පබා සහ බබා


පබාලාට මෙන්ම බබාලාටත් වැඩිපුරම සිදුවන්නේ අසාධාරණයන්ය. පබාලාට ඕනෑ හැටියට ටෙලියක් කරගෙන ඉන්නට නැති අතර බබාලාට ඕනෑ හැටියට වැලි සෙල්ලං කරන්න බලයේ සිටිනා උදවිය ඉඩ දෙන්නේ නැත.

පබා සහ බබා කවදත් කළේ එයට විරුද්ධව නැඟීසිටීමය. වැලි ගොඩින් උස්සා ගෙට දැමූ සැනින් බබා කවදත් දන්නා විදියට ඇඬීමෙන් අසාධාරණයට විරුද්ධව නැගී සිටී. ටෙලියෙන් එළියට දැමූ සැනින් පබා කරන්නේ කවදත් දන්නා රඟපෑමෙන් නැගී සිටීමය. (තිරයේ රඟපෑම් නොවේ).

පබා වැඩියෙන්ම දන්නවා කියන්නේ රඟපාන්නය. ( එහෙම කියල කියමුකෝ දැනට ) බබාලා වැඩිපුරම දන්නේ අඬන්නටය. ඒ කෙසේ වුවත් දෙන්නාම ඒ වැඩ දෙකම හරියටම කරගන්න දන්නේද නැති බව හැමෝම දන්නේය.

කරන්නගිය වැඩේ බැරිවුනා කියා දෙන්නාම නිකන් ඉන්නේද නැත. පබා සහ බබා දෙන්නාම බැරිදේවල් පුලුවන් හැටියට කරන්න උත්සාහ කරති. පබාලා මෙන්ම බබාලාත් බැරි දේ කරන්න ගොස් කවදත් හත්පලේ ගා ගනිති.

ඒ නමුත්, වැඩේ හරියට කරගන්න බැරි උනාට පබාට සහ බබාට බලං ඉන්න උදවියගේ අනුකම්පාව නිතරම ලැබේ. පබා සහ බබාත් අපිට බබා පාට් දාන්නේ මේ අනුකම්පාව ගන්නය.

පබාට මෙන්ම බබාටද බැරි දේ හෙලිවූ පසුවත් කිසි අවුලක් නැත. දෙන්නාටම එක හිනාවකින් ගොඩ යා හැකිය. පබා මෙන්ම බබාත් හිනාවෙන් ඉනාවන් කවන සූත්තරය දැන සිටී.

පබාත් බබාත් ඉතාම ආස පොඩි පොඩි ලොසින්ජර රහ බලන්නය. පොඩි ලොසින්ජරයක් පෙන්වා පබාට කියා සහ බබාට කියා ඕනෑම වැඩක් කරගත හැකිය..

මේ බව දන්නා ලොකු අංකල්ලා ඉස්සෙල්ලාම කරන්නේ පබාලාව සහ බබාලාව අනුන්ට බීඩි ගේන්න කඩේ යැවීමය..

කඩේට ගොස් බීඩිය ගෙනාවිට අංකල්ට තියෙන්නේ ලොසින්ජරයක් පෙන්නා බීඩිය ගන්න විතරය.

Advertisements

4 responses to “පබා සහ බබා

  1. පබාලගේ බබා පාර්ට් බල බල ඇඟේ මාලු ගඟේ නටන්න ඉඩ දීලා බලන් ඉන්න එක තමයි කරනන් තියෙන්නේ මචන් . .. . අනික මේ පබා ළමයා මේ වැඩේ කලින්ම කලා නම් අර වීඩියෝ එකේ තියෙනවා වගේ දෙරණට ඇවිත් කිච වෙන්නේ නැතුව පබා එකෙත් වීරවරිය වෙලා මාර පොරියක් වෙලා පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බා . . .කොහෙද මොලේ පෑදුනේ පහුවෙලානේ . . හික්ස්

  2. ලොසින්ජරේ පෙන්නලා තව මොනවා කරගනීද දන්නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )