බ්‍රසීලය ඉවතට


නෙදර්ලන්තය සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් බ්‍රසීලය ඉවතට විසිවී ගියා…

මෙයට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ ඔවුන්ගේ තරඟ විලාසයේ තිබුන ප්‍රධාන අඩුපාඩුවක්… ඔවුන්ගේ පුහුණුකරු සහ 98 ලෝක කුසලානය දිනූ නායක ඩුන්ගා ගේ ක්‍රීඩා විලාශය ඉතාම ආරක්ෂාකාරී එකක්… [Defensive approach]

ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩා විලාශය වී තිබුනේ, ගෝලයක් ලබාගත්තාට පසුව හැකිතරම් ඩිෆෙන්ඩ් කරමින් තරඟය අවසන් කිරීම…

මෙය පෙර බ්‍රසීල කණ්ඩායම් නොකල දෙයක්… 2002, 2006 තරඟ වලදී ඔවුන් රොනාල්ඩෝ, රිවාල්ඩෝ, රොනාල්ඩිනෝ වැනි ක්‍රීඩකයන් යොදාගෙන ආක්‍රමණශීලී ක්‍රීඩාවක නිරත උනා…

නමුත් මෙවර මෙසේ වීමට හේතුව ලෙස මා දකින්නේ ඩුන්ගා වැනි ඩිෆෙන්ඩර් කෙනෙක් පුහුණුකරු ලෙස යොදාගැනීමයි… ඒ තුළින් ඔවුන්ගේ ආක්‍රමණශීලීබව නැතිවී ගියා කියල නිව්වොත් නිවැරදියි…

අද තරඟයේ පළමු බාගය 1-0 ලෙස නිමවීමෙන් දෙවන බාගයේදී බ්‍රසීලය ඩිෆෙන්සිව් ලෙස ක්‍රීඩාකරේ තරඟය එතැනින් ජයග්‍රහනය කරන්න. නමුත් නෙදර්ලන්ත කණ්ඩායම දිගටම ආක්‍රමණශීලී වෙමින් පලමු ගෝලය ලබාගත්තාට පසු බ්‍රසීලය වෙතින් දිස්වුනේ ඔව්න්ගේ සැලසුම් නැතිවූ බවක්… මේ අතරතුර නෙදර්ලන්ත කණ්ඩායම දෙවන ගෝලයත් ගත් නිසා, බ්‍රසීලය ඇදවැටීමකට ලක් වුනා…

කොහොමින් කොහොම උනත්, තරඟාවලිය දිනෙන් දින උණුසුම් වෙනවා…

Advertisements

11 responses to “බ්‍රසීලය ඉවතට

  1. අපරාදේ. දැන් ඉතින් ආර්ජන්ටිනාව තමා

    • මම නම් අද තරඟය පුරාම සපෝට් කලේ නෙදර්ලන්තයට… බ්‍රසීලයේ ක්‍රීඩා විලාසය මුලසිටම මට ඇල්ලුවේ නැහැ.. අර තරම් දුර්වල උ.කොරියාවත් එක්ක තරඟයේත් ඔවුන් කලේ එක ගෝලයක් අරන් ඩෙෆෙන්ඩ් කිරීමක්… පෘතුගාලය ච්.කොරියාවත් එක්ක ගෝල 7ක් වාර්තාකරා…

  2. ඔය කිසිම හේතුවකට වැඩිය මම දකින්නෙ, බ්‍රසීල් කන්ඩායම තුල තිබුනු, කිපිත ගතිය. අපි තරඟයේ දෙවනි බාගය තුලම තබ්‍රසීල කන්ඩායමේ ප්‍රිතිවාදී කන්ඩායමත් සමඟ ගහගන්න යන ගතියක් දැක්කා. ඒ නිසාම තමයි Felipe Melo වගේ ක්‍රීඩකයෙක් ඔවුන්ට නැති වුනේ. ඔවුන් දෙවන බාගය තුල ක්‍රීඩා කල ආකාරය කිසි සේත්ම අනුමත කරන්න බෑ. හරියටම “සයිකෝ” ක්‍රීඩකයින් 11 දෙනෙකු ක්‍රීඩා කෙරුවා වගේ.
    බලමු හෙට තරඟය තුල ජර්මනිය සහ ආජන්ටිනාව අතර තුල තරඟය.

    • ඒ කුපිත ගතිය ඇතිවුනේ අර මම කියපු හේතුව නිසා.. නෙදර්ලන්තය ගෝලය ගැනීමත් එක්ක, ඔවුන්ට වැටහුනා දැන් තත්ත්වය අවදානම් කියලා.. තවදුරටත් ඩෙෆෙන්සිව් ප්ලේ කරල තරඟය දිනන්න බැහැ කියල තේරුනා… ඒ නිසා සැලැස්මක් නැතුව ඇටෑක් කරන්න යෑම නිසා තමයි අර කුපිත ගතිය ඇතිවෙන්නේ… මේක වඩාත් තියුණු වෙන්නේ නෙදර්ලන්තයේ දෙවන ගෝලයත් එක්ක…

  3. ඔබ සමග එකඟයි, බ්‍රසීලයට ඇග්‍රෙසිව් ගහන්න තිබුනෙ, කොහෙද මී හරක් රෑන හිතුවා එක ගෝල් එකක් අරන් ඩිෆෙන්ස් කරගෙන ඉන්න!

  4. මොකද කියන්නේ ? මේ පාර ආජන්ටිනාව තමයි කප් එක ගන්නේ මට ඒ මුළු ටීම් එකම පේන්නේ දියේගෝ මැරඩෝනා ලාම 11 දෙනෙක් වගෙයි. හරිම ඇක්ටිව් නේද? ගෝල් කීපර්ට උන් හිටි තැන් අමතක වෙන තරමේ ටීම් වර්ක් එකක් තියෙනවා ආර්ජන්ටිනා කණ්ඩායමේ කියලායි මට හිතෙන්නේ

  5. නෙදර්ලන්ත කන්ඩායම හොදට සෙල්ලම් කලා

  6. මම දැක්ක දෙයක් තම බ්‍රසීල කන්ඩායමේ එක් එක් ක්‍රීඩකයන් දක්ෂයන් උනත් ඔවුන් කන්ඩායමක් විදියට හරි අවබෝධයක් නැතුවයි ක්‍රීඩා කරේ බොල පාස් කරද්දි ඒක හුගක් අවස්තාවල තේරුනා බෝලය තියෙන ක්‍රීඩකය ඊලගට කුමක් කරාවිදැයි නිසි අවබෝදයක් අසල සිටින ක්‍රීඩකයන්ට තිබුනෙ නැහැ එම නිසා තරග කිහිපයකම ගෝල ලබා ගැනීමේ අවස්ත නැතුව ගියා,
    අනිත් එක තමයි මුලින් කමෙන්ට් වල දක්වපු විදියට ඔනෙවට වඩා ඩෙෆෙන්සිව් වීම , මේ තරගාවලියට රොනල්ඩීනො වගෙ ක්‍රීඩකයෙක් හිටියනම් තවත් සර්තක වෙන්න තිබුනා පුහුනු කරුගේ තරග සැලසුමට රොනල්ඩිනො ගැලපුනේ නැතිනිසාලු ඔහුව තරගාවලියට ඇතුල් වෙල නැත්තෙ

  7. අනිත් පැත්තෙන් උරුගුවෙ එයි වගෙ. උන් හොඳට ගහනවා.

  8. මම කැමති German කණ්ඩායම දිනනවා නම්.
    Brazil කණ්ඩායමට පුරුදු නෑ තරගයක පිටිපස්සෙන් ඉඳල. Nederlands තරගය දිනන්ට හේතු 2 තියෙනවා.

    1. හැගීම් පාලනය කරගන්ට බැරි වීම ( වළි මානසිකත්වය )
    2. රොබින් ගේ කපටි මොලය සහ මැජික් කකුල් දෙක. ( පොර කී දෙනෙක් ව වැරදි වලට ඇල්ලුවා ද? පොර සෙල්ලම් කරන විදිහට කාටවත් මුකුත් කියන්ඩ බෑ මොකද පොර නීති වලට තම සෙල්ලම් කරන්නේ .Brazil වලට තරගේ එපා උන ඌ නිසා )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )