සිග්නල් එකක් පැනීම සියදිවි නසා ගැනීමක් ය.


මම දන්න කියන ඉන්දියන් පොරක් ඊයේ රෑ ජාමෙ සිග්නල් එකක රතු ලයිට් එකක් පැනලා… ඒ වෙලාවෙ ඉඳන් බෙල්ලේ වැල දාගන්න කඹයක් හොය හොය ඉන්නවා…

කොල ලයිට් එක 3පාරක් නිවි නිවී පත්තුවෙලා කහ එකත් පත්තුවෙනකොටම තමයි පොර වාහනේ දාල තියෙන්නේ, කරුමෙටම ලයින් එක පනින වෙලාවටම ලයිට් එක රතු වෙලා, එතැන හිටවලා තියෙන කැමරාවෙන් ලස්සන ෆොටෝ එකක් අරගෙන වාහනයෙයි ප්ලේට් අංකයයි…

කට්ටියට දැනගන්නම ඕන නම්, ඒක කෙරෙන හැටි වෙනම දවසක ලියන්නම්…

සිග්නල් එකක් පැනීම මාරාන්තික, සියදිවි නසාගැනීමක් තමයි කොහොමත්…

ඒත් අපේ යහපත් සිරි ලංකාවේ වගේ නෙවේ, කටාර් වල අත්වැරැද්දකින් හරි සිග්නල් එකක් පැන්නා කියන්නේ ඇඩ්‍රස් නැතිවෙන කේස් එකක්…

සිග්නල් එකක් පැනල නිකන් දෙන ෆොටෝ එකක් ගහගත්තොත් දඩය කටාර් රියාල් 6000ක්. අපේ ඇඟට දැනෙන සල්ලි වලින් කිව්වොත් රුපියල් 186,000 වගේ !!

ඒ අතරින් වැදගත් සිග්නල් දෙක තුනක් ( Airport Signal, Hammad Hospital Signal, etc) තියෙනවා ඒවා පැන්නොත් රියාල් 10,000 දඩය. ඒ කියන්නේ රුපියල් 310,000 !!

ඔක්කොම පරිගනක කරල තියෙන නිසා මේ දඩ නොගෙව ෂේප් වෙනවා නම් බොරු…ගෙවන්නම වෙනවා…

වැඩේ කියන්නේ මේ යකා පැනල තියෙන්නේ Airport සිග්නල් එක. දඩය රියාල් 10,000 ක්.

මුගේ පඩියත් දඩයෙන් බාගයක් වත් නැතුව ඇති…

හොඳම කේස් එක කියන්නේ මිනිහා සිග්නල් එක පැන්න වාහනේ අරන් තියෙන්නේත් රියාල් 6500 කට. 😛

ඉතින් සියදිවි නසාගන්න වෙන එක අහන්න දෙයක් යැ…

ප/ලි :

උඩ අමුනලා තියෙන ඔටුවො පාර පනින සංඥාවක් වෙන අරාබි රටක දැකල තියෙනවාද කවුරු හරි?

Advertisements

12 responses to “සිග්නල් එකක් පැනීම සියදිවි නසා ගැනීමක් ය.

  1. නියම කතාව….:D..ඒත් අපේ සුන්දර සිරි ලංකාවට නම් ඕක හරියන්නේ නෑ….කොටින්ම කිව්වොත් අපිට සිග්නල් ඕනෑම නෑ…..මොකද සිග්නල් තියෙන තැන්වලත් වාහන හසුරුවන්නේ රාළාමි කෙනෙක් නේ……:D…..

  2. දඩ කොලේ එන්නේ ..ගෙදරට නෙවේ නම්, කාර්යාලයට නම්..කරන්න වැඩක් තියනවා..
    නිලධාරියා රටින් බැහැරව ගොස් ඇත කියලා ලියුමක් යවන්න කියන්නකෝ..
    අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි….!!
    හැබැයි කටාර් නම් නෙවේ. යුරෝපයේ නම් මේක වැඩ කරනවා ………ලු දන්නෝ දනිති.. 😀 🙂

  3. ලංකාවේත් මේ වගේ දඩ මුදල වඩි කලොත් කොහොමට හිටීද?

  4. aiyoo ara manussayata ithin deiyangema pihita thamai. Habai oya fines nisa mehe inna(Qatar), samahara waadi wena thana molee thiyena Land Cruiser aiyyala control wela inne. mokada QR6000 kiyanne araabi ayyalaatath hondata saakkuwata danena gaanak ne. ehema nathnam mehe saahena gaanak signal light gaawa paralowa yay. (ada mata UCSC sinhala unicode ekata yanna baane? eeka block karala. oya Qatar indan sinhalen type karanne unicode eken nemeida?)

  5. මචන් මම ඔය සිග්නල් දමන්න කලින් හන්දිවල වාහන ගනන් කරල තියනව ..සමහර බුවාලට ටික වෙලාවකින් නින්ද යනවා..ඉතින් අවදි උන ගමන් මාර ඉක්මනට අදාල වාහනවලට තියෙන බටන් ඔබාගෙන යනව…මෙලොව් සිහියක් නැතිව..උදේ හවස වෙලාවෙ කොළඹ මොටෝ සයිකල් ගනන් කරන එක තමා අමාරුම වැඩේ එක රොත්ත්ට 60ක් විතර යනව..ඔහේ ඔබාගෙන යනව..විනාඩි පහලොවට කැලනිය පට්ටිය හන්දියෙ මෝටර් සයිකල් 212ක් මට මාක් උනා එක .වෙලාවක…

  6. අපේ තාත්තත් කියන කතාවක් තමා ඕක.එයත් සෑහෙන්න පරිස්සමින් තමා ඔහේ වාහන එලවන්නේ… 🙂 ඇත්තටම ඔය වගේ නීති පද්ධතියක් තමා ලංකාවට ගෙන්න ඕනේ…නැත්තම් ලංකාවේ එවුන් හදනවා බොරු මේ කපේදී.. 🙂

  7. අපේ කට්ටිය හිතන්නේ රතු වැටුණට පස්සෙත් හෙමින් සැරේ වාහනේ දාගන්න පුලුවන් අවුලක් නැහැ කියලා. මේ තියෙන්නේ මම ලියපු ඒ වගේ කතාවක්

    http://aagiyakatha.blogspot.com/2010/04/traffic-lights.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )