හිරේ සිටිය යුතු උන්, සහ නොසිටිය යුතු උන්!


අද ලංකාවේ ජාතික පුවත්පත් හැම එකකම වාගේ තිබුනු ප්‍රධාන පුවතක් වූයේ මාධ්‍යවේදී තිස්සනායගම් මහතාට ජනාධිපති පොදු සමාවක් ලබාදී ඔහුට හිමිවීතිබූ බරපතල වැඩ සහිත 20 වසරක සිර දඬුවම අත් හිටුවා ඇති බවකි…

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නම් මෙය ඉතා වටිනා ජයග්‍රහණයකි…

ඇමෙරිකාවද යුහුසුළුව මේ ක්‍රියාව අනුමත කරමින් ප්‍රසංසාව පළ කර ඇත.

මීට ටික කළකට පෙර අත් අඩංගුවට ගත් තිස්සනායගම් මහතාව මා නම් දැන සිටියේ ත්‍රස්ථවාදියෙක් ලෙසිනි..

එහෙමත් නැත්නම් ත්‍රස්ථවාදී කණ්ඩායමකට පක්ෂව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට විරුද්ධව ක්‍රියාකළ අයෙක් ලෙසිනි…

ඔහුගේ ත්‍රස්ථවාදී ක්‍රියාවන් ගැන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ සවිස්තර වාර්ථාව කියැවූයේ නම්, ඔහු ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාවට එරෙහිව ත්‍රස්ථවාදි අරමුණකින් කටයුතු කළ අයෙක් බවට ඕනෑම අයෙක්ට වැටහෙනු නියතය.

ඔහුගේ නඩුවේදී තීරණය වන්නේත් ඔහු ත්‍රස්ථවාදි ක්‍රියා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ බවය. එසේනම්, ලාංකීය අධිකරණයට අනුව ඔහු ත්‍රස්ථවාදියෙකි.

කිසිදු දේශපාලන නැඹුරුවක් නොමැති මට නුරුස්සන එක දෙයක් තිබේ.

ත්‍රස්ථවාදි ක්‍රියාවකට වරදකරු වූ තිස්සනායගම් නිදහස් ය.

වසර 30ක් පමණ ත්‍රස්ථවාදින් සමඟ සටන් කර ත්‍රස්ථවාදය නැතිකර දමන්නට වෙහෙස වූ (ඔහු කියන ලෙස තනියම වෙහෙස වූවා නොවේ) ජෙනරාල් ෆොන්සේකා තවමත් හිරේ ය…

ජෙනරාල් ෆොන්සේකා ඔහුට එරෙහිව ඇති චෝදනා ආකාරයෙන්ම අකටයුත්තක් කළා යැයි මොහොතකට සිතමු.

එය ත්‍රස්ථවාදය තරම් බරපතල එකක්ද?

ත්‍රස්ථවාදියෙක් ට පොදු සමාවක් දිය හැකිනම්, ජෙනරාල් ෆොන්සේකා ඉටු කළා වූ සේවය සළකා ඔහුට පොදු සමාවක් දිය නොහැකිද?

8 responses to “හිරේ සිටිය යුතු උන්, සහ නොසිටිය යුතු උන්!

  1. බලු දේශපාලනය

  2. මට කරන්න කියල දෙයකුත් නැහැනේ කොළුවෝ

  3. සරත් බබා කොටි පාලනය කලාට කට පාලනය කරගත්තෙ නෑ නෙව

  4. මටත් තියෙන ප්‍රශ්නයක් තමයි ඕක…
    පාලකයන්ගෙ වැරදි තීරන ඕවා.

  5. තිස්සනායගම් එලියේ ඉඳන් ලංකාවට විරුද්ධව මොනව හරි කීවොත් ඒකෙ එතරම් වටිනාකමක් නෑ. මොකද එයා කොටින්ට උදවු කරන කෙනෙක් නිසා.

    සරත් ෆොන්සේකාට රාජපක්‍ෂ පවුල ගැන තියෙන්නේ වෛරයක්. ඒ නිසා රටට හෙන ගහල ගියත් ගෝටාට විරුද්ධව යුධ අපරාධ චෝදනා එල්ල කරන්න එයා මැලි වෙන්නෙ නෑ. කලින් මැලි වුනෙත් නෑ. එයාගේ වෛරය පිරිමහගැනීම නිසා රටට වෙන හානිය ගැන එයාට කමක් නෑ.

    සරත් ෆොන්සේකා කියන්නෙ කලින් හිටපු හමුදාපති නිසා, එයා කියන චෝදනා කොතරම් බොරු වුනත් ඒකෙ “වටිනාකමක්” තියනවා. ලංකාවට කොතරම් යුධ අපරාධ චෝදනා තිබුනත්, සරත් ෆොන්සේකා කරපු චෝදනාව පිට දාලනෙ හැමෝම ලංකාවට ගහන්න පටන් ගත්තෙ.

    ඒ නිසයි සරත් ෆොන්සේකා එලියෙ ඉන්න එක තිස්සනායගම් එලියෙ ඉන්නවට වඩා ගොඩක් භයානක.

    • තව පොඩි දෙයක්. සරත් ෆොන්සේකා සිරගත කර තිබීම අනුමත කරන මං වැනි ගොඩ දෙනෙක්, යුධ සෙන්පතියෙක් විදියට ඔහුව අගේ කරනවා, ගරු කරනවා.

      භූමිය අල්ලා ගැනීම වෙනුවට දිනකට කොටි 10ක් මැරීම වැනි ඔහුගේ උපක්‍රම නිසා ජයසිකුරු වැනි අසාර්ථක මෙහෙයුම් වලින් සිදුවූ වැරදි මෙවර සිදු වුනේ නෑ.

      හැබැයි නාවික/ගුවන් හමුදා, පොලීසිය, ආරක්ෂක අමාත්‍යංශය සහ ගෝටා, විදේශ බලපෑම් මෙල්ල කිරීම වැනි මෙකී නොකී අනිත් වැදගත් දේවල් අඩු තක්සේරු කිරීම නිසා ෆොන්සේකාට තිබූ ගෞරවය ටිකක් විතර අඩු වෙලා.

Dark Lord වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න