින් ඇහුව… ආන්ටිගෙ බෑග් එක හැමදාම පන්සලේදි නැති වෙනවද කියල…… එක අහපු ගමන් මේ මනුස්සයා දඩි බිඩි ගාල කොහාටදෝ දිවුවා…

    මේ සිද්ධිය වුනේ දැනට අවුරුදු 5කට විතර කලින්……. පුදුම මිනිස්සු…… ඔහොම බස් එකට යන්න සල්ලි ඉල්ලන තව ගෑණු කෙනෙක් ඉන්නව පොඩි ලමයෙක් එක්ක කිරුළනපන හන්දියේත්……..

  5. කලාවටත් වෙලාවක්…

    ඔය කියන බොරු එලව එලවා පල දෙනවා.
    අපි දෙන දෙයක් හොඳ සිතින් දුන්නානම් අපිට පිං.

    /බිඟුවා…!

  6. හිඟන්නොත් චාටර් වෙන්නෙ ඔයවගේ වැඩ නිසා…….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )