ආජන්ටිනාව පරදා ජර්මනිය අවසන් පූර්ව තරඟයට


ප්‍රබල ආජන්ටිනා පිල හමුවේ ඉතාම අගනා ලෙස ඩෙෆෙන්ඩ් කල ජර්මානු කණ්ඩායම මුලර් (3′) ගේ මුල් බාගයේ ගෝලයේ වාසිය යොදාගනිමින් දෙවන බාගයේදී තවත් ගෝල තුනක් රැස් කරමින් ආජටිනා පිල තරඟාවයෙන් ඉවතට ඇද දැමුවේ ලෝක කුසලානය සමීපයට අඩිය තබමින්. බොහෝ විට ඔවුන්ගේ අවසන් පූර්ව තරඟය වන්නේ ස්පාඥ්ඥය සමඟින් විය හැකියි.

ජර්මනිය කිසිම විටෙක වසර 20කට වඩා ලෝක කුසලානයක් නොමැතිව සිට නැහැ..1954, 1974 දී කුසලානය දිනූ ජර්මනිය අවසන් වරට ජය ලැබුවේ 1990දී, දැනට හරියටම වසර 20කට පෙර!

දින දෙකක් ඇතුලතදී ප්‍රබල දකුණු අමෙරිකානු කණ්ඩායම් දෙකක් ඉවතට විසිවීම ඉතාම සුවිශේෂී වන්නේ බ්‍රසීලය සහ ආජන්ටිනාව කුසලානය දිනාගැනීමට මහත් බලාපොරොත්තු තබා සිටි කණ්ඩායම් දෙකක් වීම නිසාය. මීට අමතරව, මේ කණ්ඩායම් දෙකම ශ්‍රී ලාංකීය පාපන්දු ලෝලීන්ගේ ප්‍රියතම කණ්ඩායම් දෙකක් වීමනිසා ඇතැම් අය කලකිරී තිබෙන බවකුත් පෙනෙනවා…

කෙසේ වෙතත් ආජන්ටිනාව පැරදීම සිදුවිය යුතුව තිබුනා.. නැත්නම් මැරඩෝනා උපන් ඇඳුමෙන් පාර දිගේ දුවනවා බලන්න කවුද කැමති වෙන්නේ? ඒ නිසා පැරදුන එක දහස් වටිනවා.. 😛

කෙසේ වෙතත් දැන් නම් මෙය නෙදර්ලන්තය, ස්පාඥ්ඥ්ය සහ ජර්මනිය අතර තරඟයක්… උරුගුවේ සහ පැරගුවේ කණ්ඩායම් වෙතින් අනපේක්ෂිත යමක් සිදුවුනොත් ඇරෙන්න මෙවර කුසලානයක් යුරෝපයට යන බවකුයි පෙනෙන්න තියෙන්නේ.

මගේත් ප්‍රියතම කණ්ඩායම වී තිබූ ආජන්ටිනාව ඉවතට විසි වීමෙන් මීලඟට ප්‍රියතම ස්පාඥ්ඥය ට සහ නෙදර්ලන්තයට යොමුවුනත්, මේ තරඟාවලිය ශ්‍රී ලංකාව නොමැති බැවින් දිනන ඕනෑම පිලකට හුරේ කියන්න ලැබීමත් වාසනාවක්.

කවුරු දිනුවත් අපිට මොකෝ… 🙂

Advertisements

2 responses to “ආජන්ටිනාව පරදා ජර්මනිය අවසන් පූර්ව තරඟයට

  1. ජර්මනිය ගහයි වගේ. උන් සිරාවට ගැහුවා ඊයෙ!

  2. මොන කෙහෙම්මලක්ද බන්. මොකද වෙලා තියෙන්නේ මුන්ට.?
    උන්ට රටට වඩා ක්ලබ් මැච් ලොකු වෙලාද ?
    අපරාදේ. බ්‍රසීල් නෑ කියලා ඊළඟට හිත හදාගත්තා ආර්ජන්ටිනාවවත් කප් එක ගනියි කියලා. දැන් ඉතින් අරැන්ම් ඒක උස්සන් යයි වගේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )