මේක කොමඩිලන්තයක්!


ලෝකයේ කිසිම රටක කොමඩිලන්තයේ වගේ ෆන් එකක් ලැබෙන්නේ නැත. ඒ නිසාමද කොහෙදෝ කොමඩිලන්තයට ආසියාවේ ආශ්චර්‍යය කියා කියති. මේ ගැන සිංහලෙන්ම කිව්වොත්, It’s never boring here .

කොමඩිලන්තයේ රට වැසියා, ආණ්ඩුව, විපක්ෂය ඇතුලු සියලු සෑම දෙනාම ඇප කැප වී සිටින්නේ මේ ආශ්චර්‍යය රැකගැනීමටය. මේ අසිරිමත් රට ආශ්චර්‍යයක් බවට පත්වී තිබෙන්නේ මෙය සජීවී හාස්‍යොත්පාදක මෙගා ටෙලි නාට්‍යක් ලෙස පවත්වාගෙන යන එකම රට නිසාය…

එහි වැසියෝ සතුටු නොවී ගතකරන කිසිම සතියක් නොමැති තරම් ය…

මේ නාටකය ඉස්සර සිංහල ෆිල්ම් වල වගේ නොව කොමඩි, ෆයිට්, සින්දු වගේ මෙකී නොකී සෑම දේම සහිතව මේ මෙගා ටෙලිය පවත්වාගෙන යන නිසා ඉතා ජනප්‍රිය වී තිබේ.

එක සතියක මාරාන්තික උපවාසයකි…

ඉතාම සංවේදී වතුර පෙවීමේ ජවනිකාවකින් ඒ සතියේ නාට්‍යය කොටස අවසන් වන්නේ දේශප්‍රේමී ජනයා හැඩූ කඳුලේ ගිල්වමින්ය..

ඉන්පසු සතියේ කතාව ඇරඹෙන්නේ මහා බයානක ඩෙංගි නැමැති වසංගතයක් කොමඩිලන්තය පුරා පැතිරයන ලෙසට එරට වැදියා බියේ ගිල්වමින්ය…

ඒ ජවනිකාවේ ප්‍රධාන නළුවාට මේ වසංගතය සමඟ පොර ඇල්ලීමට නොහැකිව නානාප්‍රකාර කතා කියමින් සිටියදී මේ මෙගාටෙලිය බෝරිං එකක් බවට පත්වෙද්දීම වාගේ, ජනප්‍රිය නළුවෙක් තිරයට එන්නේ ගැලරියේ විසිල් හඩ මධ්‍යයේය…

රැජිනි කාන්ත් මෙන් සරම ඇඳගෙන එන මේ නළුවා එක ලනු පොටකින් මේ ඩෙන්ගි වසංගතය පතුරවන දුශ්ඨ සමුර්දියාව ගසකට තබා බැඳ දමා ඩෙන්ගි වසංගතය සුන්නද්දූලි කර හරින්නේ අප ඉතිහාස පොත්වල එන දුටු ගැමුණු රජුගේ විලාසයෙනි…

ඒ සතියේ නාට්‍යයේ අවසානයට කොමඩිලන්තයේ වැසියෝ කොටසක් කැමතිඋනත්, කොටසක් කැමති නොවූහ… ඩෙන්ගි වසංගතය ගස් බැඳීමට විරුද්ධ වුවෝ අධ්‍යක්ෂට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට පටං ගත්තේ පිටපත වෙනස් කරන්න කියා ය..

ආං නියම ප්‍රජාතන්ත්‍රවාදය. කෙලින්ම ඒ නළුවා නාට්‍යයෙන් එලියට ( තාවකාලිකව ) ඇද දැමිණ.

මේ දුටු රට වැසියෝ චිත්තඃ ප්‍රීතියට පත්වන්නාහ…

මෙසේ වැඩිකල් ප්‍රීතියෙන් සිටින්නටද වන්නේ නැත. නාට්‍යයේ අළුත්ම කොටස පටං ගන්නේ කතාවේ අලුත්ම ට්විස්ට් එකකින්ය…

කලක් කොමඩිලන්තයේ ටෙලි සිනමාවේ මහා චෞරයා වූ සක්විත්තා ව හිටිහැටියේ කරළියට ගෙනේ… එතැන් පටන් ඒ සතියේ කතාව යන්නේ ‘Adventure’ එකක් ලෙසිනි.. චෞරයාව අල්ලාගත් හැටි, ඔහු පැනගොස් සිට කර ඇති දේවල්, මුදල් වලට සිදුවූ දේවල් යනාදී දේ එකින් එක රඟ දැක්වෙන්නේ ෂර්ලොක් හෝම්ස් නවකතාවක් ලෙසිනි… මේ රහස් පරීක්ෂක ජවනිකා නිසා පෙර තිබූ වසංගත, ප්‍රශ්න යනාදී සියල්ල අබිරහස් ලෙස සැඟවී යන්නේ තවත් පසු කලකදී කොන්ටිනිවු කරන්නදෝ කියාවත් කොමඩිලන්ත වැසියාට හිතාගැනීමට කල් නොදී ය.

මෙරට, එහෙමත් නැත්නම් ටෙලියේ සටන් ජවනිකා සපයන්නෝ වෙනමය. ඔවුන්ට ජනතා සටන් පෙරමුණ යැයි කියති… ත්‍රාසජනක සටන් රඟ දැක්වීමට මොවුන් හපනුන්ය.. විස්ව විද්දියාල වල ඇතුලේ පැවැත්වෙන මේ සටන් පුහුණු පාඨමාලා එළි දැක්වෙන්නේ ජාතික තලයේ ය. ගල් ගැහිලි පොලු වලින් ගැහිලි ආදී නේක විද සටන් ක්‍රම මොවුන් සතුව ඇත… පාඨමාලා තලයේ ගුටි කන්නේ නේක විස්ස විද්දියාල සිසුන් උනත්, ජාතික තලයේ ගුටි බැට හුවමාරු වලට දායක වන අනිත් පාර්සවයට පොලිසිය යැයි කියති…

කොමඩි ලන්තයේ සිටින අපූරුතම පුද්ගලයෝ මේ පොලිසියට බඳවාගැනේ… ඒ විසේස හේතුවක් නිසාය.

යම්කිසි හෙයකින් අධ්‍යක්ෂට ඒ සතියේ පිටපත ලියාගන්නට බැරිවුනොත් හෙම ක්ෂණික රඟ දැක්වීම් වලට ඇප කැප වී සිටින්නෝ මේ පොලීසියේ ඇත්තෝ වෙති… යම් කිසි සතියක ටෙලිය බෝරිං නම් මොවුන් හනික ක්‍රීයාශීලී වී ජවනිකාවක් රඟ දක්වා රට වැස්සෝ සතුටු කරන්නාහ. මේ නිසා මේ පොලීසියට බඳවාගන්නේ නිර්මාණශීලී රට වැසියෝ පමණි..

මොවුන් හිටි හැටියේ විස්ස විද්යාල වලට ගොස් සටන් පුහුණු පවත්වති. අසරණ තරුණයෝ දියේ ගිල්වති.

චෞර සක්විත්තන්ට ඉනි මං සපයති. ජවනිකාවක් නැතිම විටදී ඒ චෞරයාම අල්ලාගැනෙති…

බැරිම තැන ජීප් එකක්වත් පාලමකින් පහළ ගඟකට ත්‍රාසජනක ලෙස වට්ටා පිහිනා ගොඩට එති.

මේ දිනවල විපස්ස්ය හෙවත් පිටපතට එරෙහි ඈයෝ කිසි සද්දයක් නැත. නළු නිලියන් අඩුව සිටිනා මේ අය කොමඩිලන්ත වැසියන් ත්‍රිල් කිරීමට කොකා පෙන්වීම වෙනුවට වක්කා වක්කා පෙන්වයි, අධ්‍යක්ෂ තුමා දෙන අළුත්ම කාර් වල නැග යයි…මේ විකාර සියල්ල ටෙලිය මැද යන වෙළද දැන්වීම් ලෙස විකාශය වේ. වැඩිමනක් වැසියෝ මේවා බලන්නේද නැත.

මේ සතියේ සිට දිගහැරෙන නවතම කොටස වන්නේ දේශප්‍රේමීත්වය සහ දේශද්‍රෝහීත්වය නොවලහා පිළිබිඹු කෙරෙන්නා වූ කෝට් මාෂල් ජවනිකාවකි… ලොමු ඩැහැ ගැන්වෙන දෙබස් සහිතව මේ ජවනිකාව ටෙලිකාස්ට් වීමට නියමිතය.

මේ බ්ලොග් එකෙන් මට නම් කියන්නේ තියෙන්නේ, මේ ටෙලිය නරඹන්න කියලා හැමෝටම කියන එකයි. එක දෙයක් විතරක් ටක්කෙටම කියන්න පුළුවන්, you will never get bored…

හැබැයි, සීරියස් වෙලා බලන්න ගියොත් ගොඩාක් දුක හිතෙයි. අනේ අම්මපා මේකත් මිනිස්සු ඉන්න රටක් නේද කියලා හිතෙයි. . එහේ ඉන්න මිනිස්සු ගැන දුක හිතෙයි.. රටේ අනාගතය ගැන දුක හිතෙයි…

ගනං ගන්න එපා… ඒ රටේ මිනිස්සුන්ට ඕවා ගානක් නැහැ… කට්ටිය ආතල් පාර්ලිමේන්තුවක් පත්කරලා එව්වේ මේ ටෙලිය බලන්න තමයි.

Advertisements

9 responses to “මේක කොමඩිලන්තයක්!

  1. පට්ට කතාව.සිරාවටම මේවාගෙ ආශ්චර්යමත් කොමඩිලන්තයක ජීවත් වීමට ලැබීමත් වාසනාවක්.අපිත් ඉතින් ඕකෙ පොඩි පොඩි චරිත රඟපානවනෙ.

  2. මටත් මේ ලඟදී හිතුණේ මේ ආණ්ඩුවෙන් හැම සතියෙම අපිට කියෝ කියෝ ඉන්න මොකක් හරි මාතෘකාවක් හොයලා දෙනවා නේද කියලා ?

    මේ සතියේ මාතෘකාව හම්බන්තොට වරාය. සතිය ඉවර වෙනකම් ඇදන් යන්න ඒක හොඳටම ඇති 🙂

  3. තමා ගේ බඩ කට හෙමින් සිරුවෙ පුරවා ගන්න ගමන් මාරන්තික උපවාස කිරිමට හෑකි, ඒ ගෑන හොදින් උගත් පිරිස ගෑනත්,කොමඩි ලන්තය ගන කතා කරනකොට මතක් කරන්නම ඔනෙ .

  4. ඔය කිව්ව ඔක්කොම වැරදි දේවල් තමයි. ඇයි ඒත් ඒගොල්ලො කරන හොඳ දේක හොඳ කියන්න බැරි. පාට කන්නාඩි දාගෙන ලෝකෙ දිහා බලන එවුන් ගැන මට නම් පුදුම දුකක් ඇතිවෙන්නෙ. උන් හුඟක් පව් කරපු එවුන් ටිකක් වෙන්න ඕන

    • මිත්‍රයා, බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට…

      මගේ කන්නාඩියේ පාට පොඩ්ඩක් මට කියල දෙනවද?

      එක දෙයක් පැහැදිලිවම කියන්න ඕන. මගේ කිසිම දේශපාලන පක්ෂග්‍රාහි බවක් නැහැ. ලංකාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයේක් වශයෙන් සිදුවන දේ පිළිබඳව කණගාටුව පලකළා පමණි.. මිත්‍රයා, මට පේන විදියට ඔබේ කන්නාඩියයි පාට වෙලා තියෙන්නේ.. හොඳට බැලුවොත් මේ ලිපියෙන් අඩු වැඩි වශයෙන් කාගේ කාගෙත් කොමඩි ටික මම ලියල තියෙනවා..

      වත්මන් ආණ්ඩුවෙන් කර ඇති හොඳ වැඩපිළිවෙලවල් හොඳ අයුරෙන් මම දකින අතර, නරක වැඩට නරක යැයි කීමටත් මට පුලුවන්.. එය එසේ කළ හැකිව තියෙන්නේ මම පාට කන්නාඩි නොපළඳින නිසා කියලයි මට හිතෙන්නේ…

      මේ සිද්දවෙලා තියෙන දේවල් වැරදි වශයෙන් දැකීමට ඔබට හැකිවීම ගැන මම සතුටු වෙමි.. එලෙසම, මේවා වළක්වාගත යුතුව තිබුනු මෝඩ වැරදි බවත් ඔබ පිළිගන්නවා ඇතැයි සිතමි.

  5. සිරාම සිරා කතාව…සහතික ඇත්ත…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )