අනේ කාලේ විලේ වාසේ…


ඔන්න එකෝමත් එක රටක විලක් තිබුනලු. මේ විල ඉතාම ආශ්චර්‍යමත් විලක් ලු. මේ විලේ ගෙම්බෝ, ඉස්ගෙඩියෝ, කීටයෝ, පොඩි පොඩි මාළු වගේ ජලජ ජීවීන් විසාල ප්‍රමාණයක් අතේ සතේ නැතත් සතුටින් ජීවත්වුනාලු. මේ විලේ බාරකාරයා වෙලා හිටියෙ මැඬියෙක්. බාරකාරයා උනාම ඉතිං ගරු නම්බු දීල කතාකරන්න එපැයි කියල කවුරුත් මැඬිතුමා කියල තමයි කතාකරේ…

ඔය විලේ එක හිතුවක්කාර ඉස්ගෙඩියෙක් උන්නලූ. එකෙක් නෙවෙයි ගොඩක් උන් උන්නාලූ. ඒ උනාට මේ කතාව ඒ ඉස්ගෙඩියා කරපු නොසන්ඩාල වැඩක් නිසා සිද්ද උන අලකලංචියක් ගැනයි ඔන්න.

එකෝමත් එක දවසක අනේ මේ ඉස්ගෙඩියට මොකද්දෝ අසාධාරණයක් වෙලා.

මැඬියො, ගෙම්බෝ, ඉස්ගෙඩියෝ මේ ඔක්කොම ඉතිං පොඩ්ඩක් මෝඩයි නේ.. ඒ නිසා ඔය අසාධාරණේ විසඳගන්න කියලා ඌ කරපු වැඩේ නෙළුම් දණ්ඩක් උඩට ගිහින් හිටගත්තු එකලු. ඌ නෙළුම් දණ්ඩ උඩටම ගිහින් ඉඳගෙන කිව්වලු මට මැඬිතුමා හරි මැඬියුවතුමා හරි හම්බුවෙන්න ඕන එයාලාට තමයි මට වෙච්ච අසාධාරනේ විසඳලා දෙන්න පුලුවන්නේ කියලා… දැං ඒ අහල පහල හිටපු ඉස්ගෙඩියෝ, කීටයෝ සහ ගෙම්බො වට වෙලා බලං ඉන්නවලු මේකා මූ කන්න බොන්නවත් නැතුව නෙළුම් දණ්ඩ උඩ ඉඳං දැං වැටෙයි දැං වැටෙයි කියලා.. රෑ වෙනකනුත් බලාන හිටියලු මූ වැටුනේ නෑලු. ඒ දවස් වල තිබුනා දෙහියුෂ මිශ්‍ර කරලා හදාපු පස් වර්ගයක් ලෙමන් පස් කියලා… මූ ඕවා ටිකකුත් සාක්කුවේ දාගේන් ගිහිං ඒ ලෙමන් පස් කකා තමයි ඉඳලා තියෙන්නේ නෙළුම් දණ්ඩ උඩට වෙලා..

කොහොම හරි ඉතිං කට්ටිය මහන්සිවෙලා රෑ වෙන්න කලියෙන් මේකාව බිමට බස්සගත්තලූ.. හොඳ හොඳ දේවල් වෙන්න පටං ගත්තේ ඊට පස්සේලූ.

බිමට ගත්තු ගමන් මේ ඉස්ගෙඩියාගේ මානසික තත්ත්වය හොඳ මදියි කියලා ඌව උස්සං ගිහින් දැම්මලූ මනෝ වෛද්‍යතුමෙක් ගාවට. එතනිං පිටවුන ගමං ඌව උස්සලා අරන් ගිහින් හිරේ දැම්මලූ විලේ දෙපලක් උඩ උපවාසයක නිරතවීම නිසා සාමය කැඩුවයි කියලා..

ඔන්න ඕක අහලා විලේ උන්නු ඔක්කෝටම එක එක ඒවා හිතෙන්න ගත්තලූ…

පෙලක් ඉස්ගෙඩියෝ මෙහෙම අහනවාලූ.. ” ඇයි ඔය ඉස්ගෙඩියා කරපු උපවාසෙ නිසා විතරද සාමේ කැඩුනේ? අර ගෙම්බෙකුත් එක පාරක් දවස් තුනක් ම සාමෙ කඩාගෙන නෙළුම් කොලයක් උඩ බුදියගෙන උපවාසයක් කලේ.. ඌව රිමාන්ඩ් කරේ නැත්තේ මොකැයි. ඒකත් උපවාස කරේ විලේ තොටේ දේපල උඩනෙව…ගෙම්බන්ට එක විදියක්, ඉස්ගෙඩින්ට තව විදියක්…. අනේ කාලේ..විලේ වාසේ කිව්වලු ! ”

තවත් මදුරු කීටයෝ වගයක් මෙහෙම කියනවාලූ…
” ඇයි බං… අර ඩෙංගි මදුරුවෙක් අල්ලලා පැලෑටියකට තියලා බට්කරපු ගෙම්බව රිමාන්ඩ් කරේ නෑ. මේකව විතරක් රිමාන්ඩ් කරේ මොකැයි…”

මේ අස්සේ ඉස්ගෙඩි අවදියෙන් මිදිලා ළඟදී ගෙම්බෙක් වෙච්ච එකෙක් මෙහෙම කියනවාලූ…
” ඔය නෙළුම් දණ්ඩ ඔතන හිටවලා තිබ්බේ අපේ මැඬිතුමාගේ බැනර් එක එල්ලන්න… ඕක අල්ලන්නත් ඔය ඉස්ගෙඩියන්ට තහනම්.. ඕකට නැග්ග එකා රිමාන්ඩ් කරන්න නෙවෙයි උල තියන්න ඕන! ”

විලේ ඉන්න සාරිගප්පි ටික නම් සිද්දෙයේ එන්ඩ් එකට එච්චර කැමති නෑලූ.. ‘ අපරාදේ අප්පා.. මැඬිතුමා ඇවිල්ලා අමා වතුර ටිකක් දීලා සීන් එක ඉවර කරානම් මාර රොමෑන්ටික් නේ…”

මේ අස්සේ විලට වැටිලා නිදහසේ පාවෙවී හිටපු පළගැටියෙක් මෙහෙම කියනවාලූ..
” ඇයි යකඩෝ.. සාමේ කඩ කරන්නේ නැතුව උද්ගෝසන උපවාස කරන්න පුලුවන් කාටද? එහෙම නං ඉතිං අර රතු කඩියෝ ටිකයි, කළු ඇඳගත්තු කඩියො ටිකයි විලේ සාමය කැඩෙන විදියටනේ උද්ගෝසන කරේ පහුගිය දොහේ..උන්ගේ උද්ගෝසන වෙලාවෙත් මේ වගේම තමයි, පාරක් තොටක යන්න බෑ තදබදේ… උන්ටිකත් කුදලන් ගියේ නැත්තෙ මොකෝ? ඔය මෝඩ ඉස්ගෙඩියව අරං ගිහින් හිරේ දාන්න තිබ්බේ සිය දිවි නසාගන්න තැත්කරපු එකටයි, එහෙම කරන්න තර්ජනය කරපු එකටයි නොවැ. ”

ඒ අතරතුර වීර-මැඬියෙක් හෙන අප්සට් එකේ මෙහෙම කියනවාලූ…
” ඇයි බං මම දවස් තුනක් උපවාස කොරලත් මට මෙහෙම සැලකුවේ නැහැ… මූට තියෙන සැලකිල්ල බලාපල්ලකෝ.. මූට නිකම්ම මනෝ වෛද්‍ය කෙනෙක් ගාවට යන්න ලැබුනනේ… ඌ එතනින් පිට උනාය කියන්නේ ඌට පිස්සු නෑ කියල ප්‍රසිද්ධියේ ඔප්පු උනානේ.. මම අච්චර රඟපෑමක් කරලත් ඒක ඔප්පුකරගන්න බැරි උනානේ..”

Advertisements

5 responses to “අනේ කාලේ විලේ වාසේ…

  1. වතුර ටික හිදෙනකන් තමා ඔක්කොම සෙල්ලං.

  2. පිස්සු කොර නේන්නං. විලේ කතා තව ටිකක් ලිව්වෑකි මං හිතන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )