යුරෝපය පරදා නැගිටින දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩාව.


යුරෝපයේ පාපන්දු යෝධයන් දෙදෙනෙක් වන පසුගිය වසරේ ශූරතාව සහ අනුශුරතාව දිනාගත් ඉතාලිය සහ ප්‍රංශය පළමු වටයෙන්ම ඉවතට විසිවී යද්දී, දකුණු අමෙරිකානු රටවල් සියල්ලම අවසන් 16 වටයට යෑමට සුදුසුකම් ලැබුවේ වැඩිමනක් ක්‍රීඩාලෝලීන් පුදුමයට පත් කරමින්.

දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩාව ගැන කතා කරද්දී බොහෝ දෙනා දන්නේ බ්‍රසීලය සහ ආජන්ටිනාව ගැන පමණයි. නමුත් අනිත් දකුණු අමෙරිකානු පාපන්දු කණ්ඩායම් ඇතැම් ‍යුරෝපී‍ය කණ්ඩායම් වලට වඩා ඉතා ඉහලින් සිටිනවා… උරුගුවේ, පැරගුවේ පාපන්දු කණ්ඩායම් ඒ අතරින් සුවිශේෂයි… මෙය යුරොපයේ පාපන්දු අධිරාජ්‍යයට කදිම සරදමක්. මේ කරුණ තවත් තහවුරු වන්නේ ඊයේ පැවැත්වුනු චිලී සහ ස්පාඥ්ඥ්ය අතර තරඟයේදී චිලී කණ්ඩායම ලැබූ පරාජය හැරෙන්නට දකුණු අමෙරිකානු පාපන්දු කණ්ඩායමක් මෙවර 2010 ලෝක කුසලානයේදී තවම පරාජය වී නැතිවීමේනි.

චිලී කණ්ඩායම ඇරෙන්නට උරුගුවේ, පැරගුවේ, ආජන්ටිනා, බ්‍රසීලය යන කණ්ඩායම් අවසන් 16ට තේරුනේ තමන්ගේ Group එකේ ප්‍රථමයා වෙමින්. මේ තත්ත්වය වැඩිමනක් යුරෝපීය පාපන්දු ක්‍රීඩාවට ඇලී සිටි පාපන්දු ලෝලීන්ට පුදුමයක් වුනත්, 2007 සිට පැවැත්වුන දකුණු අමෙරිකානු ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය බලාසිටි අයට නම් පුදුමයක් නොවෙයි. දකුණු අමෙරිකානු පාපන්දු කණ්ඩායම් 10ක් අතරින් 5දෙනෙකු තෝරාගැනීමට පැවැත්වුන මේ තරඟාවලියේදී කවුරුත් හිතුවේ බ්‍රසීලය සහ ආජන්ටිනාව නිකම්ම සුදුසුකම් ලබාවියි කියලයි.

නමුත් මැරඩෝනාගේ ආජන්ටිනා කණ්ඩායම ඉවතට විසිවෙන්න ඔන්න මෙන්න කියා තිබේදිදී ඔවුන්ගේ අවසාන තරඟයේදී උරුගුවේ පරදවා සුදුසුකම් ලැබුවේ 5වැනි ක්ණ්දායම ලෙසින්!

ඩුංගාගේ බ්‍රසීල කණ්ඩායම සුදුසුකම් ලැබූ පළමුවෙනි කණ්ඩායම උනත්, තරඟාවලියේ අවුරුදු 2 1/2 පුරා වැඩි ගෞරව හිමිකරගත්තේ තුන්වෙනි ස්ථානයට පත් පැරගුවේ කණ්ඩායමයි. චිලී දෙවනිතැනට පත්වුයේ මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම 6-1 වශයෙන් අවමානයට පත්කරවමින්.

කලකට පසු ආජන්ටිනාවෙන් සහ බ්‍රසීලයෙන් ඇරෙන්නට දකුණු අමෙරිකාවෙන් නවක පාපන්දු තරු බිහිවී තිබෙනවා. උරුගුවේ කණ්ඩායමේ ඩියාගෝ ෆො’ලාන් මේ අතරින් සුවිශේෂයි.

මෙවර ලෝක කුසලානය බොහෝවිට දකුණු අමෙරිකාවට හිමිවෙන ලකුණු පැහැදිලි වෙමින් පවතිනවා… පහත අමුණා තියෙන තරඟ සටහන දෙස බලන්න.

යුරෝපයේ පාපන්දු කණ්ඩායම් වලට වඩා දකුණු අමෙරිකානු කණ්ඩායම් වලට ඇති ඉඩකඩ බොහෝමයි. ජර්මනිය සහ බ්‍රිතාන්‍ය අතර තරඟයෙන් එක් යුරෝපීය කණ්ඩායමක් කැපී යන අතර, පෘතුගාලය සහ ස්පාඥ්ඥ්ය අතර තරඟයෙන් එක් පාපන්දු දැවැන්තයෙක් ඉවතට විසිවෙනවා… යුරොපීය කණ්ඩායම් අතරින් නෙදර්ලන්තය ඉදිරියට පැමිණෙතැයි අනුමානකල හැකි අතර, සුවිශේෂීම තරඟය වන්නේ දකුණු අමෙරිකානු කණ්ඩායම් දෙකක් වන බ්‍රසීලය සහ චිලී අතර තරඟයයි.

කෙසේවෙතත් මගේ පුද්ගලික විශ්වාසය නම්, මෙවර දකුණු අමෙරිකානු කණ්ඩායමක් ජයග්‍රහණය කරන බවයි…

බොහෝවිට ආජන්ටිනාව විය හැකියි ?

Image courtesy : FIFA.com

Advertisements

3 responses to “යුරෝපය පරදා නැගිටින දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩාව.

  1. මමනම් අවන්කවම Portugal දිනනවට ආසයි. ඒ මුකුත් හින්දා නෙමෙයි, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෙල්ලන් කරන තරඟ ගනන වැඩි කර ගන්න. ඔවුන් මේ තරඟ මාලාව තුලදිම ක්‍රීඩා කරපු හැටි දැකකහම අපිට ඔවුන් ගැන බලාපොරොත්තු තියන්න පුලුවන්. අනිත් කාරනය ඔවුන් සතුව සිටින දැල් රකින්නා වන Eduardo දැනට ක්‍රීඩා කරන රටවල් අතුරින් හොඳම දැල් රකින්නා ලෙස දක්වන්න පුලුවන්.
    අපිට බ්‍රසීල කන්ඩායම අමතක කරන්නත් බෑ. අනපේක්ශිත අයුරින් ඔවුන්ගේ සුපිරි ක්‍රීඩක “කාකා” අයින් නොවන්නට ඔවුන් පෘතුගාලය සමඟ තරඟයේදී කිසියම් පෙරලියක් කරන්නට තිබුනා. මම හිතන්නෙ ඔහුට “චිලී” සමග තරඟයත් නොලැබේවි.

    ඔබ සඳහන් කර ඇති අයුරින් ආජන්ටිනාව ගැනත් හුඟක් බලාපොරොත්තු තියාගන්න පුලුවන්. නමුත් අවාසනාවට කාරනය වන්නේ ඔවුන්ගේ සියලුම බර ලබාදී තියෙන්නෙ “මැසී” ගේ කර පිටයි. එය ඔවුන් ක්‍රීඩා කරන අයුරින් බොහෝ විට පෙනී යනවා. ඔහු තනිව පන්දුව රැගෙන යාමට හුඟක් විට උත්සාහ කරනවා. සමහර විට එය ඔවුන්ගේ උපක්‍රමයක් විය හැකියි. සමහර විට මේ සැම කන්ඩායමක්ම පරදවා “රූනි” ගේ එන්ගලන්ත කන්ඩායම එන්නත් ඉඩ තියෙනවා. අපි බලමු. තරඟ මාලාවෙ අවසානය තෙක්. මෙවැනි පාපාන්දු ක්‍රීඩාව සම්බන්ද ලිපියක් ලිවීම පිලිබඳ මගේ ස්තූතියි.

    • ආජන්ටිනාවට පසුව මගෙත් ප්‍රියතම කණ්ඩායම තමයි පෘතුගාලය. ඒත් ඔබ කිව්ව කාරනය නිසාම තමයි.
      ස්පාඥ්ඥ්යත් එක්ක තරඟය ඔවුන්ට බොහොම තීරණාත්මක සහ සටන්කාමී එකක් වේව්.

      ආජන්ටිනාවේ බර වැඩිමනක් මෙසී මත තිබුනත්, ගොන්සාලෝ ‘ගුවේන් සහ අනෙක් මුල්/මැද පෙල ක්‍රීඩකයන් ඉතා හොඳ ක්‍රීඩාවිලාශයක ඉන්නවා…

      එන්ගලන්තය ගැන මමත් බොහෝ බලාපොරොත්තු තියාගෙන හිටියත්, මුල් වටයේ තරඟ වල ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා කලකිරීමකට ලක්වුනා. රූනි ගේ හැසිරීම සහ තරඟ විලාශය අන්තිම බවයි මට නම් පෙනුනේ. විශේෂයෙන්ම ඇල්ජීරියාව සමඟ තරඟයේ. ඔවුන්ට දිනන්න නම් ඔවුන්ගේ ප්‍රධානතම ක්‍රීඩක රූනිට ගෝල ලබාගන්නම වෙනවා.

      බලමු මොකද වෙන්නේ කියල..

  2. පින්ග්කිරීම: Tweets that mention යුරෝපය පරදා නැගිටින දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩාව. « සීත සමීරෙන්… -- Topsy.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )