ආදරයට බාධක!


ආදරවන්තයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ ආදරයට බාධා එල්ල වීම. ජාති බේධ, කුල බේධ, පන්ති බේධ, ආගම්, මුදල්, වගේ මෙකී නොකී හැම දේම ආදර සම්බන්ධතා වලට අකුල් හෙලනවා…

වාසනාවකට වගේ මට නම් තවම ඕවා එකක් වත් බලපෑවෙ නැහැ. ඉස්කෝල යන කාලේ, සාමාන්‍ය පෙළ කරන්නත් ඉස්සෙල්ල, ආදරය කරන්න ගත්තු මට බාධා එල්ල උනේ නැත්තේ, ගෙවල් වලින් ඒවා ගැන දැන ගන්නකොට ආදරත් නැති වෙලා ගිහින් තිබ්බ නිසා…

උසස් පෙළ කරන කාලේ වෙනකොට ඔක්කොම හබක්…

ඊට පස්සෙත් කෙනෙක්ට හිත ගියාට ඒවා හරි ගියේ නැහැ…

ඒවා ගැන රස කතා තියෙනවා, ඉඩක් ලැබුන වෙලාවට කියන්නම්…

හැම දේම වෙන්නෙ හොඳටනේ කියන එක ඒ දවස් වල තේරුනේ නැති උනාට එතනින් අවුරුදු 8 -9 කට පස්සෙ දැන් හැරිල බලනකොට හැමදේම වෙලාතියෙන්නෙ හොඳටයි…

උසස් පෙළත් තව පොඩ්ඩෙන් කෙළ වෙනවා.. කොහොම හරි මගේ අවසාන කාලේ උත්සාහය නිසා උසස් පෙළත් ගොඩ… උසස් පෙළින් පස්සේ ඔය හැම එකකම හැබෑ ස්වරූපය තේරුම් අරගෙන මට කල්පනාවුනේ අධ්‍යාපනයෙන් තොර මෙයින් ගොඩවීමක් නැහැ කියලයි… ෆුල් ගට දාලා පාඩම් කරලා ඉහලින්ම උපාධිය ගොඩදාගන්න පුළුවන් උනා..

ඔය ඔක්කොම කරලා රස්සාවකුත් කරන ස්ථාවර මනුස්ස්යෙක් උනාට පස්සේ ඔන්න ආයෙත් මල්සරා හොයාගෙන ඇවිත් විද්දා විදිල්ලක්… දැන් ඉතින් ඒකෙන් ගැලවීමක් නැහැ… මොකද මම බලාපොරොත්තු උනාට වඩා ඉතා හොඳ කෙනෙක් ලැබුනම කොහොම අතාරින්නද? ඉතින් ඒ ආදරයටත් බාධක නම් නැහැ… දෙපැත්තේම දෙමාපියන් එකඟයි…

මාතෘකාවෙ තියෙන, මට කියන්න ඕන කතන්දරේ පටන් ගන්නේ ඒතනින් පස්සේ… ඊට ඉස්සරින් ඔය පත හෑල්ලක් පුළුවන්-කෙටියෙන් ලියන්න හිතුනේ, තමන්ගේ සැබෑ අරමුණ තේරුම් අරගෙන වැඩකරන්න කියන එක සා/පෙළ, උ/පෙළ කරන, ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට කියන්නයි…. මම කරගත්තා වගේ අධ්‍යාපනයයි ආදරයයි අච්චාරු දාගන්න එපා.. ඉගෙන ගෙන ඉවර උනාම ඒවා නිකන්ම ලැබෙනවා…

හරි… බණ ඉවරයි..

කතාව තමයි, දැන් දැන් මගේ ආදරයටත් නිතරම බාධක… මේක කියවන මාව දන්න කියන උදවිය බලනවා ඇති මොකද මේ ළඟදි බඳින්න ඉන්න මනුස්සයාට උනේ කියලා…

කතාව ඇත්ත..බාධක නම් බෝමැයි.. ඒත් අර උඩින්ම ලියලා තියෙනවා වගේ ඒවා නම් නෙවෙයි…

දැන් ටික කලක ඉඳලා ඉස්සර ෆුල් සපො’ට් එකෙන් හිටපු ස්කයිප් එකත් මගේ ආදර‍යට බාධකයක් වී ඇත…

ස්කයිප් නිතරම ඩ්‍රොප් වෙයි….

යාහූ වලින් හරිහැටි ඇහෙන්නේ නැත….

ගුගල් ටෝක් එකට මැසේජ් එකක් වත් හරිහැටි යවාගන්න බැරි‍ය…

මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් පණ අදින්නා සේය…

දෙපැත්තේ මොබයිල් බිල් ගොඩගැහිලාය…

බලාගෙන ගියාම, “බාධක නැති ආදර නෑ” කියන්නේ ඇත්තය…

Advertisements

9 responses to “ආදරයට බාධක!

  1. ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය
    මෙය කී එකාගේ කට කෑවත් මදිය
    ඉවසපු නැති එකා ලඟ බඩු හත අටය
    ඉවසපු මෙමා අද තාමත් තනිකඩය

    සමහරු මෙහෙමත් කියල තියනවා.

  2. හ්ම් හ්ම්
    ආදරයට කොහොදෝ බාධා නැත්තේ

  3. ආදර කතා එක එක අයට සාපේක්ෂව එක එක විදිහයි. හැබැයි දෙන්නෙක් ආද‍රය කරද්දි ඒ ආදරේ සිද්ධ වෙන pattern එ‍කේ ළඟ ළඟ සමානකම් තියෙනව 🙂

  4. මොකෙක් හරි කරදර කලේ නැත්නම් රහ නෑ නෙ

  5. ඉහ් හි
    අපිනම් ඉතින් ඔව දන්නේ නැලු 😉
    මොබිටෙල් ගනිද්දිනම් මම එක්කෙනෙක්ට කිව්වා අස්පට් කියලා 😮

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )