වෙස් නැට්ටුවෝ cheer-leaders කිරීම


පාපන්දු ලෝක කුසලාන උණුසුම මැද මේ දිනවල ආසියා කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වේ..

පාපන්දු ඇතුළුව විශේෂයෙන් අමෙරිකානු ෆුට්බෝල් සහ බේස් බෝල් තරඟ වල අනිවාර්ය‍ය අංගයක්ව ඇති “cheer-leaders” ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ දැනට වසර කීපයකට පෙර ය. මුලින්ම ඉන්දියාවේ IPL තරඟවලදී cheer-leadersලා දක්නට ලැබුනි. නමුත් ඉන්දියාවේ දැඩිමතධාරී කණ්ඩායම් වලින් “අඩ නිරුවත් කාන්තාවන් නටවනවා” යැයි විරෝධතා එල්ලවන්නට වීමත් සමඟ ඔවුන් කලේ සාරි ඇඳපැළඳගත් කාන්තාවන් නැටවීමකි. මේ දෙකම සාර්ථක වූයේ නැත.

ඉන්දියාවේ මෙන් ලංකාවේද අඩ නිරුවත් කාන්තාවන් නැටවිය නොහැක. හේතුන් මොනවාදැයි කීමට අවශ්‍යනැත. ඉන්දියාවේ උන් මෙන් ලංකාවේ උන් මෝඩ නැත. මේ වෙනුවට ලංකාව සොයාගත් විකල්පය වුනේ ගහන ගහන හතරේ පහරක් ගානේ පාරම්පරික උඩරට වෙස් නැට්ටුවන් නැටවීමයි!

මේක එක් අතකින් පාරම්පරික උඩරට වෙස්නැටුමට කරන්නාවූ හොඳ මාකටින් කිරීමක් ලෙස ක්‍රිකට් බලධාරීන් දකින්නට ඇත. අවාසනාව වන්නේ මෙයින් සිදුවන්නේ වෙස්නැටුම විහිළුවකට ලක්වීමක් පමණක් වීමය. හතරේ හයේ පාරක් ගැසූවිට සහ තරඟ අවසානයේ නටන්න නොව, වෙස්නැටුමේ ගෞරවය රැකෙන පරිදි ආරාධිතයන් පිළිගැනීමට පමණක් යොදාගත්තේ නම් ඉතාම අගනේය…

මේ පාරම්පරික උඩරට වෙස්නැටුමට මාකට් කිරීමක් අවශ්‍යය නැත. සියවස් ගනනාවක සිට සිංහල ජනතාවගේ අනන්‍යතාවක් ලෙසින් මේ කලාව පැවත එයි. මේ ශාස්ත්‍රීය කලාකරුවන් cheer-leaders ලාගේ තත්ත්වයට ඇද දැමීම මහත් අභාග්‍යකි.

මේ කලාකරුවන් cheer-leaders ලා වර්ගයක් ලෙස පිටරටවල් වලට මාකට් කිරීමේන් අපට සිදුවන්නේ මඟුල් අවස්ථා සහ පූජනීය අවස්ථා සඳහා cheer-leaders යොදාගන්නා එකම රට බවට පත්වීමටය.

Image courtesy: AFP/ Cricinfo

Advertisements

6 responses to “වෙස් නැට්ටුවෝ cheer-leaders කිරීම

  1. අනේද කියන්නේ? මොනවා හිතාගෙන මේවා කරනවාද? මොනවා හිතාගෙන මේ වගේ දෙවල් වලට පෙනී සිටිනවාද කියලා හිතා ගන්නත් බැහැ.

  2. අනේ අම්මප හැබෑට.. ශුවර් එකටම වාඩිවෙලා ඉඳගෙන ගනිපු තීරණයක්

  3. මල විකාරයක්. තනිකර අප්‍රසන්නයි! :S

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )