සත්‍යම් සුන්දරම්


මේ මෑතකදී මට අපූරු පුද්ගලයෙක් මුණගැසුනා. ආගමින් ඔහු බෞද්ධයෙක්. නමුත් ඔහු සායි බාබා නැමැති ඉන්දියානු පූජකයාව දෙවිකොට අදහන්නෙක්. ඔහු මා හට කීවේ බුදුන් ජේසුතුමන් මිහිපිට නොමැති බවත්, මිනිස් වෙසින් සිටින එකම දෙවියා ශ්‍රී උත්තම සායි බාබා තුමා බවත්ය. ඒ බව පවසා, මටද ඒ දහම අදහන්නට එන්න යැයි කාරුණික ආරාධනාවක් කරන්නටද ඔහු අමතක කලේ නැත.

මිලියන 30ක පමණ බැතිමතුන් සමුදායක් රැගත් සායි බාබා තුමා දැනට ඉන්දියාවේ සිටින බැතිමතුන් විශාලම ප්‍රමාණයක් රැස් කොටගත් ස්වාමී වරයෙකි. මෙතුමා ඒතුමාගේ ‘දහම’ පැතිරවීම තුළින් ඇතිකරගත්තාවූ අතිමහත් ගෞරවය සහ හම්බකරගත්තාවූ මුදල් සමුදාය නිසා දැනට සමාජ සේවයේ නිරතවී සිටින අයෙක්.

‘ශ්‍රී සත්‍ය සායි බාබා’ තුමා තම බැතිමතුන් අතරට වී එතුමන් තුළ ඇතැයි කියන්නාවූ අධ්‍යාත්මික බලයක් හේතුවෙන් කරන්නාවූ විවිධාකාර මායාබන්ධන නිසා එතුමන් තුළ යම්කිසි දිව්‍යමය බලයක් ඇතැයි බැතිමතුන්ට ඒත්තුගන්වා තිබේ. ඒ නිසාම පසුගිය දශක දෙක තුළ ඒතුමා බහුරතයක් බැතිමතුන්ට දෙවි කෙනෙක් සේ වැඩ ඉන්නේය. මෙතුමා වෙනුවෙන් කැපවූ නේක විද උගතුන්ගෙන් සමන්විත විවිධ සංවිධානද රාශියක් පවතී. වෙනකක් තබා ඉන්දීය රාජ්‍ය නායකයන් පවා ඒතුමාට මහත් ගරුකරති.

බෞද්ධයෙකු වශයෙන් මම එතුමා ගැන සැක උපදවාගත්තේ පොඩිකාලේ පටන් ය. අපේ නිවෙස් අසල යමෙක් දඹදිව චාරිකාවක් ගොස් පැමිණ සායි බාබාගේ බැතිමතෙක් වී, ඒතුමාගේ පින්තූර, වී.එච්.එස් පටි ගෙනා අපට පෙන්නූ හැටි මට තවම මතකය. එකල හතරේ පන්තියේ උන් මට ඉවෙන් මෙන් වැටහුනේ මෙතන යම්කිසි හොරයක් ඇතිබවක්ය. මට තිබූ එකම ප්‍රශ්නය වූයේ එක් පටයක පෙන්නුවාක් මෙන්, එතුමාට රන් රිදී මවා පෙන්විය හැකිනම් එක රැයෙන් ඉන්දියව ලොව පොහොසත්ම රට විය යුතුය යන හැඟීමයි. ඒ බව පැවසූ විට කුඩා මට ලැබුන පිළිතුර වූයේ “උඹ හිතුවද ඒක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා” කියන එක නම් මට තවමත් මතකය.

එතැනින් සෑහෙන අවුරුදු ගණනකට පසු අදත් එවැනිම සායි බාබා බැතිමතෙකු දැකීමේන් එක්තරා විදියකට මම වික්ෂිප්ත වූයෙමි. දැනට වසරකට පමණ පෙර, සායි බාබා තුමාගේ “බොරුව” බී.බී.සී මාධ්‍ය ජාලය මඟින් නිපදවූ වාර්තාවකින් පැහැදිලිව පෙන්වාදෙන ලදී. එවැනි හෙළිදරව්වකින් පසුවද මෙවැනි බැතිමතෙක් මුණගැසීම ඇත්තෙන්ම පුදුමයට කරුණකි.

වැඩිදෙනා හිතන්නේ ඉන්දියාවේ මිනිසුන් මෝඩ නිසා මේවාට හසුවන බවය. ලංකාවේ මිනිසුන්ද එ‍යට නොදෙවනිය. කළකට ඉහතදී “දොළුකන්දේ හාමුදුරුවෝ” කියා කෙනෙක්, පිරිත් වතුර බවුසර් ගණන් බෙදූවා තවම මතකය. ඒවාට සාදු සාදු කියා යන්නාවූ බැතිමතුන් කවදාවත් නිවැරදිව බුදු දහමේ හරය හඳුනාගෙන නොමැත.

‘සායි බාබා’ නැමැති සමාජ සේවකයා පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැතු වුවත්, එනම් සාස්තෲ වරයා කරන්නාවූ ප්‍රෝඩාව තවමත් ජනතාව අතරට පැහැදිලිව ගමන් කර නැති බව පැහැදිලිය. අති විශාල ප්‍රමාණයක් ‘සායි බාබා’ බැතිමතුන් සිටින ලංකාවේ මම වාර්තාව විකාශනය කරන්නට තරම් නිර්භීත රූපවාහිනී සේවයක් නැතුවාක් විය හැකිය. කෙසේ නමුත් තවමත් නොදන්නා අයට ඒ බව පෙන්වාදිය යුතු හෙයින් සායි බාබා තුමාගේ ප්‍රෝඩාව එම බී.බී.සී වාර්තාව උපුටාදක්වමින් මෙසේ සටහන් කර තබන්නෙමි. මෙසේ සටහන් කර තැබීමේ එකම අපේක්ෂාව මෙවන් ප්‍රෝඩාවන් හඳුනාගැනීමේ බුද්ධිය ව්‍යාප්ත කිරීම පමණකි. මෙය නැරඹීමේන් පසුවත් ‘සායි බාබා’ තුමා අදහන්නට යමෙක් නොපැකිලෙන්නේ නම් එහිද කිසිම වරදක් නැත.

කරන්නාවූ ප්‍රෝඩාවන් එකක් දෙකක් කෙටියෙන් නරඹන්න පහත වීඩියෝවෙන්.

බී.බී.සී වාර්තාව බලන්න මෙතැනින් >>

පළමු කොටස –

ඉතිරි කොටස් [2], [3], [4], [5], [6], [7]

Advertisements

11 responses to “සත්‍යම් සුන්දරම්

  1. devi kenekuta thibiya yuth gunanga monawada dannawada?
    1. nidimathen thora
    2.badaginnak nethi
    3.lokehi siduwana siyaluma dewal penena
    4.minisata samana kala noheki
    etccc…………………..

    please think this. if you think this basic fundemental things you will deside

    sri sai baba is normal ordinary man.

    thanks.

    aflal

  2. අද මට මෙ ගැන කතා කරන්න තරං නිදහසක් නැති උනත් උඔ කරලා තියෙන දේ හුගාක් වටිනවා මල්ලී…
    අපේ ඉන්න තරමක් ඉන්නේ අනුන්ගේ හාස්කම් වලින් නිවන් යන්නයි..හතර මහා නිධානය පහල කරවාගන්නයි බලං ඉන්න අය තමා…

  3. මට මතකයි ඉස්සර ස්කෝලෙ යන දවස් වල මේ යකාගෙ පොත් වාගයක් බුවෙක් දීල හැමෝටම බෙදන්න කිව්වා.අපි හැමෝම වාගෙ පිස්සු කෙල,කෙල මූත් තාම ඉන්නවා.

  4. 🙂 තවමත් සායිබාබා අදහන අය සිටිනවා යැයි මා ද දැනගත්තා!!

  5. cheap magic tricks, targeted marketing, and a good PR can take one a long way among the distressed.

  6. නියමයි මචං… මේවගේ දේවල් වලින් අපේ මිනිස්සුන්ව දැනුවත් කරන එක නම් හොඳ වැඩක්.

  7. පිටකොටුවේ පදික වේදිකාවෙ මම ඕන තරම් දැකල තියෙනව අතේ තියේන මැජික් පොල්ල දෙකට නමල ඒක පරෙයියෙක් කරනව. ඒ වගේම සායි තුමාගෙ මැජික් වැඩ ගැනත් ඕන තරම් අහල තියෙනව.
    මටත් තියෙන ප්‍රශ්නෙ තමා;
    1. ඇයි මෙතුමට බැරි නියං තියෙන රටවල් වලට ගිහින් වැස්ස ලබා දෙන්න.
    2. ඔය යුද්ධ තියෙන රටවලට ගිහින් අතුරල තියෙන බිම් බෝම්බ ටික අහුලල දාන්න.
    3. එතුමා ජීවත් වෙන ඉංදියාවම බලන්න අමු නරකාදියක් නේද ?

    හැබැයි හොඳ පැත්තකුත් තියෙනව. කෙනෙකුට පිරිස් බලය ලැබෙන්න හොඳ වාසනාවන්තයෙක් වෙන්න ඕන. මෙතුමා අංග සම්පූර්ණ රෝහලක් හදල තියෙනව.

    අපේ රටෙත් එක එක කාලේට වයිවාරන්න මැජික් කාරයෝ මතුවෙනව. ඊටත් වඩා වේගෙන් ඒ අය නැති වෙලා යනව.
    කොහොම වුනත් ඉංදියන් කාරයො මොළ කාරයො උනාට රවටන්න ලේසියි.
    අලි මෝඩයෝ. මම දැක්ක පත්තරේ.. සාපයකින් ගැලවෙන්න මිනිහෙක් බැල්ලියක් කසාද බැන්ද කතාවකුත්.

  8. මේ රටේ උන්ට කියලා වැඩක් නෑ බන්! මම ෆේස්බුක් පබ්ලිසිටියක් දුන්නා! බලමු කවුරුත් මොකුත් කියයිද කියලා!

  9. ඒබ්‍රහම් ටී කොවූර් මහතාගේ පොත් වලත් මේ වගේ සායිබබා ඇතුලු විවිධ පුද්ගලයන්ගෙ මැජික් ගැන හෙළිදරවු කිරීම් කරල තිබ්බ.
    හොඳ ලිපියක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )