දේශපාලනයේ ‘නාකි’ සළකුණ.


ඇමති මණ්ඩලය ගැන විවිධ කතා වටින් පිටින් ඇසේ.

ඒවා කෙසේ උනත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක හොඳ වැඩක් කර ඇත. මෙවර, වයෝවෘද්ධ වැඩ කිරීමට පණ නැති ඇමතිවරුන් එකතුකොට “සීනියර් මිනිස්ටර්” ලා වශයෙන් වර්ග කර ඇත. මේ කැටගරියට වැටී සිටින්නේ අවුරුදු 65 ඉක්මවාගිය “පරිණත” නමුත් මැරෙනතුරු විශ්‍රාම නොයන දේශපාලඥයන් සමූහයකි.

මේ දේශපාලඥයන් ඔවුන්ගේ ජීවිත කාලය පුරා රටට වැඩ කලා විය හැකිය. එම හේතුව නිසාම කෘතගුණ සළකන්නට දන්නා ලාංකීය ජනයා ඔවුන්ට ඡන්දය දී හැම විටම පාර්ලිමේන්තුවට පත් කර එවයි. ඡන්දය දිනා එන්නට තරම් වැඩ කර නොමැති නම්, මේ “පරිණත” දේශපාලඥයන් කරන්නේ එවකට සිටින නායකයාගේ දෙපතුල සිඹ ජාතික ලැයිස්තුවෙන් මැම්බර් කෙනෙකු වීමය.

මෙවැනි “සීනියර්” දේශපාලඥයෝ සෑම ප්‍රධාන පක්ෂයකම සිටිති. වැඩිමනක් දෙනා වැඩක් නොකරන හෝ වැඩක් කරගන්නට නොහැකි දුර්වල තත්ත්වයකද සිටින්නෝ වෙති. අතීතය දෙස බැලූ විට හොඳම උදාහරණය නම්, දුබලව රෝද පුටුවේ සිටිද්දී, අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියයි.

බහුතරයක් රැකියාවන්ට විශ්‍රාම යා යුතු වයසක් පනවා ඇතත්, දේශපාලඥයන් සඳහා එය වළංගු නොවේ. රජයේ සේවකයන්ට විශ්‍රාම යා යුතු වයසක් පණවා ඇත්තේ එම වයසින් පසුව ඔවුන් එම කාර්‍ය කරන්නට ඵලදායී සහ අනුකූල නොවන නිසාවෙනි. එනිසාවෙන් දේශපාලන තල්ලුවකින් තොරව වයස 60 (හෝ 55) ඉක්මවාගිය අයෙක් ලාංකීය රාජ්‍ය සේවයේ ඇති ඉහළම තනතුර වන අමාත්‍යාංශ ලේකම් වරයෙක් ලෙසා තබාගත නොහැකිය. නමුත් අවුරුදු 60න් පසු ඵලදයී නොවන ලේකම් වරයා ඇතුළුව සමස්ථ අමාත්‍යාශයම පාලනය කිරීමට ඇමති වරයා ලෙස අවුරුදු 70 ඉක්මවූ අයෙක් පත්කරගත හැකිව තිබේ.. එවන් ඇමතිවරයෙක් ගෙන අමාත්‍යාංශයක් හරි හැටි පාලනය කිරීම අපේක්ෂාකිරීමද විහිළුවකි. එවන් දේශපාලඥයන් ගෙන් හොඳ හැටි පාලනයක් බලාපෙරොත්තු විය හැක්කේ බුද්ධසාසන අමාත්‍යාංශයම පමණකි. උදාහරණයක් ලෙස, මීට අවුරුදු 50කට පෙර විශ්ව විද්‍යාලයට/ පාසලකට ගිය අයෙක් හට අයෙක් අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් ලෙස සිසු ගැටලු හඳුනාගත හැකිවෙයිද?

අනෙකුත් රටවල් හා සාපෙක්ෂව ඉතා කුඩා රටක් වුවද, ලංකාවේ දේශපාලනය අනෙක් සෑම රටකටම නොදෙවෙනි වන්නට තරඟකාරී මඩ ජොහොරුවක් වී ඇත්තේය. චිරාත් කාලක පටන් මෙහි ප්‍රධානතම නයුවෝ වූවන් සියල්ලම පාහේ වයස අවුරුදු 60 ඉක්මවූ ‘නාකි’ දේශපාලකයෝයි . සාර්ථක දේශපාලඥයේක් වීමට අත්දැකීම් අත්‍යාවශ්‍ය බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. නමුත් අත්දැකීම සමඟ ජවය සහ හැකියාව මුහුවන්නේ නම් එතැන සාර්ථක නායකයෙකු බිහිවේ. බරක් ඔබාමා අමෙරිකාවේ ජනාධිපති වනවිට ඔහුට වයස අවුරුදු 48කි. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් 44 වියැතිය. නමුත් ලාංකීය දේශපාලනය හැඩ ගැසී ඇති රටාව නිසා, ලංකාවේ පසුගිය නායකයින් මෙන්ම අනාගත නායකයින්ද 60 පැන්න උදවිය වීම නොවැළවිය හැකි දෙයකි. ඔබාමා සමඟ සසදන්නට තබා, වයස 50 පිරෙන්නට පෙර ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක තුනෙන් එකක නායකයෙකු වීමට හැකිවූවෝ ඉතා අවමය. 1994දී යන්තම් වයස 49දී චන්ද්‍රිකා මැතිනිය එතැනට පැමිණියේ ඇගේ පවුල් පසුබිම නිසා මිසෙක දේශපාලන ප්‍රතිරූපය නිසා නොවන බව මාගේ වැටහීමයි.

සනත් ජයසූරිය වයස ඉක්මවා ක්‍රීඩා කරන විට බනින අප, නාකි දේශපාලඥයින්ට “දැන් ඇති ගෙදර යන්න” කියන්නේ නැත. හේතුව කුමක්ද? ක්‍රීඩකයන්ගේ හැකියාව සහ සඵල බව අපට මිණිය හැකි නමුදු, ඇමතිවරුන්ගේ සඵල බව කාටත් පැහිදිළිව නොපෙනේ.

තම කාලය පැමිණි පසු ඉවත්ව යන්නට පුරුදුවිය යුත්තේ සනත් ජයසූරිය පමණක නොවේ. පිනක් දහමක් කරගෙන එලොවට වැඩ සළසාගත යුතු වයසේ පසුවන මේ දේශපාලඥයින් අඩුම තරමින් 65 පැන්න පසුවත් ඒ අය එතැනින් ඉවත්වී, තරුණ සහ අනෙක් නැගී එන නායකන්ට ඉඩ සළසාදිය යුතුය.

Advertisements

7 responses to “දේශපාලනයේ ‘නාකි’ සළකුණ.

  1. \\දේශපාලඥයින් අඩුම තරමින් 65 පැන්න පසුවත් ඒ අය එතැනින් ඉවත්වී, තරුණ සහ අනෙක් නැගී එන නායකන්ට ඉඩ සළසාදිය යුතුය. ..\\
    මේ ඊයේ පෙරේදා කවුරුහරි පරිණත සංවේදි දේශපාලකයකුගේ ජන්ම දිනයක් සැමරුවා නේද ඔය ඉලක්කම පිරුණාම…( සමීරට ලඟදි ලංකාවට ගොඩබහින්ට අදහසක් නෑ වගෙ…)

  2. ලංකාවෙන් තුරන් විය යුත්තේ yes sir ක්‍රමයයි. උතුමා, එතුමා, සර් තියෙනතුරු රට දියුණුව කල් යනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )