වඳුරෝ සහ ගස්ලබු යුෂ …


ඩෙංගු රෝගය ගැන හැම තැනම කතා වෙනවානේ දැන්. ලංකාවේ ප්‍රශ්නයක් ඇතිවෙලා ඒක උපරිමයටම යන්න ඕන ඒකට හරියන පිළියමක් යොදන්න. සුනාමිය ඇවිත් ඔක්කොම කාබාසිනියා කරලා දානකන් අනතුරු ඇඟවීමේ පද්ධතියක් තිබුනේ නෑ.. ඒකනම් කමක් නෑ කියමුකෝ, මොකද හදිසි ආපදාවක් නේ. ඒත් ඩෙංගු එහෙමද? ඒක වළක්වන්න කිසිදෙයක් කළ පාටක් නම් පේන්න නැහැ…

කොහොම හරි  ‘කට කහන කතා‘ ලියන අපේ ‘ දුමී ‘ නම් ඩෙංගු උවදුරෙන් මිදෙන්න යස පිළියමක් ගැන ලියල තිබුනා.. ඒ ලිපිය කියවන්න බැරි උන අය ඔතනින් ගිහින් කියවන්න… එදාම වගේ ලංකාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවි වලත් ඒ ගැන සටහන් කරලා තිබ්බා..

ඩෙංගු සුව කරන්න පුලුවන් මේ ගස්ලබු කොල යුෂ පානය ගැන වැඩිදෙනා දැනුවත් කරන්න කියලා අපේ බ්ලොග් ලියන සහෘදයෝ දුමී ගේ අර ලියමන කොපි කරලා තමන්ගේ බ්ලොග් එකෙ දාගෙන තිබුනා.. මොකද එක්කෙනෙක් හරි ඒක කියවලා හොඳ සුවය ලබනවානම් ඒකත් මසුරං වටින නිසා… මේ වගේ බ්ලොග් වලින් කරන්න පුලුවන් සමාජ සේවය විශාලයි…ඒ වගේම බ්ලොග් කියැවීමේන් ලැබෙන දැනුමත් විශාලයි… බ්ලොග් ලියන්න පටං අරං තාම වැඩි කාලයක් නැති වුනාට මම සෑහෙන කාලෙක ඉඳලා බ්ලොග් කියවලා හොඳ තෘප්තියක් ලැබුවා…

ඒක නෙවෙයි….කියන්න ආපු දේ නෙවෙයි ලියැවුනේ…

මම අද මේ පැත්තේ ආවේ මේ ඩෙංගු ගැන කතාවක් ලියන්න… වෙන දේවල් තමයි ලියැවුනේ…

මේක අද අපේ කන්තෝරුවේ වෙච්ච කතාවක්… අපේ කට්ටියත් ඉතින් දවල්ට කෑම ගන්න ගමන් ඩෙංගු සුව කරන්න පුලුවන් කියන මේ ගස්ලබු යුෂ ප්‍රතිකාරය ගැන කතාකර කර හිටියා..

කවුද ඇහුවා ‘ ඉතිං ගස්ලබු කොල යුෂ මාර තිත්ත ඇතිනේ කොහොමද බොන්නේ?’ කියලා.. ඒකට කට්ටිය තම තමන්ගේ අය්ඩියාස් දෙන අතර තුරේ තවත් කවුද කිව්වා ‘වඳුරෝ නම් ගස්ලබු කොල කනවා’ කියලා…

මමත් ඉතිං දන්නේ නැති නිසා ඇහුවා ඇත්තටම වඳුරෝ ගස්ලබු කොල කනවද කියලා..

මොකද ගස්ලබු කොල කන සතෙක් මම නම් තාම දැකලා නැති නිසා.

වඳුරෝ ගස්ලබු කොල කන නිසා වඳුරන්ට නම් ඩෙංගු හැදෙන්නේ නෑ කියල තමයි කට්ටියගේ තර්කය.

ඒත් එක්කම අපේ කසුන් මහත්තයා පැනලා කිව්වා ‘ ඒක තමයි…ඇත්ත වෙන්න ඇති… මම බෙහෙත් ගන්න ගියපු එක වෙලාවකවත් බෙහෙත් ගන්න ආපු වඳුරෙක් නම් දැකල නෑ…’ කියලා…

මේක අහපු ගමන් වැඩිය කතා බහ නොකරන අනුර අයියා පැනලා කියපි, ‘ ඇයි කසුන් මෙච්චර කල් බෙහෙත් ගන්න ගියේ සත්තුන්ට බෙහෙත් දෙන තැනකට ද..’ කියලා..

දීපංකො උත්තර…

ප/ලි: මමත් සූටි කාලේ තියෙන විසේට සබං බෝල පුම්බන්න ගිහින් ගේම දීල තියෙන්නේ රටක් වටිනා අවුසදේකට නේද? අපේ ගෙදරින් ඒ වැරැද්දට මට බරපතල ගුටි සහිතව සිර දඩුවමක් දුන්නේ මේක මේ තරං වටිනා අවුසදයක් කියල දැනං හිටපු නිසාද මන්දා….

Advertisements

8 responses to “වඳුරෝ සහ ගස්ලබු යුෂ …

  1. නියම කතාව.. මුක පූට්‍ටු වෙනවනෙව ඔහොම ඇහුවම…

  2. සමීර, බොහොමත්ම ස්තුතියි මේ පෝස්ට් එකට. කිව්වත් වගේ අපිට මේ පණිවිඩය ගොඩක් දෙනෙක් අතරට ගෙනියන්න පුළුවන්නම් ඒකෙන් ජීවිත සෑහෙන්න ගනනක් බේරෙනවා අනිවාර්‍යයෙන්ම.

    මමත් ඔය වඳුරො ගස්ලබු කොල, දළු කන කතාව අහල තියෙනවා. ඉස්සර අපේ මිනිස්සු කැලෑ මැදින් දවස් ගනන් යනකොට හීලෑ වඳුරෙක් අරන් යනවළු. ඒ වඳුරා කන ඕනෙම කොල, දළු සහ ගෙඩි ජාතියක් අර මිනිස්සු කනවළු මොකද එව්ව වස විස නොවෙයි කියල ඒකෙන් ඔප්පු වෙන නිසා.

  3. වදුරෝ ගස් ලබු කොල කනවා. අපේ ගෙදර තියෙන ගස් ලබු ගස් තියා ගන්න විදියක් නැහැ උන් එක්ක.උන් මාර කැමක් කන්නේ ගස්ලබු කොල. උන් තව රෝස මල් ගහේ කොලත් කනවා.

  4. වඳුරො ගස් ලබු කොල කනවා මම දන්න තරමින්… ගස්ලබු නෙමෙයි උන් එක්ක මෙලෝ දෙයක් තියා ගන්න බැහනේ…

  5. පින්ග්කිරීම: Tweets that mention වඳුරෝ සහ ගස්ලබු යුෂ … « සීත සමීරෙන්… -- Topsy.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )