Monthly Archives: දෙසැම්බර් 2010

මල්ලී, අද මෙයා ජීවත් වෙලා ඉන්නේ ඔයාලා නිසා..


මංගල රථය බාරව තිබුනේ මටයි. පෙරදා මහා රාත්‍රියේ මල් වලින් සරසාගත් කාරය හෝටලයේ පැත්තකින් ගාල් කර මම ගිහාන් ව හොයන්නට පටන්ගත්තෙමි. මගේ කෝට් එක ඌ ගාවය. ගිහාන්ගෙන් කෝට් එක ඉල්ලගෙන මමත් ගිහානුත් කොරිඩෝව දිගේ මංගල ශාලාවට පිය නැඟුවෙමු.

නේක වර්ණ ඇඳුමෙන් සැරසීගත් අය අතරින් එක කෙළවරක තිබුනු මේසයකට ගොස් අපි දෙදෙනා වාඩි වුනද මිතුරාගේ මගුල වෙනුවෙන් කළ යුතු තව බොහෝ දෑ ඉතිරිව තිබුනේය.

නොයෙක් වැඩ වලට ශාලාවෙන් පිටට ගියත්, ජෝඩුව පෝරුවට නඟින ටික හරියට බලාගත්තෙමි…

අප දෙන්නාගේම හොඳම මිතුරෙකු වන මනාල මහත්තයා පෝරුවේ චාරිත්‍ර ටික ඉවර වෙන තෙක්ම සීලිම දෙස බලන් හිටියේ හැමෝම ඌ දෙස බලා සිටින නිසා තිබූ ලැජ්ජාව නිසාද එහෙමත් නැත්තම් පෝරුව චාරිත්‍ර ටික දිග වැඩි නිසා දැයි මම කල්පනා කළෙමි. නොයෙක් වරක් ඌ අප දෙස බැලුවත් නැවතත් අහක බලාගත්තේ ඌට හිනා යන නිසාය. අප දෙදෙනාද හැකි තරමක් කලේ ඌව හිනා ගැස්සීමය. මේ විකාර ඉවර උන පසු මමත් ගිහානුත් නැවතත් කෙලවරේ මේසයක වාඩිඋනේ මහන්සිය නිසාම නොවේ, උගේ පෙරැත්තය නිසාය. ඌට ඒ වන විට හොඳ ලයින් එකක් වැඩ කරමින් තිබුනි. එක මඟුලකින් තව මඟුලක් ගොඩ යා හැකිව තිබූ නිසා මම කිසිවක් නොකීවෙමි.

ටික වෙලාවකින් අප අසළට පැමිණියේ දරුවෙක් වඩාගත් තවමත් තරුණ යැයි කිවහැකි කාන්තාවකි. වටේටම රේඩාර් දමමින් සිටි මට නම් ඇයගේ පැමිණීම පෙනුනත්, වැටී තිබූ ලයින් එක සුසර කරමින් උන් ගිහාන්ට නම් ඒ බව වගක් වූයේ නැත. දිගටම කියවන්න

Advertisements

සත්‍යම් සුන්දරම්


මේ මෑතකදී මට අපූරු පුද්ගලයෙක් මුණගැසුනා. ආගමින් ඔහු බෞද්ධයෙක්. නමුත් ඔහු සායි බාබා නැමැති ඉන්දියානු පූජකයාව දෙවිකොට අදහන්නෙක්. ඔහු මා හට කීවේ බුදුන් ජේසුතුමන් මිහිපිට නොමැති බවත්, මිනිස් වෙසින් සිටින එකම දෙවියා ශ්‍රී උත්තම සායි බාබා තුමා බවත්ය. ඒ බව පවසා, මටද ඒ දහම අදහන්නට එන්න යැයි කාරුණික ආරාධනාවක් කරන්නටද ඔහු අමතක කලේ නැත.

මිලියන 30ක පමණ බැතිමතුන් සමුදායක් රැගත් සායි බාබා තුමා දැනට ඉන්දියාවේ සිටින බැතිමතුන් විශාලම ප්‍රමාණයක් රැස් කොටගත් ස්වාමී වරයෙකි. මෙතුමා ඒතුමාගේ ‘දහම’ පැතිරවීම තුළින් ඇතිකරගත්තාවූ අතිමහත් ගෞරවය සහ හම්බකරගත්තාවූ මුදල් සමුදාය නිසා දැනට සමාජ සේවයේ නිරතවී සිටින අයෙක්.

‘ශ්‍රී සත්‍ය සායි බාබා’ තුමා තම බැතිමතුන් අතරට වී එතුමන් තුළ ඇතැයි කියන්නාවූ අධ්‍යාත්මික බලයක් හේතුවෙන් කරන්නාවූ විවිධාකාර මායාබන්ධන නිසා එතුමන් තුළ යම්කිසි දිව්‍යමය බලයක් ඇතැයි බැතිමතුන්ට ඒත්තුගන්වා තිබේ. ඒ නිසාම පසුගිය දශක දෙක තුළ ඒතුමා බහුරතයක් බැතිමතුන්ට දෙවි කෙනෙක් සේ වැඩ ඉන්නේය. මෙතුමා වෙනුවෙන් කැපවූ නේක විද උගතුන්ගෙන් සමන්විත විවිධ සංවිධානද රාශියක් පවතී. වෙනකක් තබා ඉන්දීය රාජ්‍ය නායකයන් පවා ඒතුමාට මහත් ගරුකරති. දිගටම කියවන්න