ඉරාජ් සිංහලද, දෙමළද.. නැත්නම්?


අද උදේ පාන්දරින්ම ඉන්දියාවේ චෙන්නායි වලට ගොඩබැහැපු නව පරපුරේ ප්‍රසිද්ධ ගායක ඉරාජ් මහත්මයාව ඉන්දියානු ආගමන විගමන බලධාරීන් විසින් අයුක්ති සහගත ලෙස රඳවාගෙන පසුව සමාව ඉල්ලන්නෙත් නැතුවම නිදහස් කරලා.

පුවත් වාර්ථාවේ හැටියට හේතුව වෙල තියෙන්නේ ඒ නිලධාරියා ඉරාජ් මහත්මයාගේ ශ්‍රි ලාංකික ගමන් බලපත්‍රය දැකල ” සිංහලද.. ? දෙමළද..?” කියල ඇහුවම ඉරාජ් මහත්මයා සිංහල කෙනෙක් වීමයි.

වලංගු ගමන් බලපත්‍රයක් සහ වලංගු ඉන්දීය වීසා එකක් සහිතව පැමිණි ශ්‍රී ලාංකිකයෙක්, ඔහු සිංහලයෙක් බව කියු පමණින් බැනවදින්නටත් රඳවා තියාගන්නටත් තරම් ඒ නිලධාරියා සහ පිරිස උග්‍ර දෙමළ ජාතිවාදී අදහස් වලින් පිරුන උන්මත්තකයෝ රැළක් වුනාට, මට නම් හිතෙන්නේ මෙතන ඉරාජ් මහත්මයාට අමතක වුන තැනක් තියෙනවා…

මීට පස්සේ ඉරාජ් මහත්මයාගෙන් හරි මේක කියවන ඔබගෙන් හරි ” සිංහල ද ? දෙමළ ද? ” කියල කවුරුහරි ඇහුවොත්, කියන්න සිංහලවත් දෙමළවත් නෙවෙයි ” ශ්‍රී ලාංකික” කියල… ප්‍රශ්නය ඉවරයි!

ඔය ප්‍රශ්නය අහන්නේ වැඩිමනක් ඉන්දීය උදවිය තමයි, කොහොමත් ඔය වාගේ බෙදුම්වාදී ප්‍රශ්න තියෙන්නේ ඉන්දියානුවන්ටයි…

මැද පෙරදිග නම්, Where are you from? කියල ඉන්දියානුවෙක් ගෙන් ඇහුවොත් උන් ඔක්කොම කියන්නේ මම කේරළ, මම තමිල්නාඩු, මම ආන්ද්‍රා කියල මිසක් කවදාවත් මම ඉන්දියාවෙ කියල කියන්නේ නම් එකෙක්වත් කියන්නේ නැහැ.

එහෙව් එකේ අර වගේ ප්‍රශ්නෙකට ” මම ශ්‍රී ලාංකික ” කියල උත්තරදීල, උන්ගේ මූන බෙරිවෙන හැටි බලලා ඇවිත්, මෙතන කොමෙන්ට් එකක් දාලා යන්න.

නැතත් කමක්නෑ කොමෙන්ට් එකක් දාන්න. 🙂

Advertisements

20 responses to “ඉරාජ් සිංහලද, දෙමළද.. නැත්නම්?

  1. මම නම් පෟථීවි වාසියෙක්

  2. I don’t think so. If someone ask “Are you Sinhala or Tamil” obviously I would reply saying “I’m a Sinhalese”
    Sinhala is our race and Sri Lankan is our nationality. there is a clear diffrence between them. And I’m damn proud to say I’m sinhala.
    From my experience those chennai buggers needs to change their attitude towards sri lankans in general.
    (Sorry for not typing in Sinhala, got very limited time window)

  3. මම නම් හිතන්නේ න්ඈ අපි සිංහල කියන්න බයවෙන්න ඕනෙ කියලා. මොකද සිංහලයෝ කියලා ජාතියක් මුළු ලෝකෙන්ම ඉන්නේ ලංකාවේ විතරයි. ඒකට කියන්නේ ජාතිවාදය නෙවෙයි. ජාත්‍යාලය.

  4. මං දන්න තරමින් ඉන්දියානුවෝ හැමෝම කියන්නේ තමන් ඉන්දියානුවන් බවයි.

    ප්‍රාන්තය කියන්නේ හරියටම කොහේද කියා ඇහැව්වොත්.

    හැබැයි ඔයාට කෙලින්ම කිව්වේ කේරලයෙන්, ගුජරාටියෙන් කියලා නං ඒකෙන් තේරෙන්නේ ඔයාත් ඉන්දියාවෙන් කියලා ඒ අය හිතුවා කියන එකයි.

    ඒක හරියට මං ලංකාවෙ කෙනෙක්ගෙන් ඔයා කොහේද ක්‍රිල ඇහැව්වාම මං කොළඹ, ගාල්ළෙ, මාතර කියල කියනව වාගේ.

  5. මමත් ජාතිවාදියෙක් නෙමෙයි.
    ඒත් මමත් පැකිලෙන්නෙ නෑ “මම සිංහල“ කියලා කියන්න.
    ඇයි අපි එහෙම නොකියන්නේ?

  6. සිංහලද, දෙමළ ද කියල ඇහුවම ‘සිංහල’ නොකියා ශ්‍රී ලාංකික කියල හරියනවද? අහන දේටනෙ උත්තර දෙන්න ඕනෙ.

  7. මම ශ්‍රී ලාංකික.. මගේ භාශාව සිංහල..

  8. අපිට රටක් විදියට නැගිටින්නනම් සිංහල ජාතිකත්වයේ අභිමානය තියාගෙනම ශ‍්රීලාංකිකකම ඊට ඉස්ස‍රහින් තියාගන්න වෙනවා.ඉතින් මේ මහත්තයා කියන දේට ඒකනිසා මමනම් 100% ක් එකගයි.මේ නෑදෑකම හදාගන්න පුලුවන් අපේ රටේ විත‍රයි.ඉංදියාවට කවදවත් බෑ.
    පිට‍රට ඉන්න මලබාර් ජාතිකයො ඔවුන්ගේ රට අදුන්නලා දෙන්නේ UK (United Kerala) කියලා මිසක් ඉංදියාව කියල නෙවෙයි.

  9. ඇයි සිංහල කියන්න බය ? ලීගලි පාස්පොටි විසා තියේ නමි සිංහල කියන්න කොන්ද පන නැති වෙන්නෙ ඇයි?ලොකේ කිසිම එකෙක්ට බය වීමට අවශ්‍ය නැත ….සිංහලයා එඩිතර ජාතියකි‍‍.

  10. ජාතිය කුමක්දැයී යන පැනයට නිවරදි පිලිතුර නිසකවම ශ්‍රී ලාංකික යන්නයී. ජාතියන්තර ප්‍රජාව අභියස, ශ්‍රී ලංකාවෙ වෙසෙන්නා ශ්‍රී ලාංකිකයෙකු වෙන්නා සේම, සිලොන්හී වෙසෙන්නා සිලොනීස් වෙයී, සිංහලයේ වෙසෙන්නා සිංහලයාද වෙයී. වාසනාවට හෝ අවාසනවට සිලෝන් යන නමද, සිංහලය යන නමද වෙනුවට ශ්‍රී ලංකාව යන නම පාවිච්චි කරන පුද්ගලයා, ශ්‍රී ලාංකික වෙයී.

    අපෙන් සිංහලදැයී, දෙමලදැයී, කලවම්දැයී, කරාවේදැයී, ගොවිගමදැයී ඇසීමේ අයීතිය කද පනුවන්ටත්, කිරි එලුවන්ටත්, ඉංදියාවේ ආගමන විගමන නිලදාරීන්ටත් නිසකවම නැත. යමෙක් එවැනි නොහොබිනා ප්‍රශ්ණයක් ඇසූ කල, මම ශ්‍රී ලාංකිකයෙකුයැයී කීමෙන් ආඩම්බරයක් අභීමානයක්ම ඇතිවේ. නොහොබිනා ප්‍රශ්ණයකට යටත්වී, උත්තර දීමෙන්, දීන භාවයම ප්‍රකාශවේ.

    මෙවැනි අවස්තාවන්හිදී උත්තරදෙන ආකාරය ඉංදියානු ජාතිකයෙකු විසින්ම අලංකාරව පෙන්වාදී ඇත. අඩුම ගානේ තමා ශ්‍රී ලාංකිකයෙකු යැයී කීමට තරමට කොන්දක් නැත්තම්, ගාන්දී තමා හින්දු, මුස්ලිම් සහ යුදෙව්වෙකු බව කීවා සේ, තමා සිංහලයෙකු සහ දෙමලෙකු වෙන බවවත් කිව යුතුය.

  11. වැදිනායක වන්නිල ඇත්තො සර්ට් එකක් ඇඳල එන්න කියල ගුවන් සමාගම කියනකොට එයාට රට නොගියට කමක් නෑ ශර්ට් එපා කීව…ජාතියක් විදිහට අපිට ඒ වාගෙ අහන්කාරකමක් හදාගන්න පුලුවන්නම් සින්හල කිව්වට කමක් නෑ….අපේ ස්කෝලෙ දෙමාපිය රැස්වීමට අම්ම එක්කන් එන්න කිව්වම එකෙක් ගිහින් බුලත් විඩ විකුනන ගෑනු එක්කෙනෙක් එක්කන් ඇවිත්..එයත් අම්ම කෙනෙක් තමා..ඒත් ගැලපීම වැරදියි..රට ඇහුවම ලාංකික…ජාතිය ඇහුවම සින්හල…අපේ මිනිස්සු අතීතෙ දෙමල අයට වැරදි කරල ඇති ඒත් උනුත් අපේම අය නේද??සදාම් මැරුව කියල ඇමරිකානුවො මානව හිමිකම් කේස් ෆයිල් කරනවද නෑ නෙව…අපිටත් අන්න ඒ ජාතිය පිලිබඳ අහන්කාරකම පොඩ්ඩක් එන්න ඕනි..

  12. මේ සිද්ධිය ගැන අපට ඇති එකම සාක්ෂිය ඉරාජ්ගේය. සංගීතය ගැන මගේ දැනුම අවම වෙතත් ඉරාජ්ලා ජනප්‍රිය වෙන්න ඕනෑම පියවරක් ගැනීමට නොපසුබට වන බව නම් දනිමි. මේ කතාවේ අනෙක් පැත්ත ඇසීමෙන් තොරව නිගමණයක් දීමට පැකිළෙමි.

  13. Just a question? If you are asked whether you are Sinhalese or Tamil by a resist officer with the intention of messing with you, Answering “I am a Sri Lanka”, will probably pizz him off, don’t you think?

    When in a foreign country it’s best to avoid confrontation as you have very little ability to control the outcome. Specially when you are in a shit hole like Tamilnadu.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )