අවුරුදු කාලෙට මම පෝසතෙක් වුන හැටි…


දන්නෙම නැතුව අවුරුද්දත් ඇවිල්ලා…

මුලින්ම මේක කියවන-නොකියවන ශ්‍රී ලංකාවාසී හැමෝටම සියළු සුබ ප්‍රාර්ථනා ඉටුවන කිරියෙන් පැණියෙන් උතුරන අළුත් අවුරුද්දක් වේවා…. ! කියල පටන් ගන්නවා…

ලංකාවෙ ඉන්න හැමෝටම අඩු වැඩි විදියට අවුරුදු තිබුනට අපට නම් ඉතින් වෙනදා වගේම වැඩට යන්න වෙනවා… අපට අවුරුදු එන්නේ ඉතින් පඩි දවසට තමයි… ඒකත් ටික වෙලාවයි… පඩිය හැරෙන තැපෑලෙන් ලංකාවට යැව්වම අවුරුදු ඉවරයි… ඊට පස්සෙ ඉතින් ලබන පඩිය වෙනකන් නොනගතය තමයි. ගනු-දෙනු කෙරිලි බොරු..

ගනු-දෙනු කිව්වම මතක් වෙන්නේ පොඩි කාලෙ අවුරුදු සමරපු හැටි තමයි. හැම අවුරුද්දටම කොච්චියේ ගමේ යනවා… මට නම් අවුරුදු කාලෙ වැදගත්ම දේ තමයි ගනු-දෙනු කරන එක…

ගනු-දෙනු කරන වෙලාව ආවම පොඩි එකා උනාට මමත් යනවා බුලත් කොළ ටිකක් අරන්… මගේ අතේ තියෙන්නෙ ඉතින් ශත පනහේ, රුපියලේ දෙකේ කාසි තමයි. ඕකක් බුලත් කොලේක ඔතලා මුලින්ම ගනුදෙනු කරන්න යන්නේ සීයා ගාවට.. පරම්පරාව ගෙනියන්න ඉන්න එකම මුණුපුරා නිසා උන්දෑ මට හරී ආදරෙයි.. ඉතින් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව මගෙත් එක්ක සීයක් දෙසීයක් විතර ගනුදෙනු කරනවා මම දෙන රුපියල අරගෙන.

අපේ නැන්දලා, එහෙම දෙන්නේ රුපියල් 20ක් නැත්නම් 50ක් තමයි.. මමත් ඉතින් ඒ අනුව එයාලට දීපු රුපියල් දෙක ආපහු ඉල්ලගෙන ආයෙත් ශත පනහක් වගෙ දෙනවා… ආදායම් අනුව වියදම් සමාන කොරන්ඩ එපැයි!

කොහොම හරි වැඩියෙන්ම ප්‍රොෆිට් එන්නේ තාත්තත් එක්ක ගනුදෙනු කරාම තමයි. ආදරේ වැඩි නිසාමද කොහෙද 500 නෝට්ටුත් දුන්න වෙලාවල් තිබුනා…

ඔහොම රුපියලේ, ශත පනහේ කාසි සුද්දා වගේ විසිකරලා මම හෙන පෝසතෙක් වෙනවා අවුරුදු කාලෙට…

අවුරුදු ඉවර උනාම මටම කියල වෝට(ර්) ගේම් එකක් එහෙමත් නැත්නම් කිරි ටොයියා වගේ බැට් එකක් හරි තව මොකක් හරි ගැජ-මැටික් එකක් මම ගන්නවා… කොහොම හරි අප්‍රේල් මාසෙ අන්තිමට අපේ අම්මාටත් ණයට සල්ලි දෙන්න තරම් මම මහා ධනවතෙක් වෙනවා…

ඉතින් අවුරුදු කාලෙ ජොලි කියන්නේ නිකන්යැ …

Advertisements

2 responses to “අවුරුදු කාලෙට මම පෝසතෙක් වුන හැටි…

  1. ඇත්තටම අළුත් අවුරුද්දේ සිරිත් විරිත්වලින් මාත් වැඩියෙන්ම කැමති ආහාර අනුභවයටයි [නොකා මොකුත් කරන්න බැහැ නේ] ගනුදෙනු කිරීමටයි තමා…….

  2. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වෙවා කියා මම පතනවා සහොදරයා.. රටෙන් දුරක සිටියත් ඔබටත් මෙහි අසිරිය විඳගන්නට ලැබන ලෙස මා ප්‍රාර්ථනා කරනවා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )