අරුම පුදුම බූවල්ලාගේ අනාවැකිය!


ලෝක කුසලානයකදී සහ අනෙකුත් තරඟාවලියකදී ඔට්ටු දැමීම සාමාන්‍ය දෙයක්. මේ සඳහා විවිධ පුද්ගලයන් විවිධ දේ උපකාර කර ගන්නවා. ක්‍රීඩාව ගැන ඇති දැනුම, මානසික බලය වගේ එක එක දේවල් කරලියට එන්නේ මේ ක්‍රීඩා තරඟ අරතතුරේ…

ඔට්ටු වලට නැති උනත් තරඟ වල ජය පැරදුම අනුමාන කරන්න කවුරුත් කැමතියි.. අනෙක් අය කරන අනුමාන අහගෙන ඉන්නත් වැඩිමනක් දෙනා කැමතියි..

මෙවර ලෝක කුසලානයේ මේ ලෙස ජය පැරදුම කලින් ඉඳන් කියන අපූරු සතෙක් ජර්මනියේ ඉන්නවා… රටවල් දෙකේ කොඩි සහිත වීදුරු පෙට්ටි තුලින් බූවල්ලා තෝරාගන්න පෙට්ටිය සහිත පිල ජයගන්නා බවට මෙම අනාවැකියෙන් කියැවෙනවා..බ්‍රිතාන්‍යයේ ඉපදුන මේ බූවල්ලා මෙවර ලෝක කුසලානයේ ජර්මනිය ක්‍රීඩාකරන හැම තරඟයක් ගැනම කියු අනාවැකි 100% නිවැරදි වී තිබෙනවා…

සර්බියාව සමඟ පැවති තරඟයේදී ජර්මනිය පරාද වන බව බූවල්ලා කීවත් කවුරුත් එය විස්වාස කලේ නැත්තේ විය නොහැකි දෙයක් නිසා වුනත්, ඇත්තටම තරඟයෙන් ජර්මනිය පැරදුනා.. ඉන්පසුව ඔස්ට්‍රේලියාව, ඝානාව, එංගලන්තය සහ ආජන්ටිනාව අතර තරඟ ජර්මනිය ජයගන්නා බවට මේ බූවල්ලා නිවැරදිව අනාවැකි පල කළා…

මේ වන තෙක් ඌට වැරදුන එකම තැන වූයේ 2008 ජර්මනිය සහ ස්පාඥ්ඥ්ය අතර පැවති යුරෝපා කුසලාන අවසන් මහා තරඟයයි… මෙහිදී ජර්මනිය ජයගන්නා බවට බූවල්ල කීවත් තරඟය 1-0 ලෙස ජය ගෙන යුරෝපා කුසලානය ගත්තේ ස්පාඥ්ඥ කන්ඩායමයි…

මෙවර කුසලානයේදී සියල්ල නිවැරදි ලෙස කියූ බැවින් කාගේත් අවධානය යොමු උනේ ජර්මනිය සහ ස්පාඥ්ඥ්ය අතර පැවැත්වෙන අවසන් පූර්ව තරඟය දිනන්නේ කවුද කියා දැන ගැනීමටයි…

වැඩිමනක් ජර්මානුවන් පුදුමයට පත් කරමින් මෙවර බූවල්ලා තෝරාගත්තේ ජර්මනිය නොව ස්පාඥ්ඥ්යයි…

බූවල්ල්වා හරිද වැරදිද කියා බලාගැනීමට ඇත්තේ තව හෝරා කීපයක් පමණයි…

ප/ලි: මෙතැන කොටා බූවල්ලා බලන්න.

Advertisements

23 responses to “අරුම පුදුම බූවල්ලාගේ අනාවැකිය!

  1. මරුනේ,,,,, එයා කියන්නේ ඔය ලොක කුසලාන ගැනම විතරද….

  2. හපුයියා. එහෙනම් දැන්මම ස්පාඥ්ඥ හුරේ දාන්න පටන් ගන්න වෙයිද?

  3. ඇත්තටම පුදුමයි…. හිතුවක්කාරි අහල තියෙන විදියට එයාට වෙනත් දේවල් ගැන අනාවැකි කියන්න පුළුවන්ද දන්නෑ නේ? අනේ එයාටත් (බූවල්ලා) වෙන වැඩ නෑනෙ… ඔය ඉන්න විදියට ඉන්නෙ නැතිව මිනිස්සුන්ට මොකට උදව් කරනවද මන්දා… මට එයාගෙ අනාගතය ගැන දුකයි….

  4. අයියෝ.. මම හිතුවේ ජාර්මනිය දිනාවි කියලා..
    😦
    ඔව්, ඔව්.. ඔය බූවලු කතාවක් මම දැක්කා ට්විටර් එකේ යනවා. මම එච්චර දැනන් උන්නෙ නැහැ අගක් මුලක්.

  5. හාහ් බූවල්ලා හරි ඔන්න..ජර්මනිය පැරදුනා ;-(

  6. පින්ග්කිරීම: බූවල්ලා හරි මල්ලි.. « සීත සමීරෙන්…

  7. ඔන්න ඒපාර කට්ටිය බූවල්ල බැදල කන්න හදනවලු.

  8. මට පොඩි සැකයක් තියෙනවා මේ බුවා (බූවල්ලා) හැම තිස්සෙම උගෙ අඬු ටික දාන්නේ අපේ දකුණු අත තියෙන පැත්තට කියලා. පෙට්ටි දෙක මාරු කරලත් බලන්න කියන්න ඕනෙ කට්ටියට.

    • ආ එහෙනම් අනාවැකි කියන්නේ බූවල්ලා නෙමෙයි දිනන පැත්තේ කොඩිය දකුණු පැත්තෙන් තියන කෙනා වෙන්න ඕනේ. 😀 මොකෝ කියන්නේ? ඒකත් වෙන්න බැරි නැහැනේ. මිනිස්සු නම් ඕනේ තරම් අනාවැකි කියනවානේ. ඒත් සතෙක් සම්බන්ධ වුනාම ඒකේ ත්‍රිල් එක වැඩි නිසා අනාවැකි කියන මිනිහෙක් මේකට සම්බන්ධද දන්නෙත් නැහැ නේද?

  9. පින්ග්කිරීම: දිනන්නේ ස්පාඥ්ඥයයි, බූවල්ලා කියයි « සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )