මලයෝ ගැන කතාවක්..


මලයෝ කියන්නේ කවුද කියල දන්නවද? වෙනත් නම් වලින් කිව්වොත්, මලබාරියෝ, මෝල්-බාර්, කේරලයෝ… ඔය වගේ හැට හුට හමාරක් නම් තියෙනවා මේ කස්ටියට කියන… අඳුන ගන්න ලේසිම ලකුණ තමයි, උඩු රැවුල… උඩු රැවුල නැතුව ඉන්නේ පොඩ්ඩක් හරි හොඳට හැදිච්ච ඩයල් එකක්, එහෙමත් නැත්නං රැවුල එන්නේ නැති පොරක් තමයි.

මලයෝ කියන්නේ මලබාරි බාසාව කතාකරන ඉන්දියාවේ කේරල කියන ප්‍රාන්තයෙන් පැවතෙන උදවියට. මැදපෙරදිගට ආවා නම් ඉන්දියාවටත් වඩා ලේසියෙන් උන්ව දැක බලා ගන්න පුලුවන්… හරියට නිකන් මෙහේ සීත කාලේ ඉවර වේගෙන එනකොටම එන කැරපොත්තෝ වගේ තමයි මලයොත්. කොච්චර උනත් මැද පෙරදිග දාලා යන්නේ නැහැ, බෝ වෙන එක නතර වෙන්නේත් නැහැ… අද එකෙක් හිටියොත්, හෙට වෙනකොට ඩබල් ට්‍රිබල් වෙලා.. කටාර් වල නම්, කටාරින් වගේ 4 -5 ගුණයක්ම මලයෝ ඉන්නවා…

ඒ උනාට මේ මලයෝ නැත්නම් මේ රටවල් දුවන්නේත් නැහැ කියන එකත් අපි පිළිගන්න ඕන… පුංචි බක්කි කඩේ ඉඳන්, මහ බැංකුව දක්වා ඉන්න මලයෝ පේලිය නැත්නම් මේ රටවල් වල වැඩිමනක් වැඩ අබිලික් වෙලා තියෙයි.

මේ මලයෝ ගැන මැදපෙරදිග ඉන්න බ්ලොග් ලියන කීප දෙනක්ම සටහන් කීපයක් දාලා තිබ්බා.. මලයෝ ගැන ලියන්න වෙනම බ්ලොග් එකක් පටං ගන්න පුළුවන්, ඒ තරමටම කතා වැහි වැහැල..

මටත් ඉතිං හිතුනා මැදපෙරදිග ඉඳලා මලයෝ ගැන පෝස්ට් එකක් ලිව්වේ නැත්නම් මේ බ්ලොග් කෙරුවාවත් නිකං පර්ෆියුම් ෂොප් එකකට ගිහිං වාතයක් පිට කරා වගේ කියලා…

හරී… මෙන්න මේකයි ඉතිං කතාව..

කට්ටිය දන්නවානේ ඉස්සර රජ කාලේ, සිංහලේ මහ රජ දරුවෝ ( දරුවෝ කිව්වට දරුවොම නෙවෙයි ) ඉන්දියාවට ගිහිං ගේම ඉල්ලලා, ඉන්දියන් කාරයන්ට අම්බානක නෙලලා, ලස්සන මලය රටේ කුමාරිකාවොත් අරගෙන ජය පැන් බිබී ලංකාවට ඇවිත් ෆුල් ආතල් එකේ ජීවත්වුනා කියලා…

ඔය කැන්දං එන මලය රටේ, බිරින්දෑ වරුන් එක්ක ආපු එක එක ඩයල් තමයි ලංකාවටත් මලයාලි ගුරුකං එහෙම ඉන්ට්‍රොඩියුස් කරල දුන්නේ… මලයාලි ගුරුකං වලට ලන්කාවේ අපි කොහොමත් පොඩ්ඩක් බයයි නේ… ඔන්න.. ඔන්න…  ට්‍රැක් පනිනවා…

ආයේත් ට්‍රැක් එකට…

අපිට ඉතිං පොඩි කාලේ ලොකු ප්‍රශ්නයක් උනේ කොහොමද අප්පා මේ රජදරුවෝ අච්චර විසාල ඉන්දියාවට සේනාවකුත් අරගෙන ගිහිං ඇටෑක් කරලා, ඒ රටේ හිටපු ගෑනුත් අරං සීරීමක් වත් නැතුව කොහොමද ආපහු ආවේ කියලා..

මොකද ඉන්දියාවෙ ඉන්න සෙනඟ කන්දරාවේ හැටියට, උන් ඔක්කොම සෙට් වෙලා චූ කරානම් අපේ රජ දරුවෝ ඔක්කොම ගං වතුරට අහුවෙලා නවතින්නේ පොක් සමුද්‍ර ජොයින්ට් ඒකේ තමයි…

පොඩි කාලේ චේන් පැනල හිටියට, ඕකට හරි උත්තරේ මීටර් වෙන්න ගත්තා මැද පෙරදිග ආවට පස්සේ…

සීන් එක මොකද්ද දන්නවාද?

අපේ රජ දරුවො විසිට් කරන කාලේ මලය රටේ ඉඳලා තියෙන්නේ ගෑණු උදවියයි ළමයිනුයි විතරයි… මොකද මලයොන්ගේ පිරිමි ඔක්කොම ඉන්නේ මැද පෙරදිග නේ…

ඒ නිසා තමයි කිසි ගින්නක් නැතුව ඇටෑක් එක මෙහෙයවලා ලස්සන කෙල්ලෙකුත් අරං රිටන් ෆ්ලියිට් එකේ එන්න පුළුවන් වෙලා තියෙන්නේ..

දැං උනත් ඇටෑක් කරනවා නම්, ලේසියෙන්ම ගහල ගන්න පුළුවන් කෑල්ල තමයි කේරලය. තාමත් පිරිමි ටික ඔක්කොම ඉන්නේ මැද පෙරදිගම තමයි.

Advertisements

16 responses to “මලයෝ ගැන කතාවක්..

  1. නියම කතාව. මමත් මේ ඉන්නෙ මලයො ගැන පෝස්ට් එකක් කරන්න තමයි. කිව්වත් වගේ මැද පෙරදිග ඉඳල උන් ගැන නොලිව්වොත් අර කාන්තාරෙ ගැන ලියන රචනාවක ඔටුවො ගැන ලිව්වෙ නෑ වගේ තමා . . .!

  2. ela ela . . .. .mehe inna api mayalo gana nokiyaa wena kawru kiyananda neda ban . . .

  3. පින්ග්කිරීම: මලයො ගැන තවත් කතාවක්.. « සීත සමීරෙන්…

  4. පට්ටම පට්ට මචං…. මොනව වුනත් මලයෝ නැත්තම් මැද පෙරදිග දුවන්නේ නෑ කියන කතාව නම් සහතික ඇත්ත…

  5. පින්ග්කිරීම: අපේ විකට් කීපර්ලා මුස්ලිම් වෙන්න හේතුව ? | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )