අපේ වැඳීමේ කලාව


මේක ලියන්න හිතුනේ “තනතුරට වැඳීම” කියලා Beyond Frame බ්ලොග් අඩවියේ තිබුන ලියුමක් කියවලා… ඒ ලියුම් කරුගෙ ප්‍රවේශය මම අගය කරනවා…

ලංකාවේ අපි පුරුදුවෙලා ඉන්නේ හැමෝටම වඳින්න… දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් ට වඳින්න කියල තමයි අපට පොඩි කාලෙ ඉඳල කියල දීල තියෙන්නේ…

ඒක ඉතාම හොඳ ආචාර ධර්මයක්… ඒ ගැන කතාදෙකක් නැහැ…

මෙතන වැදගත්ම දෙය කියල දෙන්න අමතක වෙලා තියෙන්න… පිදිය යුත්තන්ට පමණක් පුදන්න කියල අපිට කියල දීල තිබ්බට, ඉස්කොලෙ සහතික දෙන්න ගෙන්නන එක එක දේශපාලුවන්ට වඳින්න කියල කියන්නේ අපේ ගුරුවරුන්මයි… පාසැල් වල උත්සව වලට දේශපාලුවෝ ගෙන්න ගන්න එක තරම් අපරාධයක් තවත් නැහැ… අපි ඉගෙන ගන්න කාලෙ සහතික ගන්න වැඳලා තියෙන්න පාසල් අධ්‍යාපනයක් වත් නැති එවුන්ට නේද කියල දැන් බැලුවම හිතෙනවා…

මම ලඟදි පත්තරේක දැක්ක ඉස්කොලේකට එක්තරා දේශපාලුවෙක් ගිහින් තියෙනවා පොඩි ළමයින්ට තෑගි බෙදන්න… මේ පුද්ගලයා ස්ත්‍රී දූෂන චෝදනාවකට ලක් වුන කෙනෙක්… චෝදනාවෙන් වැරදි කරුවෙක් උනේ නැති උනේත් දේශපාලන බලය නිසාලු… මේ වගේ මිනිස්සු ගෙන්නලා පොඩි උන් ලවා වැඳවීම හෙන ගහන අපරාධයක් කියලයි මට නම් හිතෙන්නෙ…

ඒ වගේම වැඩිමනක් අපේ දෙමාපියනුත් ගොඩක් වෙලාවට අහවල් පුද්ගලයාට වඳින්න කියල කියනවා… පොඩි කාලෙ නම් දන්නේ නැති නිසා කියල දෙනවා කියල හිතන්න පුළුවන්, ඒත් ලොකු උනාමත් එහෙමයි ගොඩක් වෙලාවට,

පුතේ මේ අහවල් මාමා ය, අහවල් නැන්දා ය, කියල ඉන්ට්‍රොඩියුස් කරලා කියන අනිත් එක තමයි වඳින්න පුතේ කියල කියන එක… ගොඩක් වෙලාවට ඒක නොකිව්වත් ඒක බලාපොරොත්තු වෙනවා… සමහර වෙලාවට මේ පුද්ගලයා කසිප්පු කාරයෙක්, හොරෙක් වෙන්නත් පුළුවන්… වැඩිමහල් උන පළියට “පිදිය යුත්තෙක්” වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ…

ඉස්කෝලෙ යන කාලෙ තෑගි ප්‍රධානොත්සවයක් බලන්න අපේ අම්මයි තාත්තයි දෙන්නම ඇවිත් හිටියා… මතක තියෙන විදියට 6 වසරෙද කොහෙද… මට කීප වතාවක් විතර ස්ටේජ් එක උඩට යන්න උනේ විෂය තෑගි කීපයක් තිබුන නිසා… දණ ගහලා වඳින්නේ නැතුව අපිට කියල දුන්න විදියට නැමිලා ආචාර කරලා තෑග්ග සහ සහතිකේ අරන් එන්නයි තිබුනේ… තෑගි ප්‍රධානොත්සවය ඉවර වෙලා අපේ තාත්තා මට එක දෙයක් කිව්වා…

පුතේ, වැන්ඳට ආචාර කළාට කමක් නැහැ.. ඒත් ඔය කාටවත් ඔලුව නමන්න නම් එපා කියල…

පස්සෙ ෆොටෝ දැක්කම තමයි තේරුනේ මම ඔලුවත් නමාගෙන ආචාර කරන හැටි… එදායින් පස්සේ තෑගි අනන්තවත් හම්බුනා.. වඳින්නත් උනා, ඒත් ඔලුව නැමුවේ නම් නැහැ…

අපි වඳින්නේ කාටද, අපේ දරුවන්ට වඳින්න කියන්නේ කාටද කියන එක අපේ පරම්පරාව වත් හරිහැටි තේරුම්ගත්තේ නැතිවුනොත්, ඉස්සරහටත් අපිට ලැබෙන්නෙ දේශපාලුවන්ට සහ සුද්දන්ට වැඳ වැඳ යන නිවටුන් ටිකක් විතරයි…

Advertisements

4 responses to “අපේ වැඳීමේ කලාව

  1. වඳිනවා කියන එකේ අරමුණ “ආශිර්වාද ගැනීම” වුනත් අපේ අය හිතන් ඉන්නෙ යටහත් බව පෙන්වන්නයි වඳින්නෙ කියලා..
    මට තිබුණු ප්‍රශ්ණයක් තමයි කසාදබැඳලා යන ජෝඩුවට එතන ඉන්න පොඩිඋන් වඳින්න ඕන ඇයි කියන එක..ඒ නිසා ඒ වගේ වෙලාවට මම කොහේ හරි මාරු වෙනවා ඉස්සර. දැන් නම් ඉතින් handshake විතරනෙ..

  2. වඳින්න හේතු ගොඩයි…….1.වයසින් වැඩිමහලු වීම.2.අපට වඩා දැනුම් තේරුම් තිබීම.ඒත් අපි දේසපාලුවට වඳින්නෙ උගෙ තනතුරට මිසක්ක ඌට නෙමෙ….පංසලේ හාමුදුරුවො කොය් තරම් වල් උනත් අපි වඳින්නෙ උන්නාන්සෙගෙ අරහත් ධජයට මිස උන්දැට නෙමෙ….බුදු හාමුදුරුවන්ගෙ ධර්මයෙන් දේවදත්ත කොය් තරම් අපගමනය උනත් ධර්මය කොතනකවත් කියල නෑ එයා පිදිය නොයුත්තෙක් කියල……

  3. “පූජාච පූජනීයානං” කියල තියෙන්නවා තමා. වදින්න ඕනේ අයත් ඉන්න්වා… ඔලුව නවන්න ඕනේ අයත් ඉන්නවා.
    නමුත් එහෙමයි කියාලා බල්ලටයි, පූසටයි… හැමෝටමයි වදින එක ගොන් කමක්. කාටවුනත් වදිනවනම් හිතට එකගව කරන එකයි මගේ ප්‍රතිපත්තිය.

  4. එක්සත් ජාතික පක්ෂයෙ ඩඩ්ලි සේනානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ලංකා සමසමාජ පක්ෂයෙ ආචාර්ය එන්. එම්. පෙරේරා වගෙ දේශපාලඥයො හිටි කාලවල ඔහොම ප්‍රශණ ආවෙ නෑ. අදටත් අපට තියෙන්නෙ ඒ කාලෙ හිටි දේශපාලඥයො ගැන හිතල හූල්ලන එකයි.

    අපි දරුවන් ලවා මගෝඩි තක්කඩි හොරුන් වන්දවන එක නැවැත්විය යුතු කාලය ඇවිල්ලා. ඒත් ගැටලුව තියෙන්නෙ දෙමාපියන්ට කොන්දක් තියෙනවද කියන එකයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )