මුරලි, ඔබට ස්තූතියි !


මේ කුඩා සටහන ලියන්නේ අද දිනයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්, එදා මෙදාතුර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා වන මුත්තයියා මුදලිදරන් හට බහ තෝරන වියේ පටන් ක්‍රිකට් උන්මාදයේන් පෙළුන රසිකයෙක් වශයෙන් මගේ උපහාරය පුදකිරීමටයි…

ඔහු ලොව හොඳම දඟපන්දු යවන්නාද? එහෙමත් නැත්නම් ලොව හොඳම පන්දුයවන්නාද යන්නට තර්ක අවශ්‍යය නැත. මම කවදාවත් බ්‍රැඩ්මන් ක්‍රීඩා කරනු දැක නැති බැවින්, මා හට නම් මුරලිදරන් යනු ලොව බිහිවූ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා යි.

කලක් දෙකඩ වී තිබූ ජාතියක, බෙහෙතකටවත් පෙන්නන්නට තිබූ එකමුතු බවේ එකම මිණිපහන වූයේ මුරලිදරන් නැමැති මේ සොඳුරු ක්‍රීඩකයායි…

ඔහු හා හා පුරා කියා ඇතුළුවුනේ එතෙක් ටෙස්ට් තරඟ 3ක් පමණක් දිනාතිබූ කන්ඩායමකටයි… එතැන් සිට ඇරඹි ඔහුගේ ක්‍රීඩාදිවිය අද අවසන්වන විට ඔහු සිටියේ වත්මන් ලොව අංක එකේ ටෙස්ට් කන්ඩායම ලැජ්ජාසහගත ලෙස පරාජය කල, වරක් ලෝක කුසලානයද දිනූ ශක්තිමත් කන්ඩායමකය.. මේ ශක්තිමත් ශ්‍රී ලංකා කන්ඩායමේ සෑම ජයග්‍රහණයකම පාහේ පිටුපසින් සිටි මුරලි, ඒ සුවිශේෂ දක්ෂතාව නිසාම ලොව කිසිවෙකුටත් සම කල හැකියි සිතිය නොහැකි කඩුලු 800ක් රැගෙන අද ලෝක පූජිත ලෙස සමුගෙන යන්නේ තවත් වසර දෙක තුනක් ක්‍රීඩාකල හැකිව තිබියදීය…

මුරලි සුපිරි ක්‍රීඩකයේක් පමණක් වූයේ නැත, ඔහුගේ සාර්ථකත්වයේන් දශමයක තරමක් වත් ඔහු හිතට ගත්තේද නැත. සැබවින්ම ඔහු නිහතමානි මිනිසෙක් විය.. ඒ ගැන වැඩි කතා කීමත අවැසි නැත. වසර ගනනාවක් Cricinfo අඩවියේ ශ්‍රී ලංකා සංස්කාරක වූ Charlie Austin තමන්ගේ “Cheeky, chatty, charitable” ලිපියෙන් මුරලිගේ ඒ සුන්දර මනුශ්‍යත්වය ගැන කදිමට විස්තර කර ඇත…

මුරලි වැනි කෙනෙක් නැවත ශ්‍රී ලංකාවට නොලැබෙනු ඇත. මෙතුවාක් කල් රට වෙනුවෙන් දැක්වූ ඒ දක්ෂතා සඳහා අපට කල හැකි එකම දෙය ඔහුට හදවතින්ම ස්තූති කිරීම පමණකි…මුරලි ඔබට ස්තූතියි !

අප ශ්‍රී ලාංකික සැවොම ඉත සිතින් ඔබේ දියුණුවද ඔබට දීර්ඝායුෂ ද පතන්නෙමු..

Advertisements

5 responses to “මුරලි, ඔබට ස්තූතියි !

  1. මුරලිට කඩුළු 800 ගැන පෙරේතකමක් තිබුණේද නැත. එසේ තිබුණානම් මේ තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඉතිරිව තිබියදී සමුගැනීම ප්‍රකාශ කරන්නේ නැත. එක් තරඟයකදී කඩුලු 8ක් ලබා ගැනීම ලෙහෙසි දෙයක් නොවේ. ඒත් මුරලි ඔබට ලැබිය යුතු දෙය ලැබුණි !!!

  2. නියම මිනිස්සු එහෙම තමයි.

  3. තමන්ගේ අවසාන ත‍රගයට මෙවැනි ඉලක්කයක් තබාගෙන ක්‍රීඩාක‍ර එම ඉලක්කය ජයගත් වෙනත් ක්‍රීඩකයෙක් ලොව තවත් නැත.සමුගන්නා විටත් තම දක්ෂතාවය මේයැයි පෙන්වු මුරලිගෙන් අනෙකුත් අසාර්ථක එල්ලී සිටින්නන් පාඩමක් ඉගෙන ගන්නේ කවදාද?

  4. අනිව.. එහෙම තමයි එල කොල්ලො.. කාට කාටත් ඕව හොඳ පාඩම්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )