පොලීසිය පැත්තේ යනවනම්,


අපිට නොයෙකුත් වැඩ වලට පොලීසියට යන්න වෙනවා නේ. වැරැද්දක් කරලා මාට්ටු වුනොත් හරි, කාගේ හරි වැරැද්දකට ලක් වුනොත් හරි, මොකක් හරි අසාධාරණයක් උනොත් හරි විතරක් නෙවෙයි, හොඳ චරිතයක් තියෙනවා කියල සහතිකයක් ගන්නත් යන්න වෙන්නේ පොලීසියටම තමයි. ඉස්සර කාලේ නම් මිනිස්සු බොහොම උජාරුවෙන් තමයි කිව්වේ පොලීසියක් අහලකින් වත් ගිහින් නෑ කියලා..

මමත් පොලීසියට නම් ගිහින් තියෙනවා.. ඒ අර සයිබර් යායේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ගියා වගේ චරිත සහතිකයක්, නැත්නම් පොලිස් රිපෝට් එකක් ගන්න.. චූටි මහත්තයා තරම් නස්පැත්තියක් නම් කරගත්තේ නැහැ.. ඒ උනාට ඕක ගන්න යන එක මාර කට්ටක්.. හොඳ චරිතයක් තියාගන්නවට වඩා අමාරුයි පොලිස් රිපෝට් එකක් ගන්න… දැන් නම් ඒවා වෙනස් වෙලාද දන්නේ නැහැ. ඒ දවස් වල නම් පොලිස් රිපෝට් එකක් ගන්න ගියත්, රාළහාමිලා ට අපිව පෙනුනේ නිකන් වැරදි කාරයෝ විදිහටමයි.. බලන්න එපෑ සැර..

ඒක නෙවෙයි..දැන් ඉස්සර වගේ නිවිහැනහිල්ලේ පොලීසී පැත්තේ යන්න බැහැ.. ඒක ජීවිතයත් මරණයත් අතර සටනක් වෙලානේ..

ළඟදි දවසක පොලීසියට එහෙම යන්න ලෑස්තිවෙන කට්ටියට පාවිච්චි කරන්න කියලම හදපු පිරික්සුම් ලැයිස්තුවක් එහෙමත් නැත්නම් චෙක්ලිස්ට් එකක් හැදීම යුගයේ අවශ්‍යතාවක් කියල හිතලාම හදපු පොකට් සයිස් ලැයිස්තුවක් තමයි පහත තියෙන්නේ…

– – – – –

1. අන්තිම කැමති පත්‍රය ලියාතබන්න.
2. දන්නා හඳුනන මල් ශාලාවකට තමන්ගේ අවමංගල්‍යය කටයුතු සඳහා පෙර ගෙවීමක් කරන්න.
3. හොඳ කැඩුම් බිඳුම් වෙඳදුරෙක්ගෙන් තුන්ඩුවක් ලබාගන්න.
4. පොලිසියේදී හදවත් රෝග ඇති නොවීමට එක්කරං යන්න දොස්තර කෙනෙක් හොයාගන්න.
5. තෙල් බේත්, බාම් ටිකක්., පත්තු බැඳීමට අවශ්‍ය්ය දෑ..
6. පත අට එකට සිඳවූ කොත්තමල්ලි, වෙනිවැල් ගැට අඩංගු පස් පංගුව පැකට් කීපයක්.

ඉහත සියල්ල නැතුව පොලීසියට යන්නේ නම්, ඔබට කළ හැකි තවත් එකම එක දෙයක් තිබේ…

පොලිස් සේවය යහමඟට ගැනීම්ට ආදර්ශයක් වීමට ස්ව කැමැත්තෙන්ම ගස් බැඳ ගැනීමට කැමති පොලිස් රාළහාමි කෙනෙක් හොයාගන්න..

Advertisements

2 responses to “පොලීසිය පැත්තේ යනවනම්,

  1. නියම යෝජනා ටික මචන් . . . .

    තව දෙයක් තියෙනවා මචන් . .

    ස්වර්ගෙට මේ දවස්වල කස්ටිය අඩුයි කියලා කඩවල් එහෙම බිස්නස් නැතුව වේලෙනවා කියලා අපේ මේ පොලිසියේ මහත්වරු ටික මම හිතන්නේ ස්වර්ගෙන් කන්ට්‍රැක්ට් එකක් අරගෙන වෙන්න ඕන . . පොඩි උවමනාවකට හරි පොලීසිය පැත්තේ එන අයව ස්වර්ගෙට යවන්නේ . . .

  2. අපේ විතරක් නෙමේ. ඉන්දියාවෙත් මෙහමෙයි බොලේ. ඊයෙ රෑ ලයිව් ඈට් 8එකට දැම්මේ කඩේ ආපු දෙන්නෙක්ටත් පෙරලගෙන දෙනවා. ඔයා දැක්කද ඒක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )