පත්තර කැපිල්ල…


පොඩි කාලේ කරපු වැඩක් ඊයෙ කිව්වා නේ…

කියවන්න බැරි උන ඈයෝ ඉන්නවා නම්, මෙතන කොටල සබං බෝල කතාව කියවන්න පුළුවනි…

අද කියන්නෙත් පොඩි කාලේ කරපු සිද්දියක් තමයි…

මේක උනේ මට වයස අවුරුදු 4ක් විතර කාලෙ… අපේ අම්මයි තාත්තයි තමයි මේවා කියන්නෙ…. මටනම් එච්චර පොඩි කාලේ වෙච්ච මෙලෝ අලකලංචියක් මතක නෑ.

එදා උදේ පාන්දරම පත්තරේ ගෙදරට ඇවිත්… ඒක ඔය පුටුවක් උඩ තියලා අපේ තාත්තා වෙන වැඩක් කරන්න ගිහින්…

ටික වෙලාවකින් තාත්තා වැඩේ අහවර කරගෙන, ඇවිත් තියෙන්නේ පත්තරේ බලන්ඩ… ඇවිත් බැලින්නං….

මම පොර ඉන්නවලු බිම වාඩිවෙලා… පත්තරේ වටේට තියාගෙන… නිකන් නෙවෙයි ඉන්නේ… අතේ කතුරකුත් එක්ක… පත්තරේ කෑලි කපලා කපලා වටේටම දාගෙන තව කෑලි කප කප ඉන්නවා ලු…

අද පත්තරේ.. අකුරක්වත් කියවන්න වෙලා නැහැ… මම වැඩේ දීලා…

ටික දවසක ඉඳන් කතුරක් අරගෙන මම අහුවෙන අහුවෙන දේ කපනවා ලු… කොච්චර එපා කිව්වත් මේකා නෙවෙයි ලු අහන්නේ… කොහොම හරි මේක නතර කරන්නත් එපැයි…

පත්තරේ කීතු කීතු වෙන්න කපලා හිනා වෙලා ඉන්න හැටි දැක්කම දඩුවමක් දෙන්නත් දුක හිතිලා…

කොහොම හරි මේක නවත්තන්න ඕන කියල හිතලා…

මාව අරං ගිහින් අපේ ගෙදර පොඩි කාමරේට දාලා… ඒ දවස් වල ගෙදර කාමර දෙකයි… ඔය පොඩි කාමරේට කවුරුවත් යන්නේ නැහැ… බය නිසාද කොහෙද මම නම් කොහොමටවත් යන්නේ නැහැ….ඉතින් ඔය කාමරේට මාව දාලා, එකතු කරල තිබ්බ ලොකු පරණ පත්තර මිටියක් මගේ ඉස්සරහින් තියලා.. කතුරකුත් එහෙම දීලා…

කපන්න කිව්වලූ ඔක්කොම පත්තර ටික…

ඔක්කොම කපන්නේ නැතුව එළියට එන්න තහනම් කියල, දොරත් ලොක් කරලා ගිහින්…

මමත් ඉතින් පත්තර දෙකක් තුනක් විතර කපලා ආතල් එක යන්නත් එක්ක…

ඊට පස්සෙ අඬන්න පටන් අරං…

කොහොම හරි කොල්ලා එදා ඒ කාමරෙන් එළියට ආපු වෙලාවේ ඉඳලා, නිකරුනේ පත්තර නං කපන්න ගිහින් නෑ…

Advertisements

3 responses to “පත්තර කැපිල්ල…

  1. මටත් ඔහොම සීන්කෝන් එකක් වුනානේ…. එතකොට නං අවුරුදු 8 ක් විතර ඇති…
    අවුරුද්දට නෑදෑයො ගෙනත් තිබුණා Lemon Puff පැකට් වගයක්. පෙරේතකමට තාත්තා එපා කියද්දි මම එයින් එකක් කඩාගෙන කාලා, තාත්තා මාව කාමරේකට දාලා මට කිව්වා මේ පැකට් එක ඉවර කරනකල් මාව කාමරෙන් එළියට ගන්නේ නැහැ කියලා දෙරත් ලොක් කරලා යතුරත් අරන් ගියා. මමත් ඉතිං පුළුවන් විදියට කෑවා. අපේ ලොකු අක්කාත් Lemon puff කන්න පෙරේතයා… මම දැක්කා කාමරේ වටේ එළියෙන් කැරකෙනවා… කොහොම හරි දෙන්න එක්ක Lemon Puff පැකට් එකටම වැඩේ දුන්නා…. ඊට පස්සෙ තමයි මාව එළියට ගත්තේ…. කවුරුවත් දන්නෙ නෑ අක්කා සපෝට් කළා කියලා… කොහොම හරි මට නමකුත් වැටුනා “ලෙමන් පප්පා” කියලා ඔය වැඩෙන්….

  2. පුවත්පත් සන්ස්කාරක වරයෙක් නෙද ..?.

    හිකිස්….

  3. නියම කතාව. හුඟක් පොඩි එවුන් ඔය වගේ ජල්බරි වැඩ කරද්දී දෙන්නේ ඔය වගේ සබ්බු තමා. එතකොට වැඩේ හරි 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )