කාන්තාරේට නැවතත් වැසි


අද ඔෆිස් එකේ ඉන්න ගමන් ටික වෙලාවකින් හොඳට ඇහිලා පුරුදු සද්දයක් ඇහෙන්න ගත්තා. ටිකක් සෝදිසි කරලා බැලුවා මොකද්ද කියලා. බලනකොට හොඳටම වහිනවා. ඔෆිස් එකේ කවුද ජනේලයක් ඇරලා තියලා, ඒ නිසා වහින සද්දේ හොඳට ඇහෙනවා. ඉතිං ජනේලේ ගාවට වෙලා වහින එක දිහා බලාගෙන හිටියා ටික වෙලාවක්. අපේ ජීවිත වලට වැස්ස ගොඩක් සමීපයි. ඒ නිසාමද කොහෙද ගියපාර වැස්ස වෙලාවෙත් මම පෝස්ට් එකක් ලිව්වා. මේ පාරත් ඕන් ලිව්වා.

දවල් දෙකටත් හොඳටම කළුවර වෙලා. පාරේ වතුර ගොඩේ වාහන ලයිට් දාගෙන යනවා බලගෙන ඉන්න අතරතුරේ තවත් පුරුදු සද්දයක් ඇහුනා. ඒ විදුලි කොටන සද්දයක්.

ලංකාවේ අපිට වහින එක ගොරවන එක බොහොම සාමාන්‍ය දෙයක් උනාට මැදපෙරදිග කාන්තාර වල ඉන්න අයට නම් විශේෂ දෙයක්. සාමාන්‍යයෙන් මේ කාන්තාර වලට වහින්නේ ඍතුවක් පටන් ගන්නකොට හරි ඉවර වෙනකොට හරි තමයි.

මේ රටවල් වල වැදි ජලය ගලා යන්න විධිමත් යටිතල පහසුකම් තියෙන්නේ ඉතා අඩුවෙන්. ඒ නිසාම දවසක් හරියට වැස්සොත් ඉතිං හැම තැනම වතුර තමයි. පසුගිය අවුරුද්දේ නොවැම්බර් වල සවුදි අරාබියට හොඳටම වැහැලා මහා ජල ගැල්මක් ඇතිවුනා. ඒ ගඟක් එහෙම උතුරලා නෙවෙයි. වැසි ජලය ගලා යන්නේ නැතුව.

ඒ සවුදියේ ජෙද්දා වල ගංවතුර කාලේ කවුදෝ කෙනෙක් ගත්තු පින්තූර තමයි ඔය තියෙන්නේ.

ගියපාර වැස්සෙන් නම් අපේ ලොකුම ලොක්කන්ගේ කාමර වලට වතුර ලීක් වෙලා තිබ්බා.. කෑදර කමට උන් ටික ඔෆිස් හදාගන්නේ උඩම තට්ටුවේ නේ. තව ටික වෙලාවක් යනකොට ආරංචි එයි.

Advertisements

4 responses to “කාන්තාරේට නැවතත් වැසි

  1. කාන්තාරෙට වහින එකෙත් අමුතු ගතියක් තියෙනවා වගේ…………

  2. මෙහෙටත් ඊයේ වැස්සා (ඩුබායි වලට..)….වැස්සක් කිව්වට පොඩි පොදයක් විතරයි… දෙයියෝ වැරදීමකින් චූ කරා වගෙ නිකන්… අද අහස දිහා බැලුවමනම් ආ.. ඊයෙ වැස්සද කියල අහස අපෙන් අහන්ටද වගෙ වලාකුලක්වත් නෑ…

  3. පුතා කිව්ව වගේ ඊයේ වැස්ස නේන්නං ඔෆිස් එකෙන් එලියට බහිනකොටම. ඉතින් හරිම සනීපයි ට්‍රැෆික් එකට සෙට් උනහම. පැය දෙකහමාරකට පස්සෙ යන්තන් ෂාජා වලට ආව. (වෙනදට යන්නෙ පැයයි ). දත කට මැදගෙන හිටියේ දිගටම වැස්සොත් අද ඔෆිස් යන්න ඕනෙ නැහැනේ පාරවල් යටවෙන නිසා .. . කොහෙද කරුමේ තමා . . . !

  4. මටත් හිතෙන්නෙ ඉඳලා ඉඳලා වහින එකේ මාර වෙනසක් දැනෙනවා ඇති. උඩ පින්තූරෙ නම් මරු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )