කක්කුස්සි ටෙක්නොලොජි


මේකත් ටොයිලට් කතාවක්. මීට ඉස්සෙල්ලත් මටම වෙච්ච ටොයිලට් ඇබැද්දියක් ගැන කියලා ඇතිනේ.
මේ සිද්දිය උනේ, මීට අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා. එතකොට මම විස්ස විජ්ජාලේ පළමු අවුරුද්ද ඉවර කරලා.. ( මං කොච්චර නාකිද කියලා හිතාගන්න කෝ? ) මම නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉඳලා ආයෙත් විස්ස් විද්‍යාලෙට යනිං ගමන ට්‍රාන්සිට් එකක් තිබ්බා ඩුබායි ගුවත්තොටුපල හරහා, හරිය.

මගෙත් එක්ක ගියා පළමු වසරට එකතු වෙන්න හිටපු පොරක්, වෙන්ඩ ජූනියර් එකෙක්.. දැං ඩුබායි වල පැය හයක් ද හතක් ද කොහෙද ලගින්න වෙලා තියෙන්නේ අනිත් ෆ්ලියිට් එක ගන්න. අපිට ඉතිං කෑම කූපන් එහෙම දීලා තිබුනා. ඒකෙන් ගන්න පුළුවන් ඒව අරං කාලා, එයාපෝට් එක වටේ රවුම් දෙක තුනකුත් ගිහිල්ලා ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නකොට වෙන්ඩ තියෙන දෙයක් උනා.

ඒ කිව්වේ අපි දෙන්නටම චාර්ජ් උනා, බොගක් !

හරී, දෙන්නටම එක වෙලාවටම චාර්ජ් උනේ නැතිඋනාට මට යන්න ඕන කිව්වම අරූත් කිව්වා පොරටත් යන්න ඕන කියලා. දැං බෑග් මලු ටික දාලා දෙන්නටම යන්න බැහැනේ. ඒ නිසා මලු ටිකත් අරං වැසිකිලිය ලඟපාතකට හිගිං අරූට බෑග් ටික බලාගන්න කියලා මම ගියා දොට්ට පිලට…

පළවෙනිපාරට තමයි මමත් එදා ඩුබායි ආවේ. ඒ කාලේ ඉතිං ඩුබායි නැගලාඑන කාලේ නේ. තෙල් නිසා, සල්ලි වලින් පස්ස පිහිදාන්න තරම් පෝසත් වෙච්ච නිසාද කොහෙද ගොඩක් දේවල් වලට තාක්ෂණය බාවිතා කරලා තිබුනා. වැසිකිලිය කියලා වෙනසක් නෑ…

ටොයිලට් එකට ගිහිං වාඩි වෙන්න ඉස්සර බැලින්නං ෆ්ලෂ් කරන්න බටොං එකක් නෑ.. අනිත් ඒවයෙත් නෑ…කරන්න දෙයක් නෑ…ආපු වැඩේ කරගෙන කාරිය නැගිට්ට ගමන් මෙන්න බොලේ ඉබේ ෆ්ලෂ් උනා.. හරි සෝයි.

ඒකේ තියෙන්නේ ඔටෝ ෆ්ලෂ් ටොයිලට් එකක්. එකනම් වැඩකරේ ලේසර් පොටෝ-සෙන්සර් [ Laser Photosensor]එකකින්.. කෙනෙක් එතන වාඩි උනාම සෙන්සර් එකට ලැබෙන ආලෝකය අවහිර වෙනවා. නැගිට්ටම ආයෙත් හරි. ඉතිං නැගිට්ට වෙලාවට ඔටෝ ෆ්ල්ෂ් වෙන්න තමයි හදලා තියෙන්නේ.

ඔටෝ faucets දැකලා තිබුනට ඔටෝ water closet එකක් දැක්කේ එදාම තමයි.

හොඳම හරිය උනේ අපේ ජුන්නා ඒකට ගියාම තමයි.

මම බෑග් ටික බලගෙන හිටියා පොර එනකන්,… මෙන්න මිනිහා ගිය පයින්ම ආපහු එනවා..

මොකද කියලා ඇහුවම තමයි වැඩේ මීටර් උනේ… අපේ පොර වැසිකිලියට ගිහින් තොක්ක ගාල වාඩි වෙලා. වාඩි උනාට පස්සේ තමයි මතක් වෙලා තියෙන්නේ ටොයිලට් පේපර් එකක් එළන්න ඕන කියලා. ඉතිං ඒක කරන්න නැගිට්ට ගමන්, අරක ඔටෝ ෆ්ලෂ් වෙලා!

පොර හිතලා මෙතන මොකක් හරි කේස් එකක් තියෙනවා කියලා ආපහු හැරිලා ඇවිල්ලා..

මම ඉතිං ඕක විස්තර කරලා දුන්නමත්, පොර යන්න බෑ කිව්වා..

ඒ මොකද කියල ඇහුවම පොර කිව්වේ අපූරු කතාවක්.

” ඔය එක එක සෙන්සර් තියෙන ඒවයේ වාඩි වෙලා වයර් ෂෝට් එකක් එහෙම තිබුනොත් පස්සට කරන්ට් වදී නේ”

කොහොම හරි මිනිහා ෆ්ලයිට් එකත නගිනකම්ම ටොයිලට් ගියේ නෑ ඕන්.. ඒකෙන් විඳවන්න උනේ මටයි. ඇයි ෆ්ලයිට් එකට නගිනකං, පැය දෙකක් විතර මූ ගන්දස්සාරේ පැතිරුවානේ.

කොහොමින් කොහොම් හරි, මට නම් හිතෙන විදියට මේ සියවසේ බිහිවුන කිසිම කමකට නැති නිර්මාණයක් තමයි ඔය ඔටෝ WC එක. තාක්ෂණය විසින් මිනිසාගේ බලය සීමිත / අහිමි කිරීමක් විදියටයි මම නම් ඒක දකින්නේ. මොකද එතන අපිට ඕන දේ කරන්න බැහැනේ.

ඕකෙ ප්‍රශ්න ගොඩයි;

1. වාඩිවෙන්න ඉස්සෙල්ලා කාට හරි ෆ්ලෂ් කරන්න ඕනේ නම් මොකද කරන්නේ?
2. ඔක්කොම දේවල් ෆ්ලෂ් වෙලා නැත්නම්, දෙවෙනි පාරටත් ෆ්ලෂ් කරන්නේ කොහොමද?

මේ දෙකටම ආයෙ ඉඳගෙන නැගිටින්න ඕන.. මාර වදයක් නේ… අපූරු තාක්ෂණය.

සමහර විට වැඩේ කරලා ෆ්ලෂ් කරන්නත් කම්මැලි ආරාබි කාරයෝ ඉන්න රටවල් වලට නම් මේක හොඳයි වගේ.

ප/ලි: වැඩිමනක් ඔටෝ ෆ්ලෂ් ටොයිලට් වල සෙන්සර් එක අතින් වැහුවට ෆ්ලෂ් වෙන්නේද නැත. මේ අපහසුතා වලක්වාලන්න අලුත්ම මාදිලිවල ටොයිලට් වල ” Courtesy Flush” බටන් එකක් හඳුන්වාදී ඇත. නමුත් එය තවමත් කිසිම පලකට නැති නිපැයුමකි.

Image courtesy : http://www.ohdeedoh.com/ol-images/nursery/uploads/2007_11_13_auto%20flush%20toilet.jpg

Advertisements

6 responses to “කක්කුස්සි ටෙක්නොලොජි

  1. අර කිව්වත් වගේ වල අයිටම් එක ඔක්කොටම හොඳා හි හි.

    මට නම් ඔව්වගේ එකක් හම්බුනේ නැහ තාම.. හම්බෙන්න ඔව්වයෙ යන්න එපැයි. මම බැරිම උනොත් ඇරෙන්න ගෙදරින් පිට ඔව්වයෙ යන්නෙ නැහ නොවැ…

    එදා මෙදා තුර එකම වතාවක් ඔය ගුවන් ගමන් අස්සෙ යන්න ඕනිකමක් උනා.. බෑග් එක ලොකර් එහෙක දාල සල්ලි ගෙවල එද්දි ඕනිකම නැති වෙලා… හිහි

  2. පරිසර හිතවාදීන් විසින් අනුමත කරන ලද අළුත්ම පරිසර හිතවාදී ටොයිලට් ගැන: බදු සහන නිසා අළුත් ගෙවල් වලට හයි කරන මේවා වතුර ඩිංගයි පාවිච්චි කරන්නෙ. ඉතින් ඉස්සර එක පාරින් යන ඒවා යවන්න දැන් දෙතුන් වතාවක් වතුර ගහන්න වෙලා! වල කක්කුස්සිය නම් හොඳයි තමා, ඒත් ආසියානුවන්ට වගේ දණහිස් නමලා වාඩිගන්න ජානුගතව බැරි අය ඉන්නවානේ බටහිර රටවල.

  3. ඔය සෙන්සර් එක අතින් තත්ප‍ර 10 ක් විත‍ර වහගෙන ඉද්දී සෙන්සර් එකේ රතු ලයිට් එක එක දිගට නිවි නිවි පත්තු වෙනවා.එතකට ගන්නකො අත අහකට,ඔය ෆලශ් වෙන්නේ අගේටවත්.

  4. බොග වැඩෙත් එන්න එන්නම සංකීර්න වෙනවා වගේ 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )