‘බර’ කේස්


මේක මගේ හිතවතෙක්ට වෙච්චි දෙයක්.. අපි වගේ උදවිය පිට රටවල් වල ඉඳලා ලංකාවට එනකොට ගේන්න කියලා නොයෙකුත් බඩු ලැයිස්තු හම්බුවෙනවා.. ගෙවල් වල උදවියගේ ඉඳලා වටාපිටාවේ ඉන්න අයත් බඩුලැයිතු හදලා එවනවා ගේන්න කියලා… ඉතිං ඔය බඩු ලැයිස්තු වල තියෙන ඒවා ගේන්න ගියාම අබිලික් වෙන්නේ ‘බර’ කේස් තමයි..

පළමු ප්‍රශ්නය, බර පැන.. සල්ලි නැතුව කොහොමද ගේන්නේ? අනෙක් එක තමයි, බර.. බර කිව්වේ උස්සගෙන යන්න බැරි කම නිසා නෙවෙයි. ඔය ගුවන් යානා වල ගෙනියන්න පුලුවන් සීමිත බර ප්‍රමාණයක් නේ තියෙන්නේ.. බරපැන නම් ඉතිං අත මාරුවක් හරි කරලා විසඳාගන්න පුලුවන්නේ.. ඒත් බර ප්‍රශ්නේ තමයි ප්‍රධානම එක.. ඒකට ඉතිං බර වැඩි ගානට වැඩිපුර ගෙවන්න වෙනවා..ඉතිං ඕකට අපි ගොඩක් දෙනා කරන වැඩේ තමයි ඔය බඩු බාණ්ඩ වල ඇසුරුම් ඉවත් කරලා අවශ්‍යදේ විතරක් අරගෙන යන එක..

මම දන්න කියන කෙනෙක් ඉතිං මැද පෙරදිග ඉඳලා ලංකාවට යන්න යනකොට ඔය බර සෑහෙන ප්‍රමාණයකින් වැඩියි ලු. ඔහොම බර වැඩි උනාම ඉතිං හෙන ගානක් ගෙවන්න ඕන.. බර බෙදාගන්න දන්න කියන කෙනෙක්වත් ළඟ පාතක නෑ ලු. පොරත් ඉතිං බර අඩු කරගන්න ඔය එක එක ඇසුරුම් කඩලා අවශ්‍යය බඩුව විතරක් තියලා ඇසුරුම විසිකරලා දැම්මලු. කොහොම හරි එහෙම කරලා ඉවර උනාම කිලෝ 7ක් විතර බර අඩුවෙලා.. පොරටත් ඉතිං මාර සැටිස් ලු වැඩේට. කරපු වැඩේ ගැන ආඩම්බර වෙච්ච මිනිහත් ඉතිං මේ වගේ බර ඇසුරුම් දානවට කොම්පැනි කාරයන්ට බැන බැන ලංකාවටම ගියාලු.

කොහොම හරි ලංකාවට ගියාම තමයි මිනිහට තමන්ගේ ටිකිරි මොළේ ගැන වැටහිලා තියෙන්නේ… පොරගේ ගෙදර මායියාගෙන් විසුමක් නැලූ…

බැලින්නං පොර එදා එයාපොර්ට් එකේදී බර අඩු කරද්දී බිරින්දෑ එවලා තිබ්බ ලිස්ට් එකේ තිබ්බ බියුටි කුප්පි ( ඒ කිව්වේ ඔය ෂැම්පූ, ෆේස් වොෂ් අරවා මෙව්වා..) සහ පර්ෆියුම් වල ඇසුරුම් ටික ලස්සනට බෑග් එකට දාගෙන, බඩු ටික තමයි විසි කරලා තියෙන්නේ…

– – – – – – –

ඔය කතාව කියන්න මතක්වුනේ අද මට වෙච්ච අකරතැබ්බයක් නිසා..

ලොකු හිසේ රුදාවක් තියෙන නිසා පැරසිටමෝල් පෙති දෙකක් බොහොම අමාරුවෙන් කාර්යාලය පීරලා හොයාගත්තා.. ඒක බොන්න කියලා වතුර එකක් එහෙම අරගෙන ලෑස්තිවෙලා පෙති දෙක බොන්න බලනකොට තමයි වැඩේ තෙරුනේ… මම පෙති දෙක කුණුබක්කියට දාලා අර ප්ලාස්ටික් ඇසුරුම අතේ තියාගෙන!

වෙන වෙන දේවල් හිතේ තියාගෙන වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා තමයි.

Advertisements

3 responses to “‘බර’ කේස්

  1. මටත් ඔය වගේ ඒව වෙන්න අරන් ළඟදි ඉඳන්… කරන්න තියෙන වැඩත් එක්ක සේරම දේවල් ඔළුවෙ තියාගෙන ඉන්න බෑනේ… හොඳ වෙලාවට ෆෝන් එකේ රිමයින්ඩර්ස් කියල ජාතියක් තියෙන්නේ….

  2. පැනඩෝල් කේස් එකනම් මටත් සෑහෙන වෙන එකක්… ඔලුව විකාර වෙලා නේ බන්.

    බර කේස් එකට මම නම් කරන්නේ පෙට්ටි ටිකක් කලින් නැව්ට දානවා. ඒක ලාබයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )