කුඩු විකිණීම සහ ජන්දය විකිණීම..


ගමේ රටේ අසාමාන්‍ය ලෙස දියුණුවූ මිනිස්සු දෙස බලා සමහරු කියන්නේ  ‘ඕකා කුඩු විකුනලද කොහෙද ඔච්චර සල්ලි හොයන්නේ ‘ කියලායි. රටේ එක එක ප්‍රදේශවල ඡ්න්ද කාලෙට, කොහේ බැලුවත් උගේම මූන පේන ලෙසට පෝස්ටර් අලවන බලවත්තු දැක මිනිස්සු කියන්නේද එවැනි කතාවකි. ඔවුන්ගේ දේපළ ගැන කවුරුත් නොසොයති. එලෙස වියදම් කරන්නට කෝටි ප්‍රකෝටි ගනන් හොයන්නේ ව්‍යාපාර කිරීමෙන් කියා අපි සැවොම විශ්වාස කරවනු ලැබේ. උන් ඡන්දේ ඉල්ලන්න එන්නේ උන්ගේ ඒ ‘ ව්‍යාපාර ‘ වලට අවශ්‍යය රැකවරණය ගැනීමටය කියන එක දැන දැනත්, ඒ මොණර කොල වලට වශීවී අපේ අය කතිර ගසා උන් උඩින්ම දිනවති. වියදම් කරපු ප්‍රමාණය අනුව උන් මන්ත්‍රීන්, මැති ඇමතිවරු වෙති. වියදම් කර දිනන හැමෝම කුඩුකාරයෝ නොවෙති. නමුත් කුඩුකාර හැමෝම වියදම් කර දිනති. ඔවුන්ට ඡන්දෙට මාකට් කරන්නට ඇත්තේ සල්ලි පමණය.

උන් ලොකු තැන්වල ඉන්න නිසා උන්ට වෙඩි වදින්නේද නැත. වැඩේ නෝන්ඩි වේගෙන එද්දී පොඩි ඉත්තෙක්ව චකබ්ලාස් කිරීම පමණක් සෑහේය.

කුඩු ජාවාරම් කාරයෙක් හසුවිය. පැනයන්නට තනද්දී වෙඩි තබා මියගියේය. කොහෙදී හෝ එය මීට පෙර ඇසී තිබුනා මතකය. මේ සියල්ල පරණ තැටියකි. නමුත් එකෙක් හෝ කම්මුතු වූ එකට මම පුද්ගලිකව කැමතිවෙමි.

ප්‍රශ්නය එය නොවේ. හැමදාමත් අහුවන්නේ මේ ලපටි සිපයි කුඩු ජාවරම් කාරයෝය. වෙඩි වදින්නේද උන්ටය. උන් සතුව තිබූවායැයි කියන මහා දේපල කන්දරා මාධ්‍ය ඔස්සේ පෙන්නයි. ඇත්ත කතාව හැමදාමත් ඇතුලේ ය.

ඕල්කට් සතුව තිබූ සැම යස ඉසුරක්ම අද පුස්සක් වී ඇත. දරු පවුලට කුඩු කාරයෙක්ගේ දරුවෝ යැයි නම්බුනාමයක් වැදී ඇත. ඔවුන් නොදන්නවා වුවද, මේ ගේම් එකේ පිටිපස්සේ ඉන්න ලොකු ලොක්කන්ට වන්නේ ද එයයි.

නිදුකින් සව් ඉසුරු – නො මඳ ලැබෙතත් නුවණ ඇතියෝ
අනුන් නසා ලබන – ඉසුරු වසුරු අයුරු සලකත්

බුද්ධිමත් අය ඉතා පහසුවෙන් සියලු සම්පත් ළඟා කරති. එහෙත් අනුන් වනසා ලබන සම්පත් අශූචී සේ සලකත් [ලෝකෝපකාරය]

මැරිච්ච එකා කුඩු ජාවාරම් කරුවෙකි. ඌ කරන්නේ ඌට දෙන කුඩු ලංකාව පුරා බෙදාහැරීමයි. මේ බෙදාහරින්නා අල්ලා මරාදැමූ පසු හැමදාම ප්‍රශ්නය විසඳේ. ඌට බෙදාහරින්නට කුඩු ගෙනැවිත් දෙන්නේ කවුද කියන වග පොලිසියට ප්‍රශ්නයක් නැත. අත්තඩංගුවට ගත්තු එකාගෙන් උඹට බෙදාහරින්න කුඩු දුන්නේ කවුද කියා අහන්නත් පෙරම ඌ පැන යන්නට උත්සාහ කරන්නේ කාගේ හෝ පිනකට විය යුතුය.

මෙවැනි ළපටියෙක් චුත කෙරූ පමණින් කුඩු ව්‍යාපාරය නවතින්නේ නැත. ඕල්-කට් ගේ තැන ගන්නට තව තව අයියලා එනු ඇත. අවශ්‍යව ඇත්තේ වෙස්මූණු දමා සිටින ‘ගෝඩ් ෆාදර්’ ලා හොයාගැනීමය.

වරද අප අතේය…අපි ඡන්දය මුදලට විකුණා උන්ව පාර්ලිමෙන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා වලට පත්කරන තාක් කල් එක කළ නොහැක. අපේ සිරි ලංකාවේ බලය ඇත්තා කවදාවත් චෝදනා වලට වැරදිකරු වන්නේ නැත. අප එය දැනගෙන ජීවත්විය යුතුය.

මතට තිත තියන්නට නම්, තිතට කතිරේ ගහන්නත් පුරුදුවිය යුතුය.

වටිනා පින්තූරය ඉස්සුවේ : http://www.turtleisland.org/photo/drugsigns1.jpg

Advertisements

4 responses to “කුඩු විකිණීම සහ ජන්දය විකිණීම..

  1. සිරා කතාව. අපේ රටේ මිනිස්සු හිතන්නේ කුඩු විකුණන එකාව හොයාගෙන මැරුවම කුඩු ඉවරයි කියලා. ඒක හරියට අර අපිව කන මදුරුවෙක්ව අතින් තලලා මැරුවම මදුරු කරදරේ සදහටම ඉවරයි කියලා හිතුවා වගේම තමා. පොලිසියේ ඉන්නෙත් ඉතින් මිනිස්සුනේ. ඕල්කට් කියන්නේ ඔය කුඩු නෙට්වර්ක් 1 තවත් 1 නෝඩ් 1ක් විතරයි. මට තියෙන දුක කවදාවත්ම ඒ නෙට්වර්ක් 1 ලොකු පොරවල් ඔය වගේ චුත වෙන්නේ නැති 1යි. එහෙම වෙන දවසක් එනකම් මම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

    ජය වේවා…

  2. අපේ රටේ චන්දෙ කියන්නෙ ඇත්තක් වගේ පේන බොරුවක් හින්දා ලොකු කුඩු,කසිප්පු,ටැබා මුදලාලිලා බොහොමයක් පාර්ලිමෙන්තුවේ.ඕල්කට්ලා බිලී බෝයිලා විත‍රයි.අතු පාහින ගහ අයෙ වැඩෙනවා මිසක් මැරෙන්නේ නැ මුල කපනකම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )