ඇඳේ අබිරහස


උසස් පෙළට පිකිස් එහෙම නැත්නං භෞතික විජ්ජාව කරපු කට්ටිය දන්නවා ඇති මොකද්ද අනුනාදය කියන්නේ කියල.

අනුනාදය, සින්හලෙන් කියනවා නම් ‘Resonance’ කියන්නේ ඇතැම් සංඛ්‍යාත වලදී යම්කිසි රේඛීය පද්ධතියක් [ a linear system ] අධි විස්තාරයකින් කම්පණය වීමට දක්වන නැඹුරුවයි. එක එක සංඛ්‍යාත පධතියකට ලබා දෙද්දී ඇතිවෙන අනුනාදය එකිනෙකට වෙනස්… සෑම පද්ධතියකටම තියෙනවා ස්වාභාවික සංඛ්‍යාතයක් [ Natural Frequency ] කියල එකක්… මේ අනුනාදය උච්චතම වෙන්නේ අපි ලබාදෙන සංඛ්‍යාතය එම පද්ධතියේ ස්වාභාවික සංඛ්‍යාතයට සමාන වුන වෙලාවේදී… ඒ වෙලාවෙදී තමයි ඒ පද්ධතිය උපරිම විස්තාරයකින් කම්පණය වෙන්නේ…

ඔය සමහර වචන වලට එක එක ගෑණු ළමයි උපරිම විස්තාරයකින් කම්පණය වෙන්නේ එයාලගේ Natural Frequency එකට හරියන Frequency එකක් වැදුනම තමයි…  ගොඩක් පිරිමි අය කනේ පාර කන්නේ අන්න ඒ වගේ වෙලාවට තමයි ..

අපි ඔය හින්දි ෆිල්ම් වල දකිනවා වගේ, කෙල්ලට පොඩි අකරතැබ්බයක් උනාම වෙඩි 10 – 15 උනත් කාගෙන ඇවිල්ලා කෙල්ලව බේරගන්නේ කොල්ලගේ පද්ධතිය උපරිම විස්තාරයකින් කම්පණය වෙන්න පටන්ගත්තු නිසා තමයි.. තේරෙන බාසාවෙන් කිව්වොත් බොක්කට වැදුනම තමයි.. :පී

ඕකට අපේ පිකිස් පොත් වල නම් තිබ්බ උදාහරනය තමයි අර සොල්දාදුවෝ ටිකක් මාච් කරන්ගෙන එන කොට ඒ මාච් එකේ සංඛ්‍යාතය Angers Bridge එකෙ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වෙලා පාලම කඩාවැටීම…

ඔය ඇබිත්තං භෞතික විජ්ජා පාඩම කරන්න උනේ මේ කතා බාගයට පෙර වදනක් විදියට. කතාවට වඩා පෙරවදන ලොකු වීම ගැන සොරි වෙන්න ඕන, මොකද පිකිස් නොකරපු අයටත් පොඩ්ඩක් තේරෙන්න එපැයි සිද්දිය මොකද්ද කියල… කාට හරි ඔය පෙරවදනේ තියෙන කිසි දෙයක් මීටර් උනේ නැත්නම්, බය වෙන්ඩ දෙයක් නෑ, ඒත් කතාව තේරෙයි. (එහෙනම් මොන මගුලකටද කිව්වේ නේද )

කතාව මේකයි… මේක සත්‍ය සිද්දියක් !

මම දන්න කියන යාලුවෙක්ගේ ඇඳ අද්භූත විදියට හෙල්ලෙන්න පටන් අරං… රෑට ඇඳ හෙන හයියෙන් හෙල්ලෙනවාලු…පොරට කෙසේ වෙතත් බිරින්දෑට නම් නිදාගන්න නම් බැහැලු… ඒත් ඉතිං අපේ පොරට නම් කිසි ගානක් නෑලු.. යස අගේට නින්ද යනවලු… ඒ නිසා දැන් උන්නැහේගේ බිරින්දෑ වෙනම කාමරයක තමයි නිදාගන්නේ…

ඇඳ එහෙම උපරිම විස්තාරයකින් කම්පණය වෙන්නේ අනුනාද අවස්ථාවකදී… ඒ කියන්නේ ඇඳේ ස්වාභාවික සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් එයට ලැබීමෙන්..

මොකද්ද දන්නවද කේස් එක?

අපේ පොර හෙන හයියෙන් ගොරවනවා ලු… මේ ගෙරවිල්ලේ තරම කොච්චරද කියනව නම්, ඒක සංඛ්‍යාතය ඇඳේ සංඛ්‍යාතයට සම වෙලා ඇඳ නිකන් නිව්මෝනියා හැදිච්ච ලෙඩෙක් වගේ වෙව්ලනවාලු..

අනේ අර අසරණ කෙල්ල ඒ නිසා වෙන තැනක නිදාගන්නවා… අපේ එකා නම් සැපට ඇඳ උඩ.. මොකද ඌට නින්ද ගියේ නැත්නම් ඇඳ අනුනාද වෙන්නෙත් නෑනේ !

ප/ලි: උඩ අමුනලා තියෙන පින්තූරේ තියෙන Tacoma Narrows පාලමත් අනුනාදය නිසා කඩාවැටුනා කියල ප්‍රසිද්ධ වෙච්ච පාලමක්.. ඒ උනාට ඒකේ ඇත්ත හේතුව ගගනප්‍රත්‍යාස්ථ ආවරණයක් [ aeroelastic effect ] කියලා පස්සේ නිශ්චිත උනා.

Advertisements

3 responses to “ඇඳේ අබිරහස

  1. ඔය කාන්තා පක්‍ෂය උපරිමවිස්තරණයෙන් කම්පනය කරන ක්‍රමය දැන ගැනීමත් හරියට නිල වෙදකම වගේ එකක්.

    මං කොහොමට බබෝ ඔයා එක්ක තරහ වෙන්නේ මං ඔයාට හැමදාම එක වගේ ආදරෙයි වගේ වචනත් නිකං මන්තර වගේ දේවල්. එලව එලවා පල දෙනවා!

    ඔය කතාවේ සැමියා සහ බිරිඳගේ දෙක වෙනස්. ඒකයි අවුල. මෙයා සයින් චක්‍රයේ පයි/2 වල ඉන්න කොට අරයා 3පයි/2 වගේ.

  2. මටත් පිකිස් පන්තියෙදි කියපු ඔය Tacoma Narrows පාලමේ කතාවනම් මතකයි. කතන්දර කාරය අයියගෙ කථාව වාරනය කරන්න වෙයිද දන්නෙ නෑ 😉

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )