ටැබූ වර්ගයේ ප්‍රශ්නයක්…


යස අගේට සභ්‍ය විදියට කතන්දර ලියාගෙන ආපු අපේ හිතවත් කතන්දරශූරීන් හිටි හැටියෙම ටැබූ වරිගයේ කතන්දර පේලියක් ලියන්න ගත්තා…

චූ කතා එකක් දෙකක් ලියල, කක්කි කක්කි කියල බලන්නේ නැතුව විකිලිය හෙවත් කක්කුස්සි කතාවකුත් ලිව්වා…

ඊටත් පස්සේ බ්ලූ ෆිල්ම් කතන්දරේකුත් ලියල හෙළුවෙන් නාන කතන්දරේකුත් ලියලා තව ටිකකුත් ලියලා ලබාගත්ත අප්‍රමාණ ප්‍රසිද්ධියක් සහ ජනතා ප්‍රසාදය නිසා ඉරිසියා හිතුනු තව ටැබූ කතාකියන කෙනෙක් එක්ක වලියකුත් දාගෙන, (ගුටි කෑවට පස්සේ ද කොහෙදො ) වලිය ෂේප් කරගෙන තමයි කතන්දරගේ කක්කි කතාපේලිය නැවතුනේ.

මටත් හිතුනා ටැබූ කතාවක් ලියන්න…

නෑ නෑ… ප්‍රසිද්ධ වෙන්න නෙවෙයි.

ටැබූ සහ කතන්දර එක්ක ගේම ඉල්ලන්නත් නෙවෙයි.

පොඩි ගැටයක් ලිහා ගන්න…

හරි මෙහෙම පටන්ගමුකෝ…

මට මේ සිතිවිල්ල ආවේ අපේ කන්තෝතුවේ ඉද්දි…

නෑ.. නෑ.. වැඩකරන ගමන් නෙවෙයි ඒක හිතට ආවේ…

කන්තෝතුවේ තියෙන වැඩ ගොඩ අස්සේ සිතුවිලි එන්න තරම් කල්පනා කර කර හිටියොත් ඉතින් ගෙදර තමා යන්න වෙන්නේ.

කතාවක් කියල කිව්වට මේක කතාවක් නෙවේ. කතන්දර බොස් එක්ක ගේම ඉල්ලන්නෙ නැහැ කිව්වනේ…(හරි හරි, මට බෑ තමයි )

මේක පොඩි ගැටලුවක්….

මේක මට හිතුනේ අපේ කන්තෝතුවේ තියෙන නිස්කලංකම තැන ඉන්නකොට..

නිස්කලංකම තැන කියල කිව්වට ඒක පුස්තකාලයක් එහෙම නෙවෙයි…

වැසිකිලියක්!

ඔව්..ඔව්… අපි ඔය සිංහලෙන් ටොයිලට් එක කියල කියන්නේ.. අන්න ඒක.

අපේ ගොඩක් දෙනෙක්ට වගේ අපේ අපේ ඔෆිස් එකෙත් නිස්කලංකම තැන වැසිකිලියයි.

පොඩි රෙස්ට් එකක් ගන්න, කාටත් පේන්නේ නැති වෙන්න පොඩ්ඩක් නිදාගන්න එහෙම පොරවල් යන්නේ එතෙන්ට තමයි.

ලොකු ලොක්කොන්ට පේන්නේ නැතිවෙන්න හරි හමන් වැඩක් කරගන්න පුලුවන් ඔෆිස් එකක තියෙන එකම තැනත් ඒකයි…

ඔහොම පොඩි රෙස්ට් ගන්න වෙලාවට මාර අයිඩියාස් තමයි එනවා. නිව්ටන් ලොක්කා මොකට ඇපල් ගහක් යට වාඩිඋනාද මන්දා ගුරුත්වය හොයාගන්න. කක්කුස්සියක වාඩි උනා නම් යස අගේට තේරෙනවා..!

ඉතින් මටත් එහෙම වෙලාවක හිතුන පොඩි ප්‍රශ්නයක් තමයි මේක.

මේක අපි සෑම දෙනාම අත්විඳලා තියෙන දෙයක්… සමහරවිට ගොඩක් දෙනෙක්ට මේක හිතුනට අහන්න බයයි.

හරි මේකයි…

අපි කක්කි දානකොට ( ඊයා….!), ඔටෝ චූ යන්නේ කොහොමද?

මොකද්ද ඒක ක්‍රියාත්මක වෙන mechanism එක?

චූ දානකොට ඔටෝ කක්කි යන්නේ නැත්තේ මොකද?

මම අහන්නේ මොකක් මඟින් ද මේක පාලනය කරන්නේ…

අපේ ඇඟේ තියෙන මේ කක්කි sensor එක කොහෙද තියෙන්නේ?

විදුලිය පැත්තට ටිකක් බර නිසාද කොහෙද මට නම් හිතෙන්නේම මෙක කරන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන මොලේට කනෙක්ට් වෙච්ච sensors වලින් කියලාමයි.

බ්ලොග් ලියන කියවන දොස්තර මහත්තයෙක් වත් දෙන්න හරි උත්තරයක්..

වැරදි උත්තර සහ ප්‍රතිචාරත් ( ටැබූ වර්ගයේ එකක් ලිව්වට මල්, ගල්, මුල්) වෙල්කම්!

ප/ලි :

ආඃ කියන්න අමතක උනා.. උඩ තියෙන පින්තූරේ තියෙන විදියට ඔෆිස් හැදුවොත් මරුවට තියෙයි නේද?

Advertisements

13 responses to “ටැබූ වර්ගයේ ප්‍රශ්නයක්…

  1. හපොයි පුදුම ප්‍රශ්න තමා හික් හික්… දන්න කෙනෙක් කියන්න බලන්න.

  2. 😀

    අන්තිමට දීලා තියෙන අදහසත් නරකම නෑ. කාලෙ ඉතුරැ වෙයිනේ

  3. අනුරාධපුරේ පරණ ආරාම ටොයිලට් වල චූ දාන්න එක සෙක්ෂන් එකකුයි කක්ක දාන්න එක සෙක්ෂන් එකකුයි 2ක් තිබිල හොයාගෙන තියෙනව,,,එහෙම තියෙන්නෙ ස්වාමීන් වහන්සෙලාට ඉවසීම හුරු කරන්නයි කියල සමහරු කියනව….ඕකට සයන්ස් හේතුව වෙන්න ඇත්තෙ මිනිස්සුන්ගෙ ක්ලොක් එක සම්බන්ධ එකක් වෙන්න ඇති…ඉතා බර චූ බරක් තියාගෙන මලපහ දැමීමෙ අවුලක් එනව වාගෙ නේද සිස්ටම් එකට….සිස්ටමේ තෙරපෙනකොට කේස් වෙනව මම හිතන්නෙ….

  4. මෙන්න උත්තරය. කක්කි දාන මාංශ පේශීන්ට වඩා වෙනස්ව චූ දාන මාංශ පේශීන් හැදිලා තියෙන්නෙ. ස්වේච්ඡාවෙන් ක්‍රියාකරන සේම කැමැත්ත සොයා නොබලා වැඩ කරන මාංශ පේශීන් ද වැඩ දෙකම කරන්න උපකාර වෙනවා. කක්කි හා චූ රඳවා ගන්නත්, ඒවා පිට කරන්නත් තමයි මේ මාංශ පේශීන් නැත්නම් මසල්ස් වැඩ කරන්නෙ. කක්කි දාන මසල්ස් ශක්තිමත් චූ දාන මසල්ස් වලට වඩා! ගුද මාර්ගයේ ඇතුලත හා පිටත sphincters තමයි කැමැත්ත සොයා නොබලා වැඩ කරන කක්කි රඳවා තියාගන්න මූලික මසල්ස්. කක්කි මේ මාර්ගයේ ඇතුලත ගමන් කරද්දි මාංශ පේශීය සෙමින් සැහැල්ලු වෙනවා. එතකොට එය විසින් පිටත ඇති මාංශ පේශීය හා සම්බන්ධ වෙනවා. පිටත තියන sphincters මසල්ස් එක සම්පූර්ණයෙන්ම (ලෙඩක් නැති විටක) අපිට පාලනය කරගන්න පුළුවන්. ඒකයි ටොයිලට් හොයාගන්න දුවන කන් අල්ලාග‍න ඉන්න ඇහැකි!
    චූ දාන මාංශ පේශීන් ද ක්‍රියා කරන්නේ ඉහත ආකාරයටමයි. නමුත් ඒවා කක්කි දාන මසල්ස්වලට වඩා කුඩායි.
    කක්කි දානකොට චූ ගියාට චූ දානකොට කක්කි යන්නෙ නැත්තෙ උකුල නැත්නම් වස්ති දේශය pelvic floor කක්කි දානකොට සැහැල්ලු වුනාට චූ දානකොට සැහැල්ලු වීමක් අවශ්‍ය නැති නිසා. එසේම anal sphincters ශක්තිමත් වැඩි නිසා urinary sphincters වඩා, කක්කි පාලනය ලේසියි චූ පාලනයට වඩා.
    උකුල් පෙදෙස පිරිමි හා ගැහැණුන් අතර වෙනස් නිසා මේ ක්‍රියාවන් ද වෙනස්…. වයසට යනකොට හිනා වුණත් චූ පිටවෙන කාන්තාවො ඉන්නවා.. ඒකත් පාලනය කරගන්න පුළුවන් ව්‍යායාම තියනවා ඒ මසල්ස් ශක්තිමත් කරන්න. නැත්නම් සැත්කමක් මඟින්.
    වැඩි විස්තර ඉංග්‍රීසියෙන් මෙතැනින් http://www.poopreport.com/Doctor/Content/peepoo.html

  5. කොහොම වුනත් ලෝකේ තියෙන ලොකුම සැනසීම ලොකුවට ඔය උවමනාව ඇවිත් නිදහස් කළාම කියලා කියනවනේ. මේ තියෙන්නේ මම ඒක ගැන ලියපු කතාව…………..

    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_20.html

  6. පින්ග්කිරීම: මම මින් පසු ටැබූ කතා නොලියමි « සීත සමීරෙන්…

  7. කවුරු මොනව කිව්වත් මේ කතා වලින් මට හිතෙන විදියට අපිට ප්‍රයෝජනයක් තියෙනව.

    දැන් ඔය අරුණි කියල තියෙන දේ දැන ගන්ණ එක කොච්චර වැදගත් ද?

    අපි පොඩි පන්තිවල සෞඛ්‍යය ඉගෙන ගත්තට ඔච්චර ගැඹුරු දේවල් ඒකාලෙ ඉගෙන ගත්තෙ නෑ, දැං ඉතිං මොන ඉඝෙන ගැණිලිද, තියෙන ටිකත් මොට වෙන එකේ?

    මං චූ කතනදර ලියන්න ගත්තේ නිකමට නෙමේ. මගේ තාත්ත අප්‍රියෙල් මාසෙ වැටිල හොස්පිටල් ඉඳල දැන් ගෙදර ආවත්, තාමත් ඉන්නේ කැතීටර් එකක් දාගෙනයි. මොලේ ලේ ගමනේ ප්‍රශ්ණ නිසා චූ එකවත් පාලනය කරගන්න බැහැ.

    අපිටත් කවද හරි ඕක වෙනවා. අර තෙමාගත්තු පොඩි කාලෙට ආපහු යන්න වෙනවා!

    සමීර ට බොහොම ස්තූතියි.

  8. පින්ග්කිරීම: ලර්නර්ස් සපත්තු… | සීත සමීරෙන්…

  9. අප්පච්චියේ උඹටත් තියෙන ප්‍රශ්න . . හික්ස් . .කොහොමින් හරි උත්තරේ ලැබුනු එක ම මදෑ . .

  10. පින්ග්කිරීම: හෙමින් හෙමින් සීයට… ( පොඩි ඇඩ් ටිකක් සමඟම ) | සීත සමීරෙන්…

  11. පින්ග්කිරීම: තවත් එක පඩ කතාවක්.. | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )