විභාග වඥ්ඥා තාක්ෂණය…


මෙදාපාර උසස් පෙළ කරන්න සෙට් වෙලා තියෙන්නේ මරු බාන්ඩ ටිකක්.. විබාගේ පටං ගත්ත දවසේ ඉඳං ලොවෙත් නැති ආතල් නිවුස් ටිකක් තමයි එන්න ගත්තේ…

මුලින්ම ප්‍රශ්න පත්තරේ ගෙදර අරං ගිහින් උත්තර ලියාගෙන ආපු එළ කොල්ලෙක් මාට්ටු වුනා.. ඊට පස්සේ නුවර පැත්තේ ගැහැණු දරුවෙක්ව විභාගය ලියන්න බැරිවෙන්න පුටුවක ගැටගහල තිබ්බා කියල ආරංචි උනා…

අලුත්ම කේස් එක තමයි, නිල් දතක් දාගෙන විබාගේ ලියමින් හිටි පොරක් මාට්ටු වීම.. සිංහලෙන් අර බ්ලූ ටූත් කියල කියන්නේ.. අන්න ඒකක්.. දුරකතනය බෑග් එකේ තියෙද්දි බ්ලූ ටූත් එක දාගෙන කාගෙන්දෝ අහමින් උත්තර ලියලා.. අතේ මාට්ටු… ඒත් පරීක්ෂකයන්ගේ නොදැනුවත්කම නිසා බෑග් එකේ මොබයිල් එකක් තියෙන්න පුලුවන් කියල මතක් වෙලා නැහැ….

ලංකාවේ ඉන්න එළකිරි බුවාල ඉතිං හොර වැඩ වලට කොහොමත් දස්සයි නේ…. මේ සිද්දිය ඇහුවම මට මතක්වුනේ අපි සා.පෙළ කරන කාලේ සිද්දවෙච්ච හයි ටෙක් චීටිං කේස් එකක්.. මේක තමයි ලංකාවේ තාක්ෂණය යොදාගෙන කරලා මාට්ටු වුන ප්‍රථම විබාග වඥ්ඥාව.. ඔව් වංචාව.

මට මතක විදියට මේ වඥ්ඥාව කරේ අපේ ගෙවල් පැත්තේ පාං කඩේ ඒ කිව්වේ බේකරියේ මුදලාලිගේ පුත්‍ර රත්නය. මේ සිද්දිය පත්තර වල එහෙම ගියාට පස්සේ පොරට හොඳ ජනප්‍රියත්වයක් ලැබුනා… කොහොම උනත් මේ වඥ්ඥාවේ ක්‍රියේටිවිටි එකට නම් ලකුණු දහයෙන් දහයයි..

ඒ වඥ්ඥාව කරපු විදිය කියන්න කලිං අර උද අමුනලා තියෙන පින්තූරේ බලලා ඉන්නකෝ කට්ටියම.

හරිද…

අපේ කතා නායකයා විබාගෙට ලියන්නේ ඔන්න ඔය ඉරියව්වෙන්… වම් අත උඩ ඔලුව තියාගෙන දකුණු අතින් තමයි ලියන්නේ… මුළු වම් අත පුරාම තියෙන්න තඩි ප්ලාස්ටර් එකක්.. අර අතක් කැඩුනම දාන්නේ අන්න ඒ වගේ එකක්…

මරු අයිඩියාව කියන්නේ ඒ පැලැස්තරේට යටිං තියෙන්නේ මොබයිල් එකක්…!

ඩයල් එක කරලා තියෙන්නේ වේදනාව නිසා අත උඩ ඔලුව තියන් ඉන්නවා වගේ පැලැස්තරේට යටින් තියෙන මොබයිල් එකෙන් ප්‍රශ්න වලට උත්තර අහගන්න එක…

කොහොමද ටිකිරි මොළේ!

ඔය සිද්දිය උනේ මීට අවුරුදු දහ දොළහකට කලින්…. ඒ කාලේ ඉතිං මොබයිල් එකක කියන්නේ අපි කට ඇරං බලා ඉන්න බාන්ඩයක්.. ඒ කාලේ ඉතිං මොබයිල් එකක් ගන්න නම් තාත්තලා පාං විකුණන්නම ඕන.. ඒ කාලෙත් පාං හෙන ගනං..

ඔන්න ඔහොම තමයි ලංකාවේ ප්‍රථම අධි තාක්ෂණ විබාග වඥ්ඥාව සිද්ද වුනේ.. වැඩේ තියෙන්නේ මේ යකාව මාට්ටු වුනේ දවස් කීපයක් ගිහිං.. එතකොටත් පොර පේපර්ස් කීපයකටම උත්තර ලියල තිබුනේ…

කට්ටියට දැන ගන්නේ ඕනේම නං, ඒ හොර වැඩේට බාවිතා කරල තිබ්බෙත් අර මගේ ගාව තිබ්බා වගේ අරුම පුදුම දුරකතනයේ මාදිලියේ එකක් තමයි… හොර වැඩක් උනත් කරන්න කියාපු බාන්ඩේ.ෆුල් ලොන්ඩරි පාරක් දීලත්, කිරි ටොය්යා වගේ වැඩ කරපු මොබයිල් එක්ක් තමයි ඒක.

අපේ කොල්ලෝ කෙල්ලෝ ඔය පුංචි පුංචි හොර වැඩ කරන්නේ විබාගේ ගොඩයන්න නේ.. ඒකත් වෙන්නේ අද තියෙන තරඟකාරී බව නිසා කියලයි මට නම් හිතෙන්නේ…

ලොකු ලොකු විභාග වලදි නැති වුනාට ඉස්කොලේ වාර විභාගෙකදිවත් තම තමුන් කරපු හොර වැඩ ටිකක් ලියල යන්න තමයි පහල ඔය කොටුවක් වෙන් කරලා තියෙන්නේ… එතන ලියල යනවා හොඳා…

8 responses to “විභාග වඥ්ඥා තාක්ෂණය…

  1. මේ ප්‍රයෝගය කොලේ අපි දන්නා කෙනෙක් (අපි අහිංසකයි හොදද) .දැන් විභාගේ ලියන්න සීල් ගහල අස්සන් කරලා කොළ දෙනවනේ ආණ්ඩුවේ වියදමින්.ඔය කොලේ දීල විනාඩි 15 කින් විතර තමයි විබාගේ ඉස්ටාර්ට් කොරන්නේ.ඉතින් මතක හිටින්නේ නැති සමීකරණද,ප්‍රමේයද,අරකද මේකද,සේරම ගෙදරින් ගෙනාපු ඥාන පටියෙන් අර කොලේට කට් ඇන්ඩ් පේස්ට් කරන්න විනාඩි 15 මදැයි.ඊට පස්සේ ඔරිජිනල් එක විසි කොරල දැම්මම……………හික් හික් හික්

  2. අපි කරන්නෙ පුටුවෙ පැයකට විතර කලින් වාඩි වෙලා විභාග අංකය තියෙන කොලේ යට පැත්තෙ අදාළ කරුනු ලියාගන්න එක…. විභාගෙ ඉවර වෙනකම් ඉදලා පරීක්ෂක මහත්තයම කොලෙ විසි කරල දානවා…

  3. මටත් මතකයි ඔය අත කැඩාගෙන ලියපු සීන් එක පත්තරෙ එහෙම තිබ්බා. මාර බුවාල තමා.

    ලොකු ලොකු සීන් නම් දාල නැහ බොල. ඔය ඉස්සර කරපු සෙල්ලම් තමා. බහුවර එකට ඇගිලි උස්සන එක… පේපර් එක උස්සල හරවල පෙන්නන එක.

    ඉන්ගිරිසි එක නම් පේපර් එකම ඉල්ලගෙන ලිව්ව මම දෙවැනි පාර කොරද්දි හි හි. ඉන්ගිරිසි බැහ නේ ඒ කාලෙ යන්තම් වත්.

  4. මම නම් AL කලේ කෝපි කාලෙ. ලංකාවේ ප්‍රධාන පෙලේ විදුහලක්. විභාග මධ්‍යස්ථානය ක්ලාස් රූම් එකමයි. අපේ කොල්ලො කලේ සිම්පල් ප්ලෑන් එකක්.
    අපේ රූම් එක භාර පරීක්ෂක ගේ පැටිකිරිය හොයාගත්තා. Exam එකට කලින් අයියලා තුන්දෙනෙක් පොරව හම්බ හම්බ වෙන්ඩ ඇරියා.
    “සර්ව අපි දන්නවා. අපි වනාතෙ. අපේ මල්ලිලා මේ පාර එග්සෑම්… සර්ගෙ ගේ අහවල් තැන… පුතා අහවල් ඉස්කෝලෙ…
    මුකුත් උනාට පස්සෙ මොනා කලත් වැඩක් නෑනෙ සර්…. මේක සහයෝගෙන් කරමු……..” එච්චරයි.

    ක්ලාස් එකෙන් සීයට තිහක් අද ඩොකාල. මම නං ඒත් ඇනගත්තා. අපේ නෑනෙ ඔය වඥ්ඥාව.

  5. ඈත අතීතයක දී උසස් පෙළ පංතියකි. වාර විභාගයක දී පංතියේ අතින් අතට කවකටු පෙට්ටිය පාස්වෙයි. ඇතුලත ඇත්තේ පෑන් පැන්සල් වටා එතූ ලස්සන කරදාසිය. කරදාසි ඇතුලත උත්තරය. ගුරුතුමිය අතින් අතට පාස්වන කවකටු පෙට්ටිය ද ඇර බලයි. එහෙත් පෑන් එතූ ලස්සන කරදාසි ඇර නොබලයි. ඒ පංතියේ 30 ගණනින් 20 ගණනක් විශ්ව විද්‍යාලයට ගියහ. මම හැමදාම පංතියේ 3 හෝ 4 ය. උත්තර ලිව්වා ද උත්තර බැලුවා ද????

  6. මම නම් මේ වෙනකොට උපධි දෙකක් කලා තාම හොර වැඩක් මම වෙනුවෙන් නම් කලේ නැහැ. O/L කරන කොට යාලුවන්ව ගොඩ දන්න මගේ පිලිතුරු පත්‍රය නම් පාස් කලා. මගේ බොක්ක රත් වෙලා හිටියේ මාට්ටු වෙයි කියලා. බහුවරන එක ඉක්මනට කරල ප්‍රශ්න පත්‍රයේ ලකුනු කරලා එහා පත්තේ එකට පාස් කරනනවා. එහෙම මුලු පන්තියෙම ඊක යනවා.එකටනම් බය නැහැ. මාට්ටු වෙන්නේ නැහැ නේ. ගොඩ ගිය පොරවල් තාම මට සැලකිලි. මම විතරයි එහෙම Risk එක ගත්තේ..

  7. මාත් හිටියේ කොපි කරන කණ්ඩායමේ නෙමෙයි. කොපි කරන එවුන්ට සප් එක දෙන කණ්ඩායමේ.

    උ.පෙ කාලේදී මම MCQ ටිකට උත්තර ගහනකම් ඉන්නේ අනිත් එවුන් ටික. මම උත්තර ටික එහා පැත්තේ එකාට කියපු ගමන්. පොර ඒක හැමෝටම SMS කරනවා. exam ඉවර වුණාට පස්සේ අල්ලපු පංතිවල එවුන් එහෙමත් ඇවිත් ස්තුති කරනවා උඹේ උත්තර ටික නිසා exam එක ගොඩ දා ගත්තා කියලා 🙂

  8. හික් හී
    අපෙත් O/L සහා ඒ දවස් වල තිබ්බ වාර විභාග වලදි මගෙයි මගෙ ෆ්‍රෙඩාගෙයි අතරෙ ටිකෙන් ටිකට අඩිරූල පාස් වෙනවා විභාගෙ ලංවෙද්දි නටරාජ් අඩිරූල් වලට අපෙ සෙට් එකෙන් හරි ඉල්ලුමක් තියෙන්නෙ ( ඔය අඩිරූලෙ උඩ පැත්තෙ ඔනෙ දෙයක් පැන්සලෙන් ලියන්න පුලුවන් )

    අයෙ එක සැරයක් අපෙ සෙට් එකෙ ටියුබ්ලයිට් ඩයල් එකක් ඉන්ගිරිස් පේපර් එකට උත්තරයක් අහලා එවලා තිබ්බා .මගෙ ෆ්‍රෙඩා අර ඩයල් එකට ඒ ප්‍රශ්නෙට “ස්ටිල් රයිටින්ග්” කියල යවලා තිබ්බා මුත් ඉතින් ටියුබ් ලයිට් නිසා ඔහෙ එක පේපර් එකෙ ලියලා තිබ්බා…විභාගෙ ඉවර වෙලා අර ඩයල් එක අපෙන් අහනවා මචන් අර මන් අහල එව්ව ප්‍රශ්නෙට ලොකූ විස්තරයක් ලියන්න ඉඩ තියලා තිබ්බනෙ උබ එක උත්තරයයිනෙ එව්වෙ කියලා 😛

ප්‍රතිචාරයක් ලබාදෙන්න