සබං බෝල කතාව…


මේ කියන්න යන්නේ මම පොඩි කාලේ කරපු වැඩක් ගැන…

රුසියානු ගමනේ කතන්දරයක් ඊයෙ කිව්ව නේ… තව ගොඩක් තියෙනවා, ඒව එකින් එක හිමීට ලියන්නම්…

අද පොඩිකාලේ සිද්දියක් අහල ඉමු…

පොඩි කාලේ කවුරුත් දඟවැඩ කරනවා නේ. මමත් එහෙම තමයි…

අපේ හාමිනේට අනුව, මගේ අම්මයි තාත්තයි නම් කියන්නේ මම දඟනැති බොහොම කීකරු ළමයෙක් කියල… 🙂

අපේ හාමිනේ ගෙදර ආවම මගේ අම්මගේ තාත්තගෙයි වැඩේම ලේලිත් එක්ක කතාකර කර ඉන්න එක. ගොඩක් වෙලාවට මගේ පොඩි කාලේ කතා තමයි…ඉතිං ඔහොම ඊයේ අපේ තාත්තා මතක් කරලා දීපු කතාවක් තමයි මේක… මට මතක් කරලා දුන්නේ අපේ හාමිනේ.

පොඩිකාලේ අපිට එක එක උණ හැදෙනවා නේ…

කහ උණ, කුරුළු උණ, නිව්මෝනියාව….. වගේ ඒව නෙවේ…

බට තුවක්කු උණ, කැටපෝල උණ, කාටිස් දාන තුවක්කු උණ, යෝ යෝ උණ….

ඒ වගේ මෙකී නොකී උණ ගොඩාක් හැදෙනවා…

ඉස්සර කාලේ ඉතින් දැන් වගේ කොම්පීටර් තිබුනේ නැහැනේ සෙල්ලම් කරන්න…ඒ දවස් වල වෝට’ ගේම් එකක් ගත්තේත් බොහොම දුක් විඳලා…

මේ සිද්දිය උනේ මම හතරේ කැලෑසියේ ඉන්න කාලේ…

ඒ දවස් වල තිබ්බ ලොකුම උණක් තමයි, සබං බෝල අරින එක…

ඕක ඉතිං මාර ෆන් වැඩක් නේ…

කොහෙන් හරි අහුවෙන සබං කෑල්ලක් කොප්පෙක දියකරලා ගේමට බහිනවා…ඊට පස්සේ ඉතිං බටයක් හොයාගන්න ඕනෑ…

අපේ ගෙදර වත්තේ ඒ දවස් වල පොඩි පොඩි ගස්ලබු ගස් ටිකක් තිබ්බා…

එකින් එක කරලා ඔය හිච්චි ගස්ලබු ගස් වලට වැඩේ දුන්නා…

චුටි බට වලින් ලොකු බෝල හදලා උඩ අරින්න පුලුවන් නිසා වැඩේ අතිසාර්ථකයි…

ඔහොම ටික දවසක් සබං බෝල ඇරියම අපේ වත්තේ තියෙන්නේ කොල නැති ගස්ලබු. හරියට ගස් වලට දරුනු රෝගයක් හැදිල වගේ….

අපේ වත්තේ ගස් ටික ඔක්කොටම වැඩේ දුන්නට පස්සේ, මගේ ව්‍යාපාරය රෝ මැටීරියල් නැතුව අබලං වෙන්න ගත්තා…

පොඩ්ඩක් වට පිට බලනකොට දැක්ක අල්ලපු ගෙදර තාප්පේ ගාව තියෙන පැපොල් ගහ…අපේ ගෙදර ඒවා වගේ නෙවෙයි, ඒ ගහේ ගෙඩි පිරීලා… බටත් ලොකුයි…

‘අර හිච්චි බට වලින් අරහෙම ලොකු බෝල යවන්න පුළුවන් නම්, මේ බට වලින් බැලුම් බෝල හදන්න පුළුවන් නේ ‘ කියල කප්පනා උනා ටිකිරි මොළේට…

කොහොම හරි අල්ලපු ගෙදර ගහට අත තියනකොට අපේ සෙට් එකේ අනිත් උන්ටත් මට වගේම සම්පත් අහේනියක් ඇතිවෙලා මගේත් එක්ක අවබෝධතා ගිවිසුමක් ගහගත්තා සහයෝගයෙන් වැඩ කරන්න.

එක කොළයක් කඩලා බටේ අරන් බැලුවා බෝල හදන්න.. බටේ කට ලොකුයි… බෝල හැදෙන්නේ නැහැ..

පෘෂ්ඨික ආතතිය ගැන අටමඟුලක් දැනගෙන හිටියෙ නැහැනේ ඒ කාලේ…4රේ කැලෑසියේ ඉන්නකොට ඉතින් විද්‍යාව උගන්නන එකක්යැ ඕක තේරෙන්න…

මට හිතුනේම බටේ කෙස් එකක් කියල…

කැපුවා තව කොලයක්…

ම්හු…

ඒකත් වැඩ නැහැ… පුස් බෝල තමයි පිම්බෙන්නේ…

ඔහොම එකින් එක ට්‍රයි කරල බැලුවා.. තනියෙන් නෙවෙයි.. සෙට් එකත් එක්ක….

මම ඉතින් කරන්නේ පොඩි උන්ට බට කපන්න ඕඩර් කරන එක තමයි… එකෙක් තාප්පේ උඩට නැගල බට කපනවා…

ගහේ යට හරියෙ බට ටික අප්සට් උනාට උඩට එන්න එන්න හොඳයි…

කොහොම හරි පැය බාගයකින් විතර එකෙක් මගෙන් අහනවා,

‘ සමීර අය්යේ මේ දල්ලත් කැඩුවට කමක්නැද්ද ‘ කියලා….

ඔළුව උස්සලා බැලින්නං තමයි වැඩේ තේරුනේ..

දැං ගහේ ඉතිරිවෙලා තියෙන්නේ කඳයි, ඒකේ තියෙන ගෙඩි ටිකයි, මල් දෙක තුනක් එක්ක මුඳුන් දළුවයි විතරයි…

මොනව කරන්නද?

වැඩේ එතනම නවත්තලා සබාතුමෝව විසුරුවලා හැරියා…

අල්ලපු ගෙදර අංකල් බොහොම ආදරෙන් හදපු පැපොල් ගහ.. ගෙඩි ඉදුනම අපිටත් දෙනවා බාගයක් හරි..

දැන් ඉතිං කාල හමාරයි කියල හිටියා…

ඒ අංකල් ගෙදර ආපු ගමන්, වැඩේ දැකලා අපේ ගෙදර හයි කෝට් එකේ නඩුවක් ෆයිල් කරා…

විත්තිකාරයා උනේ මම… අපිට මොන නීතීඥයෝද…

නඩුවෙන් ඒකමතිකව වැරදි කාරයා උනා මම…

සිස්සත්ව විබාගේ ළඟම එන නිසාත්, පෙර වැරදි තියෙන නිසාත්, බරපතල ගුටි සහිතව සිර මැදිරියක පාඩම් කිරීමට නියම උනා…

Advertisements

11 responses to “සබං බෝල කතාව…

  1. නියම කතාව…මතක් වෙනවා පුංචි කාලෙ……….:)

  2. “සිස්සත්ව විබාගේ ළඟම එන නිසාත්, පෙර වැරදි තියෙන නිසාත්, බරපතල ගුටි සහිතව සිර මැදිරියක පාඩම් කිරීමට නියම උනා”

    LOLs

  3. මම නම් ඒ කාලේ සබන් බෝල යවන්න පාවිච්චි කලේ dish wash cleaner එකක් . එකෙන් බෝල යනවා හෝ ගාලා. අනිත් අය ඔක්කොම කොර.

    ඇත්තටම අපිට පොඩි කාලේ ඔය වගේ උන කොච්චර තිබ්බද? පොඩි කාලේ ඒවා කලා මේවා කලා කියලා මතක් කරලා අපිට අද කොච්චර සතුටු වෙන්න පුලුවන්ද?
    ඒත් අද කාලේ පොඩි එවුන්ට පසු කාලෙක සතුටු වෙන්න පුලුවන් වෙයි ද?

  4. කථාව කියවල දුකත් හිතුනා, ඒ උනාට ගස්ලබු ගස් වලට කරපු දේවල් නම් හොඳ නැහැ. ඉතාමත් හොඳින් ලියලා තීයෙනවා හරියට අපිත් තාප්පේ උඩ ඉන්නවා වගේ තමයි හිතෙන්නෙ.

  5. සිස්සත්ව විබාගේ ළඟම එන නිසාත්, පෙර වැරදි තියෙන නිසාත්, බරපතල ගුටි සහිතව සිර මැදිරියක පාඩම් කිරීමට නියම උනා…

    ඒකට මට හිනා

  6. දීපු දඬුවම නිසා ළමය සිස්සත්ත විභාගේ ඉහළින් පාස් වුණාද ?

  7. පින්ග්කිරීම: වඳුරෝ සහ ගස්ලබු යුෂ … « සීත සමීරෙන්…

  8. පින්ග්කිරීම: ස්ප්‍රයිට්: පොඩිකාලේ කරපු තවත් වැඩක් | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )