බ්ලොග් වගේද ජීවිතේ හැක් උනාම?


සෑහෙන කාලෙකින් මොනවත් ලියන්න බැරිවුනේ අර කතන්දර ශුරීන් කියනවා වගේ ‘රයිටර්ස් බ්ලොක්’ එක හැදිලනම් නෙවෙයි ඕන්. කියන්න සහ ලියන්න දේවල් එමටයි. නොලියපු මාස දෙක තුන ඇතුලත වෙච්ච සිද්ධි ටිකම ඇති වෙන බ්ලොග් එකක් කරන්න.

හැබැයි අහුවෙන හැම වෙලාවකම ඇවිත්, දන්න කියන බ්ලොග් කීපයක් බලලා යන්න අමතක කරේ නම් නෑ. හැබැයි කොමෙන්ටු දාන හැටි නම් බලෙන්ම අමතක කරලා දැම්මා. අද ඉඳලා ආයෙත් ටික ටික වැඩේ පටන්ගන්න ඕන.

අපි හැඩගැහිලා ඉන්න ජීවිත රටාවකින් මිදිලා, වෙනසක් කරාම, ආයෙත් පුරුදු ජීවිතයට එන්න පොඩ්ඩක් අමාරුයි. ඇතෑරලා දාලා තිබ්බ නිසා දැන් සිංහල ට්යිප් කරන්නත් බෑ වගේ. වැඩේ කොච්චර සීරියස්ද කියලා කියනවා නම්, මට වර්ඩ් ප්‍රෙස් එකට ලොග් ඉන් වෙන්නේ කොහොමද, පාස් වර්ඩ් එකයි, යූසර් නේම් එකයිත් අමතක වෙලා තිබුනේ….හිතෙන හිතෙන පාස්වර්ඩ් ගහල බැලුවා.. ම්හූ.. ලොග් වෙන්නේ නෑ..

මේ දවස් වල හෝ.. හෝ.. ගාලා බ්ලොග් හැක් වෙන නිසා මමත් පැත්තකට ගිහින් කල්පනා කලා මගේ බ්ලොග් එක හැක් වෙලා වත්ද කියලා. කෙලින්ම හිතට ආවේ මගේ බ්ලොග් එක හැක් කරන්න තරම් ‘සිරා’ බ්ලොග් එකක්ද කියන එකයි.

ඔය හැක් කරනවා කියන්නේ කාගේ හරි දේකට අනවසරයෙන් ඇතුල් වෙලා ඒකේ පාලනය සියතට ගන්න එක නේ… එක එක ක්‍රම වලින් එහෙම පාලනය අතට ගන්න පුලුවන්.

සමහරු හොරෙන් රිංගලා පාලනය අතට ගන්නවා..

සමහරු යාලු වෙලා වගේ ඉඳලා හිමීට ඇතුලට ගිහින් පාලනය අතටගන්නවා…

සමහරු නම් සව කැමැත්තෙන්ම හැක් වෙන්න දීලා බලං ඉන්නවා…

ඒ අතරේ තමන් හැක් වෙලාය කියල නොදන්න උදවියත් එමට ඉන්නවා.

අඩේ එහෙම බැලුවම බ්ලොග් සහ වෙබ්සයිට් විතරක් ද හැක් වෙන්නේ?

රටවල් පිටින් හැක්වෙලා තියෙනවා නේ.

උඩින් ලියලා තියෙන විදියට අර්ථදැක්වුවොත්, අපේ ලංකාවත් කීප විටක්ම හැක් වෙලා තියෙනවා. මුලින්ම එකා එකා සුද්දෝ ඇවිල්ලා Brute Force ඇටෑක් එකක් දීලා බැලුව ලංකාව හැක් කරන්න… මොණරවිල කැප්පේටිපොලා වගේ කට්ටිය එකතුවෙලා ලංකාවේ Key Size එක වැඩි කරලා…, ගල් පෙරලලා…. සුද්දන්ගේ IP එක බ්ලොක් කරපු නිසා බේරුනා…

පස්සේ ඉතිං හීන් නූලෙන් ඇඩ්මින්ලා එකා එකා බාවගෙන සුද්දා ලංකාව හැක් කරා. ඒ ලංකාවේ. රටවල් හැක් වීම ගැන වැඩි උදාහරණ ඕනේ නම් ඔය ගඩාෆි ලා මුබාරක් ලා අවුරුදු 30ක් 40ක් හැක් කරන් ඉන්නේ?

මම අර කිව්වා වගේ තමන් හැක් වෙලාය කියල නොදන්න උදවියත් ඉන්නවා, හරියට ලංකාවේ අපි වගේ. ලංකාවේ අපිට නම් හැක් කරාය කියලා ගානක් නෑ… සැරින් සැරේට ඕන එකෙක් හැක් කරලා ගියදෙන්, ඕ. පූ. කියලා ඉන්න අපි දස්සයෝ.

ටික වෙලාවක් මෙහෙම කල්පනා කරනකොට සද්දයක් ආවා මෙන්න මෙහෙම.

“මොකද්ද සමීර… දැන් ඔය ඉන්ටර්නෙට් එකේ හිටියා ඇති අනේ.. එන්නකෝ… මේකෙ ලුණු ඇතිද බලන්නකෝ…”

ඒක ඇහුනට පස්සේ තමයි මට තේරුනේ…

බ්ලොග්, වෙබ්සයිට් සහ රටවල් නම් මදෑ… ජීවිතත් හැක් වෙනවා කියලා…

පහුගිය ජනවාරි 21 වෙනිදා ඉඳලා මගේ සිස්ටම් පාස්වර්ඩ් එකත් හැක් කරලා… ජීවිතේ හැක් කරලා… ඔක්කොම වෙනස් කරලා…

හරියටම කිව්වොත් හැක් වෙන්න දීලා මම කැමැත්තෙන්ම හිටියා…ඉස්සර ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ හැක් වෙවී තිබුනේ, නමුත් දැන් නම් චකබ්ලාස් වෙලා තියෙන්නේ… දැන් ඇඩ්මින් වෙනස්… ඒ නිසා තමයි මේ බ්ලොග් ලියන්න වෙලා මදි වෙන්නේ…

දැන් මගේ ඩේලි ටාස්ක් ටික වෙනස්. ඉස්සර නම් ෆුල් ආතල් එකේ රට වටේ, ලෝකේ වටේ ට්‍රිප් ගිය මට, දැන් සම්බාධක දාලා තියෙන්නේ… බ්ලොග් ලියන ඒවා, ෆේස්බුක් යන්න, චැට් කරන ඒවා ටාස්ක් ලිස්ට් එකෙන් හැලිලා තියෙන්නේ. ඒ වෙනුවට තියෙන්නේ අලුත් ටාස්ක්.

* උයන පිහන කෑම වල ලුණු/මිරිස් හරිදැයි බැලීම.
* ඉස්සෝ / මාළු සුද්ද කිරීම.
* ළුණු කැපීම, බොන්චි වල නුල් ගැලවීම.
* ගෙවල් දොරවල් අස් පස් කරන්න උදව් වීම.
* ඇඩ්මින් එක්ක මා’කට් යෑම.
* පිලිවෙලකට ඉන්න ඉගෙන ගැනීම. ( ඇඩ්මින් ගේ ලොකුම කම්ප්ලේන් එක තමයි මගේ කිසිම දේක පිළිවෙලක් නැති වීම.)

ඔය වගේ කිව් නොකිව් රාජකාරි ගොඩයි.

බ්ලොග් එකක් හැක් උනාම අලුත් එකක් පටං ගන්න පුළුවන්. ඒත් ජීවිතේ හැක් උනාම? දෙවෙනිපාර කරන්න බෑ ඒවා..

මොනව උනත්, මෙහෙම හැක් වෙලා ඉන්න එකෙත් ජොලියක් තියෙනවා. කෑම ටික අතට ලැබෙනවා.. රෙදිටික ඔටෝ හෝදල එනවා, අඳින්න ඕන ඇඳුම අයන් වෙලා සීරුවට ඇඳ උඩ තියෙනවා.. මාර ගති…

හැක් නොවුන කට්ටිය හැක් වෙලාම බලන එකයි තියෙන්නේ…

Advertisements

16 responses to “බ්ලොග් වගේද ජීවිතේ හැක් උනාම?

  1. මගෙන් සුභ පැතුම් ජීවෙතේ “හැක්” කරගත්තට 😀

    අර ඇඩ්මින්ලව බාගෙන ලංකාව හැක් කරපු කතාව නම් එලම කිරි

  2. අම්මප ඇත්තම කතාව, සමීර මලේ,

    ඕකෙ මෙහෙම දේකුත් තියනව, කිව්වම මොකද?, ඇත්ත කියන්න එපාය,

    හැක් වෙච්ච ජීවිතේට පුරුදු වෙලා කාලයක් යනකොට ඒකට පුරුදු වෙනවා, ඒකට ඇබ්බැහි උනාම හදිස්සියෙම ආයෙ තමන්ම ඇඩ්මින් උනාම මාරම අප්සෙට්,

    මොනව කරගන්නද කියල හිතාගන්න බැරුව අන්ද මන්ද වෙනවා,

    මට සෑහෙන කාලයක් ගියා හැක් වෙලා තිබ්බ ඒ සොඳුරු යුගයෙන් නැවත මේ විදිහට හැඩගැහෙන්න, හෙහ්, හෙහ්, ඔන්න ඕක තමයි ඇත්තම කතාව,

  3. “උඩින් ලියලා තියෙන විදියට අර්ථදැක්වුවොත්, අපේ ලංකාවත් කීප විටක්ම හැක් වෙලා තියෙනවා. මුලින්ම එකා එකා සුද්දෝ ඇවිල්ලා Brute Force ඇටෑක් එකක් දීලා බැලුව ලංකාව හැක් කරන්න… මොණරවිල කැප්පේටිපොලා වගේ කට්ටිය එකතුවෙලා ලංකාවේ Key Size එක වැඩි කරලා…, ගල් පෙරලලා…. සුද්දන්ගේ IP එක බ්ලොක් කරපු නිසා බේරුනා…

    පස්සේ ඉතිං හීන් නූලෙන් ඇඩ්මින්ලා එකා එකා බාවගෙන සුද්දා ලංකාව හැක් කරා. ඒ ලංකාවේ. රටවල් හැක් වීම ගැන වැඩි උදාහරණ ඕනේ නම් ඔය ගඩාෆි ලා මුබාරක් ලා අවුරුදු 30ක් 40ක් හැක් කරන් ඉන්නේ?”

    මරු අනේ…..මරේ මරු

  4. මාස දෙකක් හැක් වෙලා උඹ අඩනවනේ. මම හැක් වෙලා අවුරුදු 30 ක් !. ඕන්න අහගනින් ලිස්ට් එකේ ඉතුරු ටික.
    * වැරදිලාවත් පාරෙ යන වෙන අංගනාවක් දෙස ඇස්කොනින් හෝ/ රහසෙන්වත් බැලීම. (එදාට ඉතින් එලියේ බුරු ඇඳේ නිදාගන්න වෙනවා )
    * මම වැඩ කරල ගන්න පඩිය, පේ ස්ලිප් එකේ තියන ගානට වෙනස් ආකාරයකට පොකට් එකේ තිබීම. (අඩුවෙන් නම් සොරිම තමයි. වැඩියෙන් එහෙම තිබුණොත් එක්ස්පලනේෂන් ! ඒත් සොරිම තමයි.)
    *බැරි වෙලාවත් ඇඩ්මින්ගෙම කෙස් ගහක් මගේ කමිසයේ පැටලිල තිබුනොත්, නන්නත්තාරයි.
    *ප්‍රමාද වී පැමිණිම- බරපතල ක්‍රිමිනල් කේස් එකක්.
    *උදෙන්ම වැඩට ගියොත්එයිට වඩා ක්‍රිමිනල්.
    * පොඩ්ඩක් රත්වෙන්න ඕනෙ නම්- අමතක කරල දාන්න ඒ සබ්ජෙක්ට් එක.
    * යාලුවෝ හමු වීම- අවසර පතක් ඇතිව පමණයි.
    * ඉස්සරලම කියනවා ” මෙයා වහිනාවා නේද, එලියෙ වැලේ තියන රෙදි ටික ගන්න කියලා. ටික දවසකින් කියනවා, මේ රෙදි ටික වැලේ වනන්න කියල. ආයෙත් ටදක දවසකින් කියනවා රෙදි ටික හෝදන්න කියල. ටික දවසක් යනකොට මේ සේරම එකට එකතු වෙනවා. ඊට පස්සෙ හෝදල, වේලල, ගෙට ඇරගන, අයන් කරල නමල තියන එක රාජකාරියේ කොටසක් වෙනවා
    * අවුරුදු ගානක් ගියාටය පස්සෙ කියනවා “ළමයි ඇහැරලා ඉන්නේ” කියලා.
    * අවුරුදු 10 ක් 15 ක් විතර ගියාට පස්සේ කියනවා, තමුසෙට මොන විසයක්ද ඕයි තියෙන්නේ කියලා.
    * අවුරුදු 20 ක් විතර ගියහම ” රුං පෙත්ත කැරකෙනවා, කෝම් පිට්ටු ඉදිවෙනවා ” කියන සිංදුව ගැන ෆුල් ආවර්ජනාවක් කරන ගමන් සගරාවකට හරි පත්තරයකට හරි ලස්සන ලිපියක් ලියවෙනවා.
    *අවුරුදු 30 ක් විතර උනහම, මේ උගුලට අහුවුන බාල වයස්කාරයන්ට උපදෙස් දෙනවා . හරියටම මේ මම වගේ. !!

    • අම්මපා සෙටිපිකේට් ඇත්ත… මසුරං කතාව….
      මම නම් ඉන්නේ තවම 10-15 අතරේ…
      හැබැයි පාරෙ යන ළලනා කතා , උදෙන් යනඑකට රෑ වෙලා ගෙදර එන එකට, මඳ පමණට සැළෙන එකට නම් බාධක තහංචි නෑ…
      ඒ වුනාට මට තියෙන නීතිය තමයි,

      “මෙනු එක කියෙව්වට කමක් නෑ, කන්න එපා….” කියන නීතිය….
      කාලා අහු වුනොත් නම් එදා ඉඳලා ගෙදර බත් නෑ… කසාදෙත් ඉවරයි…

      මේ උගුලෙ හැටි වැටිලම දැනගන්න ඕන… මමත් දැන දැනම වැටුන එකයි දුක…
      ඒත් ඉතිං මොනව කරන්න ද?
      ගහපු බෙරේ බැඳගන්නයි,බැඳගත්ත බෙරේ ගහන්නයි වෙනවනේ…

      අමාරුවෙ වැටුන එක ගැන සමීරට සුබ පැතුම්…
      මයි කොන්ඩෝලන්සස් කිවුවා… ඕං

  5. ෂහ්…. එළ කතාව.
    ඒ වගේම හොඳ කමෙන්ටු ටිකකුත්. (Sp. Ravi :D)

  6. හැක් වෙන එකත් හරි තැනකට හැක් උනොත් මාර ෆන් ………. නැත්නම් ඉතිං අපායක් තමයි මුලු ජීවිතේම……………..

  7. අනේ මටත් ආසයි හැක් වෙන්ට

  8. ශා මරු කතාව…කිව්වත් වගේ ජිවිතේ ලස්සනට හොදට හැක් උනොත් හොදයි.නැත්නම් හැක්ම තමයි..

  9. අහ්..උඹ ඉන්නවා නේද..?ඒකම මදෑ..
    හැක් වෙලා හරි මෙහෙමවත් දකින්න හම්බ උන එකනං බොහෝම වටිනවා…
    අර කටුවා උන්නැහේ කියා ඇති පරිදි සොඳුරු හැක් වූ ජීවිතයක උරුමය උඹට ලැබේවා..!

  10. හැක්..! හිහ් මේ කියන විදියේ හැක් වීම් ගැන කියන්න ගියොත් ඉතින් ඇඩෙනවා..!

  11. හැක් උනාට පස්සේ මෙහෙම ඉඳල හිටලා හරි දකින්න තියන එකත් ලොකු දෙයක්නේ අප්පා.

  12. රවි අයිය කියන විදිහට ජීවිතයක් හැක් වුනාම හරි සුන්දරයි නෙව. මාත් දන්නව එහෙම අය ගැන. තමන්ගේ ජීවිතේ හැක් වෙයි කියල හරි බයෙන් හිටිය තරුණ වියේ කොල්ලෙක්ව අම්මල තාත්තල මැදි වෙලා බලෙන්ම හැක් කරවල .

    ටික කලක් ගියහම හේ මනුස්සයට හිතිල තියෙනවා. කොච්චර හොදද හැක් වුන එක කියල. වැඩි කතා බහ නැති මනුස්සය. ඉස්සර තමන්ගෙ වැඩ ඔක්කම කරගෙන තියෙන්නේ තනියම. හම්බුන නෝන මහත්තයා හරිම සම්ප්‍රදායික බිරිදක්.

    කවදාවත් බිරිදට ආදරෙයි කියලවත් මේ මනුස්සය කියල නැහැ.කන්න බොන්න උයල දෙනවා. රෙදි සෝදල වේලල දෙනවා. ඇදුම් මැදල දෙනවා. සපත්තු පොලිෂ් කරල දෙනවා. මොන සැපද ? ඉතිං ඔහොම ඉන්න කොට නෝන මහත්තය හදිසියේම ජීවිතෙන් සමු ගත්ත.

    දන්නව ද ඒ මනුස්සයට වුන දේ. තමුන්ගේ මේස් කකුලක් වත් තනියම සොයා ගන්න බැහැ. මෙලෝ වැඩක් කර ගන්න බැහැ. හරියට අම්ම කෙනෙක් අත ඇරල දාපු බිලිදෙක් වගේ… නෝනගේ මරණින් පස්සෙ ඉස්ඉස්සෙල්ලම වැඩට යන්න ලේස්ති වෙන්න ගියහම තමයි ඒ මනුස්සයට දැනිල තියෙන්නේ. මොකක් ද ? ආදරය.

    ජීවිතේ පලමු වරට තමන්ගේ නෝන ගැන අප්‍රමාණ සෙනෙහසක් ඒ මනුස්සය තුල ඉපදුනේ නෝන මහත්තය මැරුණ ගියාටත් පස්සේ.

    හැක් වෙන ජීවිත හැක් වෙන්නේ හරියටම අදාල බලධාරියා යටතේ නම් ජීවිතේම ලස්සනයි. නැති නම් හිතේවි හැක් වුනාට වඩා මම මැරිල ගියානම් මොන තරම් හොදද කියල…..

  13. අප්පටසිරි උඹත් විහින් හැක් කොර ගත්තාද . . ඉතිං මොකේදැයි දන් වලඳන්නේ කිව්වලු. හික්ස්

    හා හා එහෙනම් ජනවාරි 21 නම් තාම මාස දෙකයිනේ . . .

    හැමදේම පරිස්සමින් කියලා තමයි ඕන් කියන්න තියෙන්නේ.

    පෝස්ට් එකත් කොමෙන්ට් ටිකත් පට්ට සිරා ඈ . .

  14. හැක් වෙම්දෝ නොවෙම්දෝ 🙂

  15. පින්ග්කිරීම: ලර්නර්ස් සපත්තු… | සීත සමීරෙන්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )