දිනන්නේ ස්පාඥ්ඥයයි, බූවල්ලා කියයි


‘පොල්’ කියන බූවල්ලගේ කතන්දරේ මතකයිනේ… ලෝක කුසලානය තරමටම ජනප්‍රිය වෙච්ච අනෙක් දෙය තමයි මේ බූවල්ලා..

අවසන් පූර්ව තරඟයෙන් ස්පාඥ්ඥ්ය දිනන බවට බූවල්ලා අනාවැකිය කිව්වානේ

කිරිගහට ඇන්නා වගේ ඒක ටක්කෙටම හරිගියා.. මේ තරඟාවලියේදි බූවල්ලාගේ අනාවැකි 100% නිවැරදියි..

මේ නිසා කට්ටියම අවසාන මහා තරඟයටත් බූවල්ලාව අරගෙන අනාවැකිය කියලා බැලුවා…

සමහර අවස්ථාවලදී කවුද දිනන්නේ කියලා කියන්න බූවල්ලා විනාඩි 70 වගේ ගත්තත් මේ වෙලාවේදී නම් ඉතාම ඉක්මනින් (විනාඩි 3කදී) ඌ දිනන්නේ කවුද කියල කිව්වා.. මෙදා පාරත් දිනන්නේ ස්පාඥ්ඥ්ය කියලයි බූවල්ලා නම් කියන්නේ… මේ වගේ ඉතා ඉක්මනින් කියන්නේ එය පැහැදිලි ජයක් නිසා කියලයි අදහස් දක්වන්නන් කියන්නේ..

මේ අනාවැකිය කීමේ අවස්ථාව යුරෝපය පුරාම සජීවීව ප්‍රදර්ශනය කෙරුනායින් වැඩේ සංකීර්ණ කම කට්ටියට හිතාගන්න පුළුවන්නේ…

මේක සජීවීව බලන්න බැරිවෙච්ච අයට මෙන්න පහත අමුනලා තියෙනවා වීඩියෝ එක.

උරුගුවේ සහ ජර්මනිය අතර තුන්වන ස්ථානය සඳහා අද තියෙන තරඟයෙන් ජර්මනිය ජය ගන්නා බවටත් ‘පෝල්’ අනාවැකිය පලකරනවා..

කොහොම හරි මේ තත්ත්වය නිසා බූවල්ලාගේ ආරක්ෂාව ගැනත් කට්ටියට හිතන්න වෙලා… මොකද ඌව ඉස්සුවොත් එහෙම උස්සපු එකාට හෙන පෝසතෙක් වෙන්න පුලුවන් නේ.. ‘පෝල්’ගේ ආරක්ෂාවට අමතර ආරක්ෂක කන්ඩායම් හිටන් යොදවලා කියලයි වාර්තා වෙන්නේ..

කොහොම හරි ඒ අනාවැකියත් හරිද කියල බලන්න තව දවසයි ඉතුරු වෙලා තියෙන්නේ..

ස්පාඥ්ඥ්ය සහ නෙදර්ලන්තය.. 2010 ෆීෆා ලෝක කුසලාන අවසාන මහා තරඟය

කට්ටිය මොකද කියන්නේ? කවුද දිනන්නේ?

Advertisements

12 responses to “දිනන්නේ ස්පාඥ්ඥයයි, බූවල්ලා කියයි

  1. 50% ප්‍රොබබිලිටිය උනත් මූ නිකන් ඒක හරියන විදියටම කනවනේ! මරේ මරු බූවල්ල..

  2. ස්පාඥ්ඥය නෙවෙයි ස්පාඤ්ඤය

  3. මේ ඒක ඇතුලේ කෑමක් තියෙනවාද හපුයියාට කන්න? එහෙම තියෙනවා නම් බොක්ස් දෙකේම තියෙනවාද?

  4. අම්මපා මූ මාර සතෙක් නොවැ . .. අර කිව්වත් වගේ අපේ ලංකාවේ ඡන්ද කාලේට කියාපු බඩුවක් . .

    ඒත් අපේ උන්දැලා පිල් මාරු කොරන හැටියට මූට මොලේ අඥ්ඥකොරොස් වෙයිද දන්නේ නෑ සාස්තර කියන්න ගිහින් හික්ස්

  5. බූවල්ල හැම තිස්සෙම තෝරන්නේ දකුනු අත පැත්තේ තියන පෙට්ටියලු. මුගේ protection වැඩි කරලා තියෙන්නේ සමහර ජර්මන් කාරයෝ මූ ජර්මනිය පරාද වෙනවා කියන නිසා මූව මරන්න ඕනෙ කියන නිසා.

  6. මෙයාටත් කප් එකක් දුන්නනම් හරි

  7. ෂ්..ඔන්න අදත් අනාවැකිය හරියටම හරි..:D

  8. පින්ග්කිරීම: 2010 ලෝක පාපන්දු ශූරයන් ස්පාඤ්ඤයයි! « සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )