මන්ත්‍රීතුමා අදත් බින්දුවයි නේද…


මේක ලියන්නේ අද ඉන්දියාවත් එක්ක මැච් එක බලන ගමන්…

මන්ත්‍රීතුමා අදත් අසාර්ථකයි… අද මහන්සි වෙලා බින්දුවක්ම ගැහුවා…

බ.කොදෙව් තරඟයේත් ඕස්ට්‍රේලියාවත් එක්ක තරඟයේත් මන්ත්‍රීතුමා බොහොම අපහසුවෙන් ලකුණක් දෙකක් ගත්තේ තවම ලකුණු ගන්න පුළුවන් කියල පෙන්නන්න වෙන්න ඇති…

මේ තියෙන්නේ මන්ත්‍රීතුමාගේ 20/20 ලෝක කුසලානයේ වැඩ…

තරඟ – 5; ඉනිම් – 5; නොදැවී – 2;
ලකුණු – 14; වැඩිම -6; සාමාන්‍ය – 4.66;
පන්දුවට පහරදීමේ වේගය – 43.75;
4 පහර-1; 6 පහර – 0

සනත් ජයසූරියට මගේ හිතේ තිබුනේ විශාල ගෞරවයක්… අපට තරඟ දිනවපු වීරයෙක් උන ඔහුගැන දැන් නම් එන්නේ පරාජිත හැඟීමක්… ඊයේ පුවත්පතකට ඔහු කියල තිබ්බේ 2011 ලෝක කුසලානය වෙනකන් සෙල්ලම් කරනවා කියල…

අනේ අනිච්චං…

තව ටික දවසකින් ” මන්ත්‍රීතුමා කෙලියා නේද් වර්ල්ඩ් කප් එකටත්” කියල මිනිස්සු කියන්න ගත්තොත් පුදුමයක් නෙවේ.

Advertisements

11 responses to “මන්ත්‍රීතුමා අදත් බින්දුවයි නේද…

  1. මන්ත්‍රීතුමෝ, දැන් ඔහොම සෙල්ලම් කර කර ඉඳල හරි යනවද? චන්දෙ දීපු 70000ක් ජනතාව වෙනුවෙන් එක පාරක්වත් ඇරියනම්?

  2. තරහක් නෙවෙයි, ලොකු දුකක් එනවා. ජයසූරිය කියන්නෙ ලංකාවට ක්‍රිකට් ආසාව ඇති කරපු කෙනා. දැන් මෙහෙම අවනම්බු විදිනවා. මොනව කරන්නද? විහින්ම කරගන්න දේවල්නෙ…පව්

  3. මේක අපහාස කිරීමක් නෙවෙයි. ජයසූරිය ගොඩක් මානසිකව වැටිල. දැන් තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ඔච්චම සෙල්ලම් කරන්න ඕනෙනම් ටික කාලෙකට සෙල්ලම් නොකර ඉන්න තියෙන්නෙ.

  4. ක්‍රිකට් ගහන්න දැනගත්තට, අනිත් දේවල් උගන්වන්නේ නැහැනේ අපේ රටේ. ලෝක පූජිත ක්‍රීඩකයෝ විශ්‍රාම යන්නෙ පීක් එකේ ඉන්න කොට. එතකොට ක්‍රිකට් වලට ආදරය කරණ සැමටම දුකයි. අපේ එවුන් බැරි මරගාතේ ක්‍රිකට් නානකොට ඊටත් වඩා දුකයි.

  5. විශ්‍රාම යන කාලෙත් පැනල… ගෙදර ඉ‍දල තමන්ට ඡන්දෙ දුන්න අයටවත් වැඩක් කලොත් නරකද?

  6. කලින් හිටපු වීරයා මැරිල ගොඩක් කල්.
    ඒත් දැන් ඉන්න ජයසූරිය දේශපාලනේටම සුදුසුයි කියල පෙන්වනව. තමන්ට බැරි වුණත් බදාගෙන ඉන්නෙ ලංකාවේ දේශපාලක‍යොනෙ. මිනිහ ක්‍රීඩාවත් දේශපාලනීකරණය කරල.
    ඉස්සර ආශාවෙන් දැකපු ක්‍රීඩකය දැන් දකිද්දි පිළිකුලක් දැනෙනව.

  7. අපේ මන්තිරි තුමා වැඩේ අනාගන්නයි යන්නේ!!!!දැන්ම අකුලගෙන අයින් නොවුනොත් වෙන්නේ,ලබන පාර චන්දෙදි,මේ සැරේ ලැබිච්ච මන්තිරි කමත් ගහල යන එකයි!!!

    සනා,අපි අයිං වෙමු නේද? අයිං වෙලා , විස්තර ප්‍රචාරෙට සෙට් වෙමු.අම්පයර් වැඩෙත් හොඳයි. ( ක්‍රිකට් අතාරින්නම බැරිනං )

    සොරි වෙන්න ඔනි ඒ කතාව කිව්වට,ඒත් මම හිතන්නේ හුඟක් අය ඔය ටික කටින් නොකිව්වත් හිතෙන්වත් කියනව

  8. අනේ අයින් වෙනවකො.. ඕනෙනම් ඇවිල්ල 2011 World Cup එකට ගහනවා.. එතකන් එලියෙන් ඉන්නවා.. අපිට එපා වෙනවා උදේම ඇවිත් Out වෙලා ගියාම..මල පනිනවා.. චන්දෙ දීපු මිනිස්සුන්ටවත් එතකන් වැඩක් කරනවා.. ආසම නම් අර අතපත්තු ගැහුවා වගේ Worldcup එක ගහන්න එලියෙ ඉඳන්.. සනායි කලුයි තමයි අපිට ක්‍රිකට් බලන්න කියල දුන්නෙ.. දැන් ක්‍රිකට් එපා කරන්න විතරක් එපා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )