පිටරටවල් වල ඉන්න අපේ ඡන්දය…


ශ්‍රී ලංකාවේ හත්වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්දය අදයි… ඒ වගේම මේ ළඟදී බ්‍රිතාන්‍ය අගමැති ගෝ(ර්)ඩන් බ්‍රවුන් මහත්මයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය තියෙන්නේ මැයි 6 වැනිදා කියලා නිවේදනයක් නිකුත් කළා…

අපේ කන්තොරුවේ ඉන්න සුද්දත් එක්ක පොඩි රාජකාරී ගමනක් යද්දි අපි ඔය ඡන්ද ක්‍රමය ගැන කතාකර කර ගියා.

වෙනත් රටවල් වල ඉන්න සියළුම බ්‍රිතාන්‍ය ජාතිකයන් මැතිවරණය දවසට තමන් ඉන්න රටේ බ්‍රිතාන්‍ය තානාපති/ මහ කොමසාරිස් කාර්යාලයට ගිහින් ඡන්දය පාවිච්චි කරන්වා. මැතිවරණය ප්‍රකාශ කළාට පස්සේ වෙනත් රටවල් වල ඉන්න බ්‍රිතාන්‍ය ජාතිකයන් කළ යුත්තේ තමන් විදෙශීය ඡන්දදායකයෙක් බවට අදාල තානාපති කාර්යාලයේ ලියාපදින්චි වීම පමණයි.

ඔවුන්ගේ ඡන්ද හිමි නාම ලේඛණයෙන් ( පරිගණක ගත ) අදාල පුද්ගලයා විදෙශීය ඡන්දදායකයෙක් ලේස සටහන් වෙනවා. එවිට බ්‍රිතාන්‍ය තුළදී ඔහුගේ ඡන්දය අවලංගුයි.

රටින් පිට හිටියත් පුරවැසියෙක් වශයෙන් තමන්ගේ පාලකයා තෝරාගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඔවුන් විසින් සුරක්ෂිත කර ඇති හැටි පැසසුම් සහගතයි.

පිටරටවල් වල ශ්‍රී ලාංකිකයක් ලක්ෂ ගනනක් ජීවත් වෙනවා…

ඔවුන්ගේ ඡන්ද අයිතිය හිමි හොර ඡන්ද දමන්නන්ටද?

Advertisements

10 responses to “පිටරටවල් වල ඉන්න අපේ ඡන්දය…

  1. ලංකාව වගේ නොදියුණු සංස්කෘතියක් තියෙන රටක ඔය වගේ දෙයක් කරන එක ප්‍රායෝගික නැහැ.

    • ඡන්දෙයි, නොදියුණු සංස්කෘතියයි අතරෙ තියෙන ගැලපීම සහ ප්‍රායෝගික නැති බව ගැන පොඩ්ඩක් පැහැදිලිකරන්න පුළුවන්ද?

      මෙතන තියෙන්නෙ තාක්ෂණික තත්ත්වයේ අඩුපාඩු නිසා ප්‍රායෝගික නැතිබවක් මිසක් නොදියුණු සංස්කෘතියක ප්‍රශ්නයක් නෙවෙයි මිත්‍රයා… ඡන්ද ක්‍රමය හරිහැටි පරිගනක ගත වෙලා තියෙනවානම් මේක ඒ හැටි වැඩක් නෙවෙයි.

      ප්‍රායෝගික නැති අනිත් දේ තමයි මුදල්… මේ පහසුකම ඇති කරන්න යන මුදල් ප්‍රමාණය යොදවලා වෙනත් වැඩකට ඇති දෙයක් කරන්න පුළුවන් කියල කෙනෙක්ට හිතුනොත් එය වලංගු තර්කයක්…

  2. “ලංකාව වගේ නොදියුණු සංස්කෘතියක් තියෙන රටක”???
    how come culture has something to with this?

  3. ලංකාව තුළ ජීවත් වෙන මිනිස්සු පිටරට ජීවත් වෙන අපේම සහෝදරයො ඡන්දෙ පාවිච්චි කරනවට එතරම් කැමැත්තක් නැතිබවට බොහෝ විදෙස්ගත අය කියනව…

    http://not-so-pseudorandom.blogspot.com/2010/04/to-polls.html

  4. විදේශ රටවල තානාපති කාර්යාල වල වැඩිපුර ඉන්නේ ලොම් හැලිච්ච දේශපාලුවොයි, කටුකන සුනඛයනුයි. ඉතින් හොර චන්ද නොදා ඉදියි ද? මේ වගේ හොර වැඩ කරන්න හේතුව සංස්කෘතික පරිහානිය මිසක් වෙන මොකක්ද?

    නිකමට හිතමුකො ඕක ක්‍රියාත්මක කලා කියලා. ඊට පස්සේ මොකො වෙන්නේ. Embassy එක වටේ පෝස්ටර් අලවන්නයි, වෙඩි තියා ගන්නයි, මිනීමරා ගන්නයි පටන් ගනී. එකෙන් වෙන්නේ ලංකාව තවදුරටත් ලෝකය හමුවේ අපකීර්තියට පත් වෙන එකයි, ලංකාවේ චන්දයක් තියෙන කොට එක මෙහෙ ඉන්න ස්වදේශිකයන්ටත් මල වදයක් වෙන එකයි විතරයි..

  5. මහාවීරයා ගැන නං කණගාටුවක් විතරයි ඇතිවෙන්නෙ. වැඩක් කරන්නත් ඉස්සෙල්ලා බෑ කියන එවුන් රටින් පන්නලම දාන්න ඕන. කරල බලල බැරි නං බෑ කියපං කො. තමුන් විරුද්ධ පක්ෂෙ (යූඑන්පී) කියල රටට හොඳක් වෙන හැමදේටම එපා කියන්න එපා

  6. mahaveeraya wage awajathakayo bihiwenne nodiunu culture ekek thiyena ratawa thamai..
    e nisa uta bannina epa. u hari.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )