ශ්‍රි ලංකාවේ ප්‍රථම ආතල් පාර්ලිමේන්තුව !


පසුගිය දා නිමාව දුටු මැතිවරණයත් සමඟ ශ්‍රි ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුව, ප්‍රථම ආතල් පාර්ලිමේන්තුව වන බවට සළකුණු පහලවෙමින් තිබේ… කෙමෙන් කෙමෙන් එන මනාප ඡන්ද ප්‍රතිඵල සමඟ මේ බව වඩාත් පැහැදිලිවේ…

මේ අනුව යමින්, පෙර පාර්ලිමේන්තු වලට වඩා උද්යෝගී, සිනා පිරුනු ෆන් ලෝකයක් ලබන පාර්ලිමේන්තුවේදී බලාපොරොත්තු විය හැක. මීළඟ පාර්ලිමෙන්තුවේදී සිදුවිය හැකි යැයි මගේ මෝඩ හිතට නැගෙන දෙයින් ටිකක් පහතින් සටහන් කර තබමි.

~  ~  ~

  • ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟයක්… තරඟයේ වීරයාට ක්‍රීඩා ඇමති තනතුර සහ තවත් සැනසිලි ත්‍යාග… පාර්ලිමේන්තුවෙන් පිටත දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ජාතික ලැයිස්තු සංචිතයට… මීළඟ ලෝක කුසලානයට ඇමති වරුන්ගෙන් යුතු සංචිතයක්!
  • සමගි පුර වසන්තලා, රෙජිනෝල්ඩ්ලා, ධම්මික ලා මෙන්ම ආමන්තලා වැනි ලව්-බ(ර්)ඩ්ස්ලා ද පාර්ලිමේන්තුවේ ඇති බැවින්, පබා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හැරෙන්න අනිත් චරිත වලට වෙනත් මැති ඇමති මන්ත්‍රී මන්ත්‍රිනීයන් ආදේශ කොට රූගත කිරීම් පාර්ලිමේන්තුවෙ සිට.
  • මෙගා ස්ටාර් වැඩසටහන මින් පසු පාර්ලිමේන්තුවෙ සිට සජීවී ව….
  • “පනින රිළවුන් ට ඉනිමං නොමිලේ” සහ ” මල් කැඩීම තහනම් ” වැනි බෝඩ් ලෑලි පාර්ලිමේන්තුවේ හැම අතම…
  • අගමැති තේරීමට මහා කඹ ඇදීමේ තරඟයක්…
  • පාර්ලිමේන්තුව සජීවීව රාත්‍රී 7.30 සිට 9.00 දක්වා විදේශීය මෙගා නාට්‍ය යන වේලාවට…
  • සජීවී පාර්ලිමේන්තුව පෙන්වන නිසා රතු ඉර, තුලාව වැනි දේශපාලන සංවාද නවතා දමයි…
  • පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ මීටර් 100 X 4 සහාය දිවීමේ තරඟ දිනපතා… ප්‍රකට මන්ත්‍රී – මන්ත්‍රීනී වරුන් තරඟ බිමේ…

ලැබෙමින් පවතින ඡන්ද ප්‍රතිඵල අනුව තව තව ආතල් දේවල් සිදුවිය හැකියි කියල හිතෙනවා නම් පහල තියෙන කොටුවෙ ලියල යන්න…

අමුණලා තියෙන පින්තූරෙ ඉස්සුවේ මෙතනින්… > http://farm3.static.flickr.com/2635/4237084779_4089513ce5.jpg

Advertisements

19 responses to “ශ්‍රි ලංකාවේ ප්‍රථම ආතල් පාර්ලිමේන්තුව !

  1. එලකිරි මචෝ…
    මම මේ ඔය වගෙ එකක් ලියන්න හැදුව විතරයි…
    නියමෙට කියල තියෙනවා..කතාව ඇතත…දැන් පර්ලිමන්ට් ජෝක් ලයිව් පෙන්නන්න පුලුවන්..

  2. එළ එළැ මචන්….. එහෙනම් සනත් ජයසූරිය මන්ත්‍රී තුමාට& සුසන්තිකා මන්ත්‍රී වරියට සුභ අනාගතයක් වෙයි නේද….?

    ඇයි මචං පාර්ලිමේන්තුවේ සිට සජීවීව රූප රචනය කරන වැඩිහිටිටන්ට පමනයි කොමඩි වැඩසටහන් මාලාව….

  3. meeta passe parliment joke [ .com ] gedara indala balamu. rodda.

  4. පාරම්පරික උරුමක් කරුවන්ට , චන්ඩින් සල්ලි කාරයන් වෙනුවට කරීඩකයින් නලුනිලියන් පාර්ලිමේන්තු යෑම මම නම් ලොකු වරදක් දකින්නෙ නෑ.

  5. සුභ අනාගතයක්……….. [කාට හරි] 🙂 🙂 🙂

  6. පිස්සු පීකුදු . . . මෙන්න මේ විදිහටම වෙයි කියලා මටත් හිතෙනවා බන් . .. . නියම පෝස්ට් එක . . .. පස්සේ වෙලාවක පුලුවන් වුනොත් මාත් මේකට තව ටිකක් එකතු කරන්නම් . . .

  7. අලුතින් පත්වන අයට තම පුද්ගලික කටයුතු කරගැනීමට ඉඩදීම සදහා තම නියෝජිතයකු පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී කර ගැනිමටද අවස්ථාව සලසා දීඇති බව කරුණාවෙන් සලකන්න.

  8. හරියට හරි මලේ
    ටෙනිසන් කියන්න වගේ ඉල ඇදෙන සටන් සමග ඇඟ කිලිපොලා යන විහිළු බැලුව හැකි.

  9. ගොන් ක්ථා ලියන්නැතිව පොඩ්ඩක් වැදගත් දෙයක් ලියපන්කො , උබේ බ්ලොග් 1 ජෝක් වෙනුවෙන් හදපු 1 ද?

    • අනේ සමාවෙන්න බුධ්ධික මහත්තයෝ… අර “වැදගත් යමක්” කියන ඒවා ලියන්නේ කොහොමද කියල පොඩ්ඩක් කිව්වා නම්?

      සමාවෙන්න, මම චුටි චුටි නිසඳැස් කෑලි නම් ලියන්නේ නැත….

      මේ පැත්තෙ ඇවිත් යන්න එන්න නිතරම.. වැදගත් යමක් බැරි වෙලාවත් ලියැවෙලා තිබුනොත්…

      ස්තූතියි ප්‍රතිචාරයට!

  10. අැත්ත තිත්ත උනාට ඒක ෙවනස් කරන්න බැහැෙන. ලංකාෙව මිනිස්සුන්ට ෙත්ෙරන්ෙන නැත්ෙත ෙමාෙළ් නැති කම නිසාම ෙන ෙමයි. ෙමාෙළ් උඩ වාඩිෙවලා රස කතා වලට වහ වැෙටන නිසායි. කවදාවත් ලංකාව දියුණු කරන්න බැහැ. ෙමාකද ෙලා්ෙක ෙගාඩක් රටවලට ගිහින් අනිත් ජාතීන් අභිබවලා ඉස්සරහටම යන්න පුඵවන් ජාතියක් අැයි තාම ඒකතැන පල් ෙවන්ෙන. ගතානුගතික ෙද්වල් වලින් අයින් ෙවලා පුඵල් විදිහට බලන්න අෙප් මිනිස්සු කැමති නැහැ. මහින්ද යුද්ෙධ දිනුව කතාව අැත්ත. ඒක කරන්න තමයි මිනිස්සු ඒයාට ඡන්ෙද දුන්ෙන. නැතුව පවුල් සංස්ථාපනයට ෙනෙමයි. ඒයා අපට රටක් අැත පුතුෙන් කියලා පවුලම ෙසට් ෙවලා රටම කනකන් අපි බලන් ඉමු. අවංකවම අපි ඒ්කට සම්මාදම් නැහැ කියලා හිත හදාෙගන ඉස්සරහට යනවා අැෙරන්න ෙම් ෙමා්ඩයන්ට ඔව ගැන කියලා ෙදනන දගලන ඒක අෙප් ෙල් පුච්චන වැඩක්.

    ෙමානා උනත් හරිම creative. you have a very good vision. go on!!

  11. හික් හික් ආතල්ම පර්ලිමේන්තුව තමයි මේක. ඒත් ඉතින් කවුරු උනත් වැඩක් කරොත් හොදයි.

    අනික මර්වින් ල වගේ අයත් ඉන්න එකේ ඔය පබා නන්ගි ගියහම ඇති වරදකුත් නැහනේ.

  12. මේක කොමඩි කන්ටියක් – මේක මගඩි කන්ටියක් 😀

  13. පින්ග්කිරීම: මේක කොමඩිලන්තයක්! « සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )