අහවල් දේ නීතිගත කලයුතුද?


මේ කෙටි සටහන ලියන්න හිතුනේ පුවත්පතක ලියල තිබ්බ සිදුවීමක් නිසා…. Daily Mirror වෙබ් අඩවියේ තිබ්බ මේ පුවතින් කියැවුනේ ගාල්ල ප්‍රදේශයේ ඇති සංචාරක හෝටලයක කළමනාකරුවෙක් බාල වයස්කාර බ්‍රිතාන්‍ය ජාතික දැරියක් දූෂණය කර ඇති බවක්!

වසර ගනනාවක් තිස්සේ පැවතුන යුද්ධය නිසා නැත්තටම නැතිවී තිබූ සංචාරම කර්මාන්තය යන්තම් හිස ඔසවාගෙන එද්දී මේ වගේ අසමජ්ජාති තිරිසන් කාලක්න්නියෙක් කරන වැඩකින් ඒ සියල්ලම මොහොතකින් විනාශවී යා හැකියි… BBC වැනි මාධ්‍යජාලයකට මේ පුවත යොදාගෙන ලංකාවට එන බ්‍රිතාන්‍ය ජාතිකයින් ප්‍රමාණය සැලකිය යුතු ගනනකින් අඩුකිරීමට හැකියාවක් තිබෙන බව අප කවුරුත් පිලිගත යුත්තක්.

මෙය දහස් ගනනක් සංචාරකයන් පැමිණෙන රටක කලාතුරකින් සිදුවන එක් සිද්ධියක් විය හැකියි.. නමුත් මෙය ඒක්තරා සමාජ විශමතාවයක ලක්ෂණයක් පෙන්නුම් කරන බව නොරහසක්…

මිනිසුන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට සරිලන අයුරින් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අවස්ථාව පැමිණ ඇතිබවත්, ලංකාවේ ද වෙනත් සංචාරක පුරවල මෙන් ‘රෙඩ් ලයිට් දිස්ත්‍රික්ක ‘ ඇතිකල යුතු බවත් සමහරකගේ අදහස වුවත්, මගේ නම් පුද්ගලික අදහස වන්නේ මෙය මිනිසුන්ගේ ආකල්ප සහ සාරධර්ම වර්ධනයෙන් කල යුතුදෙයක් මිසක් වැරදි කරන්නාට නීත්‍යාන්කූල අවකාසයක් තනාදීමක් කිසිවිටෙක නොකළයුතු බවත් ය. එක්තරා අයුරකින් මෙය දුම් බොන්නන් සඳහා කාමර වෙන්කර තැබීමක් [Smoking Rooms] හා සමානය…

ඉහත සඳහන් දෑ කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව ඉතාපැහැදිලි වන්නේ කරුණු දෙකක් නිසාය;

1. ගණිකා වෘත්තිය නීතිගතකර ඇති රටවල සහ ‘රෙඩ් ලයිට් දිස්ත්‍රික්ක ‘ ඇති රටවල ස්ත්‍රී දූෂණ වල අඩුවක් නොමැතිවීම.
2. සංචාරක කර්මාන්තය පැවතෙන නිසාම නොවුනත්, ලංකාවේත් අඩුවැඩි වශයෙන් ගණිකා වෘත්තිය සහ ‘රෙඩ් ලයිට් දිස්ත්‍රික්ක ‘ පැවතුනත් මේවැනි අපරාධවල අඩුවක් නොවීම.

කරුණු කාරනා කෙසේ වුවත්, මේ වැරැද්ද කල පුද්ගලයාට උපරිම දඬුවම් ලැබීම සිදුවිය යුත්තක්.. ඒසේම මෙවන් තිරිසන් වැඩ නැවත නොවීමට වගබලා ගැනීමත් හැමගේම වගකීමක් වනවා..

( සංවාදයට විවෘත්තයි )

Advertisements

7 responses to “අහවල් දේ නීතිගත කලයුතුද?

  1. මමනම් කියන්නෙ ලංකාවෙ ගණිකා වෘත්තිය නීති ගතකල යුතුයි කියල.එතකොට ඕනෙ කෙනෙකුට මුදල් දීල අවශ්්‍යය වැඩේ කර ගන්න පුලුවන්.ස්ත්‍රී දූෂණ නිකම්ම අඩු වෙයි.කෙහෙම්මල් සදාචාරය.මෙච්චර කල් ඕක ‍රැක්ක කියල ඇති වෙලා තියන සෙතේ මොකද්ද?

  2. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොකර ඕක නීතිගත කළාට වැඩක් වෙන්නෙ නැහැ. තවත් මේ දේවල් වැඩිවෙනව මිසක්.
    11 වසරෙ ප්‍රජනනය පාඩම ස්ව අධ්‍යයනයෙන් හදාරන්න වෙන ( ගුරුවරු උගන්නන්න ලැජ්ජ නිසා) මේ රටේ මොන ලිංගික සදාචාරයක්ද?
    තව එකක්, ඕක නීතිගත කරන්න කලින් නිදහසේ ආදරය කිරීමට නිදහස හොයල දුන්නනම් හොඳයි.

  3. ඔය මිනිහට උපරිම දඩුවම් පැමිනිය යුතුයි. මොනම හේතුවක් යටතේ වත් ස්ත්‍රී දූශනය සහ බාල අපචාර අනුමත කරන්න බැහ.

    නීතිගත කිරීම ගනිකා වෘතිය… ::

    වරදක් දකින්න බැහ… ඒ නැතයි කියලා ඒව නැත්තෙත් නැහ. ඒ නිසා ස්ත්‍රී දූශන අඩුවෙයි කියල හිතන්න බැහ. ඒත් ප්‍රමිතියක් ඇතුව වෙයි ඔය හොරෙන් වෙන දේවල්.

    අර කිව්ව වගේ ප්‍රජනනය පාඩම උගන්නන්න ලැජ්ජ ගුරුවරු ඉන්න

    කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි නිදහසේ බීච් එකක කතා කරන්න ඉඩ නොදෙන අපේ රටේ මොන ගනිකා නීතිගත කිරීම්ද..

    ඔක්කොම හොරාට පව් කරනවා.

  4. සම්පූර්ණ ඇත්ත.මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොවෙනතාක් ඔය මොන දේ කලත් වැඩක් නැහැ.ඇත්තටම මේ අපේ රටේ වැඩිහිටි උදවිය කෙල්ලො කොල්ලන්ට නම් කරන්නෙ හරිම අසාධාරනයක්.දැනට ආසියාවෙ දියුනුම රටවල් දෙක විදියට ගන්න පුලුවන් ජපානයෙ සහ දකුණු කොරියාවෙ (මම ඇස් දෙකෙන් දැකල තියන නිසා)කෙල්ලො කොල්ලොනම් මාර ෆන් එකේ ඉන්නෙ.මිනිස්සු දෙනෝ දාහක් ගැවසෙන ලොකු ටවුන් වල සමහර කෆල්ස් අර වැඩේ කරන්නැති ටික විතරයි.ඒත් කවුරුවත් උන් දිහා බලන්නෙ නෑ.අසභ්‍ය විදිහට හැසිරුනා කියල පොලිසියට ෆෝන් කරන්නෙ නැහැ.බීච් එකක් ගත්තොත් මේ ස්කෝලෙ යන වයසෙ පොඩි උන් ඉන්නෙ යට ඇදුම පිටින්.කොල්ලගෙ අතේ එල්ලිලා (තව ඉතින් විවිධ ජාති.එව්ව කියන්න ඕනෙ නැහැනේ.)අපේ රටේ නම් කෙල්ලො ගොඩක් ඉන්න බස් හෝල්ට් එකක සිගරට් එකක් එහෙම බිව්වොත්(දැන්නම් ඒකත් බැහැනෙ)අපෝ ඌ දිහා බලන්නෙ හරිම පිළිකුල් විදියට.කෙල්ලො එතනින් ඈත් වෙනව.නහය අකුල ගන්නව.මෙහෙ උන්ටනම් පුරුදු හින්දද මන්ද ඒක ගානක් වත් නෑ. පිලිපීන්,තායි,ජපන්,රුසියන් මේ ඕනෙ රටක සුන්දර යුවතියක් සුලු මිලකට ගන්න පුලුවන්.රෙඩ් ඩිවිසන් එකකින්.සමහ වෙලාවට පොලිස් කාර් ඒ පැති වලත් පොඩි රවුමක් යනව.හැබැයි ඒ යන මිනිස්සු කුදලගෙන යන්නනම් නෙමේ.කට්ටිය කචල් දාගන්නවද කියල බලන්න.

  5. අතින් අල්ලගන ඉන්න ජෝඩු පොලිසියට අල්ලගන යන ගල් යුගයක චින්තනයක් තියන රටේ ඔය නීතිගත ක‍රන එක විහිලුවක්.එහෙම කිරීමත් ලංකාවට ගැලපෙන්නෙ නෑ.ඒකට හේතුව ඊට පස්සෙ උනත් ඔය අප‍රාධ අඩු නොවීමත් සහ නීතිගත කලොත්, දැන් ගණිකා ඇසුර ලබන උදවිය වැඩි නොවීමත්.(ඕක ක‍රන එකා මොන පොලිසියෙන් ඇල්ලුවත් උගෙ වැඩේ ක‍ර ගන්නවා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )